Skip to content

පටුනට යන්න

හැඳින්වීම

හැඳින්වීම

පවුලේ සතුටට යෝජනා 12ක්

පවුල් අවුල් වෙන හේතු ගැන අද අපිට ඕන තරම් අහන්න ලැබෙනවා. ඒ නිසා පවුලේ හැමෝටම ආදරෙන් ඉන්න උදව් වෙන්නේ මොනවාද කියලා අපි මේ සඟරාවෙන් බලමු.

  • 1990ත් 2015ත් අතර කාලයේ එක්සත් ජනපදයේ අවුරුදු 50ට වැඩි යුවළයන් දික්කසාද වෙන ප්‍රතිශතය දෙගුණයකින් වැඩි වෙලා. අවුරුදු 65ට වැඩි යුවළයන් දික්කසාද වෙන ප්‍රතිශතය තුන්ගුණයකින් වැඩි වෙලා.

  • සමහර විද්වතුන් කියනවා දරුවන්ව නිතරම අගය කරන්න ඕනෙ කියලා. තවත් අය කියනවා දරුවන්ට තදින් ඉන්න ඕනෙ කියලා. ඒ නිසා හරි දේ මොකක්ද කියලා දෙමාපියන්ට හිතාගන්න බැහැ.

  • වැඩිහිටි වියට පය තියන හුඟක් යෞවනයන් ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් කොහොමද කියලා දන්නේ නැහැ.

කොහොමවුණත් අපි මේ කරුණු තුන මතක තියාගමු.

  • විවාහක යුවළකට හැමදාම සතුටින් එකට ඉන්න පුළුවන්.

  • දරුවන්ව ආදරෙන් හික්මවන විදිහ ඉගෙනගන්න දෙමාපියන්ට පුළුවන්.

  • අනාගතයේදී වැඩිහිටියන් විදිහට සාර්ථක ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා ඉගෙනගන්න යොවුන් දරුවන්ට පුළුවන්.

ඒ කොහොමද? ඒකට උදව් වෙන යෝජනා 12ක් දැන් බලමු.