Skip to content

පටුනට යන්න

අධ්‍යයනයට යෝජනාවක්!

අධ්‍යයනයට යෝජනාවක්!

‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොතේ “බයිබල් පද තේරුම්ගනිමු” කියන කොටසෙන් ඔයා ප්‍රයෝජන ගන්නවාද?

බයිබලේ ගැඹුරින් අධ්‍යයනය කරන්න ඒක උදව්වක්. බයිබල් පදේක පසුබිම, ඒක ලිව්වේ ඇයි, ඒක අදාළ වෙන්නේ කාටද සහ ඒ පදේ තියෙන යෙදුම්වල අදහස ඒ කොටසේ තියෙන ලිපිවල තියෙනවා.

‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එකෙන් හරි ‘JW ලයිබ්‍රරි’ එකෙන් හරි බයිබලේ කියවද්දී පදයක් උඩ ක්ලික් කළොත් ඒකට අදාළ ලිපි තියෙනවා නම් ඒවා ස්ටඩි පේන් එකේ (අමතර තොරතුරු පෙන්වන කොටසේ) පෙන්නනවා.

ඒ ලිපි පෙළගස්වලා තියෙන්නේ අලුත්ම ඒවා මුලින්ම පෙන්නන විදිහටයි. ඒ නිසා ඔයා බලන්නේ අලුත්ම ඒවාද කියලා සහතික කරගන්න. මොකද පරණ ලිපිවල පැහැදිලි කරලා තියෙන සමහර බයිබල් පද ගැන අපිට තියෙන අවබෝධය අලුත් වෙලා තියෙනවා.

  • ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොතේ “බයිබල් පද තේරුම්ගනිමු” කොටසේ තියෙන හැම ලිපියක්ම ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එකේ තියෙනවා.

  • හැබැයි ‘JW ලයිබ්‍රරි’ එකෙන් ඒක බලන්න නම් අපි ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොත ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. ඒක අප්ඩේට් කරන්නත් ඕනේ. ඒකට ඕනම බයිබල් පරිච්ඡේදයක් උඩ ක්ලික් කරලා ස්ටඩි පේන් එකේ උඩින්ම පෙන්නන ඩවුන්ලෝඩ් කියන බට්න් එක ක්ලික් කරන්න.