Skip to content

පටුනට යන්න

ඔයා දුකින් ඉද්දී දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?

ඔයා දුකින් ඉද්දී දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?

මිනිසුන් විඳින දුක දෙවියන් දකින්නෙවත් ඔහු ඒ ගැන සැලකිලිමත් වෙන්නෙවත් නැහැ කියලා සමහරු හිතනවා.

බයිබලයේ කියන්නේ මෙහෙමයි

  • දෙවියන්ට අපේ දුක පේනවා. ඔහු අපි ගැන සැලකිලිමත්

    ‘මිනිසුන්ගේ දුෂ්ටකම් සෑම තැනකම පැතිර තිබූ බව යෙහෝවා දෙවි දුටුවේය. දෙවිගේ සිතට මහත් වේදනාවක් දැනිණ.’—උත්පත්ති 6:5, 6.

  • දෙවියන් හැම දුක් වේදනාවක්ම නැති කරනවා

    “තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. ඔබ ඔහුව සෙව්වත් ඔහුව සොයාගැනීමට නොහැකි වන්නෙහිය. නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.”—ගීතාවලිය 37:10, 11.

  • දෙවියන් ඔයාට දෙන්න ආසාවෙන් ඉන්නේ මොන වගේ ජීවිතයක්ද?

    “යෙහෝවා දෙවි මෙසේද පැවසුවේය. ‘මාගේ අරමුණ වන්නේ ඔබ පිටට විපත්ති ගෙන ඒම නොවේ. නමුත් සාමයෙන් පිරුණු ප්‍රීතිමත් ජීවිතයක් ගැන බලාපොරොත්තුවක් ඔබට ලබා දීමය. ඒ කාලයේදී ඔබ මා වෙතට හැරී මට හඬගසනු ඇත. මට කන්නලව් කරනු ඇත. එවිට මම ඔබට සවන් දෙන්නෙමි.’”—යෙරෙමියා 29:11, 12.

    “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.”—යාකොබ් 4:8.