Skip to content

පටුනට යන්න

වෛරයේ ගිනිදලු නිවලා දාන්න පුළුවන් කොහොමද?

4 | දෙවියන්ගේ උදව්වෙන් වෛරය නැති කරගන්න

4 | දෙවියන්ගේ උදව්වෙන් වෛරය නැති කරගන්න

බයිබලයේ උගන්වන දේ:

“කෙනෙකු තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වන විට ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසය, මෘදුකම, තමාව පාලනය කරගැනීම යන ගුණාංග සියල්ල ඔහු තුළ දැකගත හැකියි.”ගලාති 5:22, 23.

ඒකෙන් අදහස් වෙන දේ:

දෙවියන්ගේ උදව්වෙන් අනිත් අයට වෛර කරන එක නවත්තන්න අපිට පුළුවන්. මොකද දෙවියන්ගේ බලය අපිට උදව් කරනවා අපේ හැකියාවෙන් ඇති කරගන්න බැරි ගුණාංග ඇති කරගන්න. ඒ නිසා හිතින් වෛරය අයින් කරගන්න තනියෙන් උත්සාහ කරන්නේ නැතුව දෙවියන්ගේ උදව් ඉල්ලන එක තමයි හොඳම දේ. එහෙම කළොත් දෙවියන්ට සේවය කරපු පාවුල් අද්දැකපු දේ අද්දකින්න අපිටත් පුළුවන්. එයා කිව්වා, “මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබෙනවා” කියලා. (ෆිලිප්පි 4:13) අපි ඒ දේ අද්දකිද්දී, ‘මට උපකාර ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්’ කියලා අපිටත් කියන්න පුළුවන්.—ගීතාවලිය 121:2.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

“දරුණු කෙනෙක් වෙලා හිටපු මම යෙහෝවා නිසයි අද සාමකාමී කෙනෙක් වෙලා ඉන්නේ.”—වොල්ඩෝ

යෙහෝවා දෙවියන්ට මුළු හදවතින්ම යාච්ඤා කරලා ඔහුගේ බලය ඉල්ලන්න. (ලූක් 11:13) ඔහු කැමති ගුණාංග ඇති කරගන්න දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. ආදරය, ඉවසීම, සමාදානය, අපිවම පාලනය කරගන්න එක වගේ ගුණාංග ගැන බයිබලයේ කියලා තියෙන දේවල් හොඳට හොයලා බලන්න. ඒ වගේම ඒ ගුණාංග ඔයාගේ ජීවිතෙන් පෙන්නන්න පුළුවන් විදි ගැන හිතලා බලන්න. ඒ ගුණාංග ඔයාට උදව් වෙයි වෛරය ඔයාගේ හිතින් අයින් කරලා දාන්න. ඒ වගේම ඒ ගුණාංග ජීවිතෙන් පෙන්නන්න උත්සාහ කරන අයව ආශ්‍රය කරන්න. ඒ වගේ යාළුවෝ අනිත් අයට ‘ප්‍රේමය පෙන්නන්න සහ යහපත් ක්‍රියා කරන්න’ ඔයාට උදව් කරයි.—හෙබ්‍රෙව් 10:24.