Skip to content

පටුනට යන්න

අධ්‍යයනයට යෝජනාවක්!

අධ්‍යයනයට යෝජනාවක්!

අලුත් අවබෝධයන් ගැන දැනගන්නේ කොහොමද?

යෙහෝවා දෙවියන් බයිබල් සත්‍යයන් ගැන නිවැරදි අවබෝධයක් ලබා දෙන මේ කාලේ ජීවත් වෙන්න ලැබුණ එක කොච්චර වටිනවාද! (දානි. 12:4) ඒත් බයිබල් සත්‍යයන්වල අලුත්ම අවබෝධයන් මොනවාද කියලා ඔයා දන්නවාද? කොහොමද ඒවා දැනගන්නේ? කොහේද ඒවා තියෙන්නේ?

• ඒකට ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එකට ගිහින් ඒකේ “සොයන්න” කියන තැන “අපේ විශ්වාසයන් වඩාත් පැහැදිලි වී ඇති අයුරු” කියලා යුගළ උඩු කොමා ඇතුළේ ටයිප් කරන්න.

• ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන පොතේ විෂයන් යටතේ “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්” කියන මාතෘකාව බලන්න. ඒකේ “විශ්වාසයන් සහ ආකල්ප” කියන කොටස යටතේ “අපේ විශ්වාසයන් වඩාත් පැහැදිලි වී ඇති අයුරු” කියන කොටසේ තියෙන ලැයිස්තුව බලන්න.

මෑතකදී අපේ අවබෝධයේ වුණ වෙනසක් ගැනත් ඒ වගේ වෙනසක් වෙන්න තියෙන බයිබල් පදනම ගැනත් පෞද්ගලිකව අධ්‍යයනය කළොත් නරකද?