මුරටැඹ - පාඩම් කලාපය 2019 අගෝස්තු 

2019 සැප්තැම්බර් 30–ඔක්තෝබර් 27 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

අපි උත්සාහය අත්හරින්නේ නැහැ

දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අපේ බලාපොරොත්තුව අපිට උදව් වෙන්නේ කොහොමද?

ඔයාගේ ආදරේ තව වැඩි කරගන්න

අභියෝගවලට මුහුණ දුන්නත් ආදරේ තව වැඩි කරගන්න පුළුවන් කොහොමද කියලා ෆිලිප්පිවරුන්ට ලියපු ලිපියෙන් තේරුම්ගන්න පුළුවන්.

“ඔයාට සවන් දෙන අයට ගැලවීම” ලැබෙයි

යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න පවුලේ අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

පැවරුමේ වෙනසක් වුණත් දිගටම සතුටින් සේවය කරන්න

ආසාවෙන් කරපු පැවරුමක් අත්හරින්න වෙන එක ලේසි නැහැ. වෙනසට හුරු වෙන්න උදව් වෙන්නේ මොනවාද?

විශ්වාසය - නොසැලී ඉන්න උදව් වන ගුණාංගයක්

විශ්වාසය තියෙනවා නම් ඕනෙම ප්‍රශ්නයකට මුහුණ දෙන්න අපිට පුළුවන්.

යොහන් බව්තීස්ත - සතුටින් සේවය කරන්න අපිට ආදර්ශයක්

අධෛර්යය කරවන දේවලට මුහුණ දුන්නත් සතුට නැති කරගන්නේ නැතුව ඉන්නේ කොහොමද?