Skip to content

පටුනට යන්න

2 අපි විඳින දුක් වේදනාවලට වග කියන්න ඕනෙ අපිමද?

2 අපි විඳින දුක් වේදනාවලට වග කියන්න ඕනෙ අපිමද?

ඒ ගැන හිතලා බලන්න ඕන ඇයි?

ඒක එහෙමනම් අපි විඳින දුක් වේදනා අඩු කරගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ.

මේ ගැන හිතන්න

පහත සඳහන් දේවලට මිනිසුන් කොයි තරම් දුරට වග කියන්න ඕනෙද?

  • හිංසනය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණන් බැලීමකට අනුව වැඩිහිටියන් හතරදෙනෙක්ගෙන් එක් කෙනෙක් එයාලගේ ළමා කාලයේදී ශාරීරික හිංසනයට ලක් වෙලා තියෙනවා. ඒ වගේම කාන්තාවන් තුන්දෙනෙක්ගෙන් එක් කෙනෙක් එයාලගේ ජීවිත කාලයේදී ශාරීරික හිංසනයකට හරි ලිංගික අතවරයකට හරි (ඒ දෙකටම හරි) ලක් වෙලා තියෙනවා.

  • වියෝදුක.

    ලෝක සෞඛ්‍ය සංවිධානය පළ කරපු වාර්තාවකට අනුව “මුළු ලෝකේ පුරාම 2016දී මිනී මැරුම් 4,77,000ක් සිද්ධ වෙලා තියෙනවා.” ඊට අමතරව ඒ අවුරුද්දේදීම යුද්ධ සහ මතගැටුම් නිසා මිනිසුන් 1,80,000ක් මරණයට පත් වෙලා තියෙනවා කියලා ගණන් බලා තියෙනවා.—World Health Statistics 2018.

  • සෞඛ්‍ය ගැටලු.

    ලේඛකයෙක් වන ෆ්රෑන් ස්මිත් පළ කරපු ලිපියක මෙහෙම සඳහන් වෙනවා. “ලෝකේ පුරා බිලියනයකට වඩා වැඩිදෙනෙක් දුම්පානය කරනවා. මිනිසුන් මැරෙන්න හේතු වෙන ප්‍රධාන රෝග පහක් වන හෘදයාබාධ, ආඝාතය, ශ්වසන පද්ධතියේ ආසාදන, නිදන්ගත පෙණහලු රෝග, පෙණහලු පිළිකා ඇති වෙන්න දුම්පානය බලපාලා තියෙනවා.”—National Geographic.

  • සමාජ විෂමතා.

    මනෝවිද්‍යාඥයෙක් වන ජේ වොට්ස් මෙහෙම කියනවා. “පන්ති භේද, ජාති භේද සහ ලිංග භේද නිසා අසාධාරණයට ලක් වෙද්දීත් දුප්පත්කම, අවතැන් වීම, තරඟකාරිත්වය වගේ දේවලට මුහුණ දෙද්දීත් මානසික ගැටලු ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.”

    තවත් දැනගන්න

    jw.org වෙබ් අඩවියේ ‘දෙවියන් පොළොව නිර්මාණය කළේ ඇයි?’ කියන වීඩියෝ එක බලන්න.

බයිබලයේ කියන දේ

මිනිසුන් විඳින දුක් වේදනාවන්ගෙන් වැඩි හරියකට වග කියන්න ඕනෙ මිනිසුන්මයි.

මිනිසුන්ට සේවය කරනවායයි කියලා කියාගන්නා ඒත් එයාලව හිංසාවට පත් කරන පාලකයන්ම තමයි හුඟක් දුක් කරදර ඇති කරලා තියෙන්නේ.

“මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කර ඇත.”දේශනාකාරයා 8:9.

දුක් වේදනා ඇති වෙන එක අඩු කරගන්න අපිට පුළුවන්.

නිරෝගී සෞඛ්‍යයක් පවත්වගන්නත් හොඳ බැඳීම් පවත්වගන්නත් බයිබල් ප්‍රතිපත්ති උදව් වෙනවා.

“සන්සුන් මනසක් ගතට සුවයකි. නමුත් ඊර්ෂ්‍යාසහගත සිතුවිලි නිසා ඇටකටු දිරා යයි.”හිතෝපදේශ 14:30.

“දැඩි වෛරය, උදහස, කෝපය, කෑගැසීම, නින්දාසහගත කතා මෙන්ම වෙනත් නපුරු දේවල් ඔබේ ජීවිතයෙන් දුරස් කරන්න.”එෆීස 4:31.