Skip to content

පටුනට යන්න

1 දුක් වේදනාවලට වග කියන්න ඕනෙ දෙවියන්ද?

1 දුක් වේදනාවලට වග කියන්න ඕනෙ දෙවියන්ද?

ඒ ගැන හිතලා බලන්න ඕන ඇයි?

දුක් වේදනාවලට වග කියන්න ඕනෙ දෙවියන් කියලා විශ්වාස කරන නිසා හුඟක් අය දෙවියන්ව ප්‍රතික්ෂේප කරනවා.

මේ ගැන හිතන්න

හුඟක් ආගමික නායකයන් උගන්වනවා දුක් වේදනාවලට වග කියන්න ඕනෙ දෙවියන් කියලා. එහෙමත් නැත්නම් ඒක එහෙමයි කියලා ඇඟවෙන විදිහට එයාලා දේවල් කියනවා. උදාහරණෙකට සමහරු මෙහෙම කියනවා.

  • ‘ස්වාභාවික විපත් ඇති වෙන්නේ දෙවියන් මිනිසුන්ට දඬුවම් කරන නිසයි.’

  • ‘දරුවන් මැරෙන්නේ දෙවියන්ට තව දේවදූතයන්ව ඕනෙ නිසයි.’

  • ‘බොහෝ දුක් වේදනා ඇති කරන යුද්ධවලදී දෙවියන් පැති ගන්නවා.’

ආගමික නායකයන් දෙවියන් ගැන කියන දේවල් බොරුවක් වෙන්න පුළුවන්ද? එයාලා උගන්වන්නේ බොරු නම් දෙවියන් එයාලව පිළිගනියි කියලා හිතන්න පුළුවන්ද?

තවත් දැනගන්න

jw.org වෙබ් අඩවියේ ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එක බලන්න.

බයිබලයේ කියන දේ

දුක් වේදනාවන් ඇති කරන්නේ දෙවියන් නෙවෙයි.

බයිබලයේ සඳහන් කරලා තියෙන ඔහුගේ ගුණාංග ගැන හිතද්දී ඒක හොඳින්ම පැහැදිලි වෙනවා.

‘දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි. දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.’ද්විතීය කතාව 32:4.

“සැබෑ දෙවි කවදා හෝ දුෂ්ට ලෙස ක්‍රියා කරයිද? සියලු බලැති දෙවි අයුක්තියක් කරයි කියා සිතිය හැකිද? එවැනි සිතුවිල්ලක්වත් ඔහුගේ සිතට පහළ වන්නේ නැත.”යෝබ් 34:10.

‘සියලු බලැති දෙවි අසාධාරණයක් සිදු කරන්නේ නැති බව ස්ථිරය.’යෝබ් 34:12.

දෙවියන් තමන් ගැන බොරු උගන්වන ආගම් ප්‍රතික්ෂේප කරනවා.

දුක් කරදර ඇති කරන්නේ දෙවියන් කියලා උගන්වන, යුද්ධවලට සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට අනුබල දෙන ආගම් ඒ අතරට අයිතියි.

‘අනාගතවක්තෘවරු මාගේ නාමයෙන් බොරු අනාවැකි පවසති. මම ඔවුන්ව එව්වේවත් ඔවුන්ට එවැනි දේවල් කිරීමට අණ කළේවත් ඔවුන් සමඟ කතා කළේවත් නැත. ඔවුන් ඔබට ප්‍රකාශ කරන්නේ බොරු දර්ශනය. ඔවුහු තම වංචනික සිතුවිලිවලට අනුව අනාවැකි ඔබට ප්‍රකාශ කරති.’යෙරෙමියා 14:14.

යේසුස් ආගමික කුහකකම් හෙළා දැක්කා.

“ස්වර්ගයෙහි සිටින මගේ පියාණන්ගේ කැමැත්ත කරන්නා මිස මට ‘ස්වාමීනි, ස්වාමීනි’ කියන සියලුදෙනාටම ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ දවසේදී බොහෝදෙනෙක්, ‘ස්වාමීනි, ස්වාමීනි, අපි ඔබේ නාමයෙන් අනාවැකි කිව්වේ නැද්ද? ඔබේ නාමයෙන් භූතයන් දුරු කළේ නැද්ද? ඔබේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා කළේ නැද්ද’ කියා මගෙන් අසයි. එවිට මම ඔවුන්ට පවසන්නේ මෙයයි. මම ඔබව කිසි කලක හඳුනාගෙන සිටියේ නැහැ! අධර්මිෂ්ඨ ක්‍රියා කරන්නෙනි, මා වෙතින් අහක්ව යන්න.”මතෙව් 7:21-23.