වෛරයේ ගිනිදලු නිවා දමන්න පුළුවන්
ඔයා කාගේ හරි වෛරයට ලක් වෙලා තියෙනවාද?
නැත්නම් වෙන අය වෛරයට ලක් වෙන විදිහ ඔයා දැකලා තියෙනවාද? රට ජාතිය නිසා ස්ත්රී පුරුෂ භේදය නිසා මිනිස්සු අනිත් අයට වෛර කරන විදිහ ඔයා ප්රවෘත්තිවලින් අහලා ඇති. ඒ වගේ අයට සිද්ධ වෙන අපරාධ නවත්තන්න දැන් ගොඩක් රටවලින් නීති දාලා තියෙනවා.
කවුරු හරි අපිට වෛර කරනවා නම් අපිත් පෙලඹෙන්නේ එයාට වෛර කරන්න. සමහරවිට එයාගෙන් පළිගන්න වුණත් හිතෙන්න පුළුවන්. වෛරය හරියට ගින්නක් වගේ. කෙනෙක් ඒක නිවලා දාන්න පියවර ගන්නේ නැත්නම් ඒක දිගින් දිගටම ඇවිළෙනවා.
අනිත් අය ඔයාට වෛර කරන නිසා ඔයාව පහත් කරලා, හංවඩු ගහලා, බය කරලා ඇති. නැත්නම් ඔයාට නින්දා කරලා ඇති. ඒත් වෛරය ඊටත් වඩා දුර දිග යන්න පුළුවන් දෙයක්. ඒක දේපළ හානි කරන එක, හිංසා කරන එක, ගහමරාගන්න එක, දූෂණය කරන එක එහෙම නැත්නම් සමූල ඝාතනයක් කරන තැනට වුණත් දුර දිග යන්න පුළුවන්.
මේ ප්රශ්න තුනට උත්තර වගේම වෛරය හිතින් අයින් කරගන්නේ කොහොමද කියලා මේ සඟරාවෙන් දැනගන්න පුළුවන්.
මිනිස්සුන්ගේ හිත්වල මේ තරම් වෛරයක් තියෙන්නේ ඇයි?
වෛරයේ ගිනිදලු නිවන්න පුළුවන් කොහොමද?
වෛරය නැත්තටම නැති කාලයක් කවදා හරි එයිද?