මුරටැඹ - පාඩම් කලාපය 2016 ඔක්තෝබර් 

2016 නොවැම්බර් 28 සිට දෙසැම්බර් 25 දක්වා සති සඳහා පාඩම් ලිපි මේ කලාපය තියෙනවා.

ජීවිත කතාව

අපේ වෑයම යහපත් ආදර්ශ අනුකරණය කරන්නයි

හොඳ ඉලක්ක තියලා ඒවා ජය ගන්න යහපත් ආදර්ශ අපිට උදව් වෙනවා. අනිත් අයගේ යහපත් ආදර්ශ තමන්ට උදව් වුණ විදිහ ගැන තෝමස් මර්ක්ලෙයින් පැහැදිලි කරනවා. එයාගේ වෑයමත් අනිත් අයට යහපත් ආදර්ශයක් වෙන්නයි.

වෙනත් රටකින් ඇවිත් ඉන්න අයට ආදරෙන් සලකමු

කෙනෙක් අපිට ආගන්තුකයෙක් වුණත් යෙහෝවා දෙවිට එයා ගැන හැඟෙන්නේ කොහොමද? වෙන රටකින් ආපු කෙනෙක්ට එයායි, අපියි අතරේ වෙනසක් නැහැ කියන හැඟීම ඇති කරන්න පුළුවන් කොහොමද?

කොහේ සේවය කළත් වඩා වටින්නේ දෙවි එක්ක තියෙන බැඳීමයි

යෙහෝවා දෙවි එක්ක ඔයාට සහ ඔයාගේ පවුලේ අයට තියෙන බැඳීම රැකගන්න එක තමයි වැදගත්ම දේ. ඒත් ඔයා වෙනත් භාෂාවක් කතා කරන සභාවක සේවය කරනවා නම් ඒක අභියෝගයක් වෙයි.

ඔයා ප්‍රඥාවන්ත කෙනෙක්ද?

දැනුම, අවබෝධයට වඩා ප්‍රඥාව වෙනස් වෙන්නේ කොහොමද? ඒක දැනගන්න එක ප්‍රයෝජනවත්.

දෙවිගේ පොරොන්දු ගැන නොසැලෙන විශ්වාසයක් ඇති කරගන්න

අතීතයේ සහ මෑත කාලයේ දෙවිට විශ්වාසවන්තව හිටපු අයගෙන් අපිට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඔයාගේ විශ්වාසය දිගටම ශක්තිමත්ව තියාගන්නේ කොහොමද?

ඔයාගේ විශ්වාසය ජීවත් වෙන විදිහෙන් පෙන්නන්න

විශ්වාසය කියන්නේ මොකක්ද? විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නන්නේ කොහොමද?

ඔබ දැන සිටියාද?

මුල් සියවසේ යුදයේ හිටපු යුදෙව් ප්‍රධානීන්ට රෝම අධිරාජ්‍යය කොයි තරම් බලතල දීලා තිබුණද? කෙනෙක් තව කෙනෙක්ගේ කෙතක කිරිඳි වපුරන එක අතීතයේදී ඇත්තටම සිදු වුණාද?