Skip to content

පටුනට යන්න

දෙවියන් ඔයාට ආදරෙයි

දෙවියන් ඔයාට ආදරෙයි

බයිබලේ තියෙන තොරතුරුවලින් ඔයාට ඒ ආදරය දැනෙයි. ඔයාගේ හිත කඳුළු සාගරයක ගිලිලා තියෙන වෙලාවට, ඔයාගේ සිතුවිලි චණ්ඩ මාරුතයක් වගේ කැලඹිලා තියෙන වෙලාවට දෙවියන්ගේ වදන් ඔයාව නිශ්චල කරයි.

ඒ විතරක් නෙවෙයි ඔයාගේ තත්වය වෙන කාටවත් වඩා දන්නේ ඔයාගේ නිර්මාතෘ යෙහෝවා දෙවියන් a කියලත් බයිබලේ කියනවා. ඔයා ඉන්න වළෙන් ඔයාව ගොඩට ගන්න දෙවියන් බලාගෙන ඉන්නේ හරිම ආසාවෙන්. මේ බයිබල් පද දෙකෙන් දෙවියන් කතා කරන්නේ ඔයාටමයි.

“යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි. තැළුණු හදවත් ඇති අයව ඔහු බේරාගනියි.”​—ගීතාවලිය 34:18.

“යෙහෝවා දෙවි වන මම ඔබේ දකුණතින් අල්ලාගෙන සිටින්නෙමි. භය නොවන්න, මම ඔබේ උපකාරයට සිටින්නෙමි.”​—යෙසායා 41:13.

ඒත් යෙහෝවා දෙවියන් ඔයාට උපකාර කරන්නේ කොහොමද? ඔහු ඒ දේ කරන ක්‍රම කීපයක් ගැන ඊළඟ ලිපිවලින් දැනගන්න පුළුවන්. දෙවියන්ගේ ආදරය අද්දකින්න ඔයා ලෑස්තිද?

a යෙහෝවා කියන්නේ දෙවියන්ගේ පෞද්ගලික නමයි.​—ගීතාවලිය 83:18.