දෙවිගේ පොරොන්දු ගැන නොසැලෙන විශ්වාසයක් ඇති කරගන්න
“විශ්වාසය යනු තමන් බලාපොරොත්තු වන දේවල් ඉටු වන බව කිසි ලෙසකින්වත් සැක නොකිරීමයි.”—හෙබ්‍රෙ. 11:1.
ගීතිකා: 81, 134
1, 2. (අ) අනිත් අය බලාපොරොත්තුවෙන් ඉන්න දේවල් සහ දෙවිගේ සේවකයන් බලාපොරොත්තුවෙන් ඉන්න දේවල් අතර තියෙන වෙනස මොකක්ද? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
අපි ඉදිරියේ තියෙන්නේ ලස්සන අනාගතයක්! යෙහෝවා දෙවිගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරලා, දෙවි මුලින් අරමුණු කරපු දේ ඉටු කරනවා කියලා ඔහු පොරොන්දු වෙලා තියෙනවා. (මතෙ. 6:9, 10) අපි ආසාවෙන්ම බලාගෙන ඉන්නේ ඒ පොරොන්දුව ඉටු වෙන කල්. ඒ විතරක් නෙමෙයි අපිට හැමදාටම ජීවත් වෙන්න අවස්ථාව දෙනවා කියලත් දෙවි පොරොන්දු වෙලා තියෙනවා. අපිට ඒ ජීවිතේ ලැබෙන්නේ ස්වර්ගයේ වුණත් පොළොවේ වුණත් එදාට අපි හුඟක් සතුටු වෙයි. (යොහ. 10:16; 2 පේතෘ. 3:13) මේ අන්තිම කාලේ පුරාම දෙවි ඔහුගේ සෙනඟට මඟ පෙන්වයි, උදව් කරයි කියන විශ්වාසයත් අපිට තියෙනවා.
2 අද ඉන්න හුඟදෙනෙක්ටත් අනාගතය ගැන එක එක බලාපොරොත්තු තියෙනවා. ඒත් ඒවා ඉටු වෙයි කියලා එයාලට නිසැක වෙන්න බැහැ. උදාහරණෙකට කෙනෙක් ලොතරැයියක් ඇදෙන කල් ආසාවෙන් බලාගෙන හිටියත් ඒ බලාපොරොත්තුව අනිවාර්යයෙන්ම ඉටු වෙයි කියලා කියන්න බැහැ. අපි බලාපොරොත්තුවෙන් ඉන්න දේවල් ඒ වගේ නිකම්ම හීන නෙමෙයි. බයිබලේ කියන්නේ නොසැලෙන විශ්වාසයක් තියෙන කෙනෙක් “බලාපොරොත්තු වන දේවල් ඉටු වෙනවා” කියලා කිසිම විදිහකින් සැක කරන්නේ නැහැ කියලයි. ඒ කියන්නේ හෙබ්‍රෙ. 11:1) ඒත් දෙවිගේ පොරොන්දු ගැන ඒ වගේ ශක්තිමත් විශ්වාසයක් ඇති කරගන්නේ කොහොමද? නොසැලෙන විශ්වාසයක් තියෙන එක වැදගත් ඇයි? ඒවා ගැන මේ ලිපියෙන් බලමු.
දෙවි දීලා තියෙන පොරොන්දු ඉටු වෙනවා කියලා එහෙම කෙනෙක්ට ස්ථිරයි. (3. දෙවිගේ පොරොන්දු ඉටු වෙනවා කියලා අපිට ස්ථිර ඇයි?
3 විශ්වාසය කියන්නේ අපිට උපතින් උරුම වෙන දෙයක් නෙමෙයි. ශක්තිමත් විශ්වාසයක් ඇති කරගන්න නම් අපිට මඟ පෙන්නන්න දෙවිගේ බලයට ඉඩ දෙන්න ඕනේ. (ගලා. 5:22) යෙහෝවා දෙවි මොන වගේ කෙනෙක්ද කියලා හොඳින් දැනගන්න දෙවිගේ බලය අපිට උදව් කරනවා . විශ්වයේ ඉන්න බලවත්ම, ප්‍රඥාවන්තම කෙනා දෙවි කියලා දැනගත්තම ඔහුගේ හැම පොරොන්දුවක්ම ඉටු කරන්න ඔහුට පුළුවන් කියලා අපිට ස්ථිර වෙනවා. ඒ විතරක් නෙමෙයි තමන් දීපු පොරොන්දු ගැන කතා කරද්දී දෙවි කියන්නේ “එම වදන් ඉටු වී තිබේ” කියලයි. ඒ කියන්නේ ඒවා දැනටමත් ඉටු වෙලා තියෙන ඒවා හැටියටයි දෙවි සලකන්නේ. (එළිදරව් 21:3-6 කියවන්න.) දෙවි “විශ්වාසවන්ත” නිසා ඔහු දෙයක් කිව්වොත් ඒක අනිවාර්යයෙන්ම කරනවා. අනාගතය ගැන ඔහු කියලා තියෙන හැම දෙයක්ම මුළු හදවතින්ම විශ්වාස කරන්න අපිට හොඳ හේතු තියෙනවා.—ද්වි. 7:9.
අතීත ආදර්ශ
4. අතීතයේ හිටපු දෙවිගේ සේවකයන් බලාපොරොත්තුවෙන් හිටියේ මොනවා ගැනද?
4 යෙහෝවා දෙවිගේ පොරොන්දු ගැන නොසැලෙන විශ්වාසයකින් හිටපු 16දෙනෙක්ගේ නම් හෙබ්‍රෙව් 11වෙනි පරිච්ඡේදයේ තියෙනවා. “විශ්වාසය නිසා” දෙවිව සතුටු කරපු තව හුඟදෙනෙක් ගැනත් ඒකේ කතා කරනවා. (හෙබ්‍රෙ. 11:39) ඒ හැමෝම බලාගෙන හිටියේ පොරොන්දු වුණ ගැලවුම්කරු එන කල්. පොරොන්දු වුණ ඒ තැනැත්තා දෙවිගේ සතුරන්ව විනාශ කරලා පොළොව පාරාදීසයක් කරනවා කියලා එයාලා දැනගෙන හිටියා. (උත්. 3:15) තමන් මිය ගියත් ආපහු ජීවිතේ දෙන්න දෙවිට පුළුවන් කියලත් එයාලා තදින්ම විශ්වාස කළා. ඒත් ස්වර්ගයේ ජීවත් වෙන බලාපොරොත්තුව ඒ අයට තිබුණේ නැහැ. මොකද එයාලා මිය ගියේ පොරොන්දු වුණ තැනැත්තා එන්න කලින්. (ගලා. 3:16) එයාලා බලාපොරොත්තුවෙන් හිටියේ පාරාදීසයේ සදාකල් ජීවත් වෙන්න.—ගීතා. 37:11; යෙසා. 26:19; හොෂෙ. 13:14.
5, 6. ආබ්‍රහම් සහ එයාගේ පවුලේ අය ආසාවෙන් බලාගෙන හිටියේ මොකක් ගැනද? නොසැලෙන විශ්වාසයකින් ඉන්න එයාලට පුළුවන් වුණේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
5 අතීතයේ හිටපු විශ්වාසවන්ත අය ගැන හෙබ්‍රෙව් 11:13 මෙහෙම කියනවා. “පොරොන්දු ඉටු වන අයුරු ඔවුන්ට දැකගැනීමට නොහැකි වුවත් ඔවුහු සියලුදෙනාම විශ්වාසයකින් කටයුතු කළ අය ලෙස මිය ගියෝය. මන්ද ඒවා ඉටු වන අයුරු ඔවුන් කලින්ම තේරුම්ගත් අතර ඒ ගැන බොහෝ සෙයින් ප්‍රීතිමත් වූහ.” පාරාදීසය එයාලා හිතින් මවාගත්තා. එහෙම කරපු එක් කෙනෙක් ආබ්‍රහම්. යේසුස් ආබ්‍රහම් ගැන කිව්වේ “මා කරන දේවල් දැක බලා ගැනීමට මහත් ආශාවකින් බලා සිටි කෙනෙක්” කියලයි. (යොහ. 8:56) සාරා, ඊසාක්, යාකොබ් ඇතුළු හුඟක් අයගේ බලාපොරොත්තුව වුණෙත් දේවරාජ්‍යයේ පාලනය යටතේ ජීවත් වෙන්න. මොකද ඒ රාජ්‍යයේ “නිර්මාතෘ සහ සැදුම්කරු දෙවියි.”—හෙබ්‍රෙ. 11:8-11.
6 නොසැලෙන විශ්වාසයකින් ඉන්න ආබ්‍රහම්ටයි, පවුලේ අයටයි පුළුවන් වුණේ එයාලා දෙවිව දැන හඳුන ගන්න වෑයමක් දරපු නිසයි. සමහර අවස්ථාවලදී දේවදූතයන්, දර්ශන, හීන මාර්ගයෙන් දෙවි එයාලට කාරණා හෙළි කළා. දෙවිට ළැදිව හිටපු වැඩිහිටි අයගෙන්, අතීත ලියවිලිවලින් එයාලා දෙවි ගැන ඉගෙනගත්තා. දෙවිගේ පොරොන්දු මතක තියාගත්තා. ඒවා ගැන හොඳින් කල්පනා කළා. ඒ හැම දෙයක් නිසාම දෙවිගේ පොරොන්දු ඉටු වෙනවා කියන විශ්වාසය ශක්තිමත් වුණා. මොන කටුක අද්දැකීම්වලට මුහුණ දුන්නත් එයාලා දිගටම දෙවිට ළැදිව හිටියා.
7. අපේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්න දෙවි අපිට දීලා තියෙන්නේ මොනවද? අපි මොනවද කරන්න ඕනේ?
7 අපේ විශ්වාසය දිගටම ශක්තිමත්ව තියාගන්න උදව් කරන්න දෙවි අපිට බයිබලේ දීලා තියෙනවා. දෙවිගේ හැම පොරොන්දුවක්ම ඒකේ සඳහන් වෙනවා. හැමදාම බයිබලේ කියවලා ඒ මඟ පෙන්වීම් ජීවිතේට අදාළ කරගන්නවා නම් ජීවිතේ සතුටින් ගත කරන්න අපිට පුළුවන්. ගීතා. 1:1-3; ක්‍රියා 17:11 කියවන්න.) ඒ වගේම “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මාර්ගයෙන් දෙවි අපිට “නියම වේලාවට ආහාර” ලබා දෙනවා. (මතෙ. 24:45) අතීතයේ හිටපු දෙවිගේ සේවකයන් වගේ අපිත් දෙවිගේ පොරොන්දු ගැන අධ්‍යයනය කරලා ඒවා ගැන හොඳට හිතන්න ඕනේ. දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්නත් දේවරාජ්‍යය පොළොව පාලනය කරන කාලය එන කල් බලාපොරොත්තුවෙන් ඉන්නත් ඒක අපිට උදව් වෙයි.
(8. අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න යාච්ඤාව උදව් වෙන්නේ කොහොමද?
8 දිගටම විශ්වාසය ශක්තිමත්ව තියාගන්න අතීතයේ හිටපු අයට උදව් වුණ තවත් දෙයක් යාච්ඤාව. එයාලා දෙවිගේ උදව් ඉල්ලලා යාච්ඤා කළා. දෙවි ඒ යාච්ඤා අහලා උදව් කරපු විදිහ දැක්කම එයාලගේ විශ්වාසය තවත් ශක්තිමත් වුණා. (නෙහෙ. 1:4, 11; ගීතා. 34:4, 15, 17; දානි. 9:19-21) දෙවි අපේ යාච්ඤාවලටත් ඇහුම්කන් දීලා අවශ්‍යම වෙලාවලදී අපිට උදව් කරන විදිහ දකිද්දී අපේ විශ්වාසයත් ශක්තිමත් වෙනවා. (1 යොහන් 5:14, 15 කියවන්න.) අපේ විශ්වාසය තව වැඩි කරගන්න නම් අපි නොකඩවාම දෙවිගේ බලය ඉල්ලන්න ඕනේ.—ලූක් 11:9, 13.
9. අපේ යාච්ඤාවලට ඇතුළත් කරන්න ඕන දේවල් මොනවද?
9 අපි යාච්ඤා කරද්දී අපේ පෞද්ගලික දේවල් ගැන කියනවා වගේම දෙවිට ස්තුති කරන්න, ප්‍රශංසා කරන්න අමතක කරන්න හොඳ නැහැ. මොකද දෙවි අපි වෙනුවෙන් හුඟක් දේවල් කරලා තියෙනවා. (ගීතා. 40:5) අපේ යාච්ඤාවලදී ලෝකෙ පුරාම ඉන්න සහෝදර සහෝදරියන්ව මතක් කරන්න අපිට පුළුවන්. විශේෂයෙන්ම “සිරභාරයේ සිටින අය” ගැන, “පෙරමුණ ගෙන කටයුතු කරන අය” ගැන අපි යාච්ඤා කරන්න ඕනේ. අනිත් අය වෙනුවෙන් අපි කරන යාච්ඤාවලට දෙවි උත්තර දෙන විදිහ දකිද්දී අපි ඔහුට තවත් ළං වෙනවා. ඔහු ගැන තියෙන විශ්වාසයත් වැඩි වෙනවා.—හෙබ්‍රෙ. 13:3, 7.
එයාලා දිගටම දෙවිට ළැදිව හිටියා
10. නිර්භීතව ඉන්නත් දෙවිට ළැදිව ඉන්නත් හුඟදෙනෙක්ට උදව් වුණේ මොකක්ද?
10 හෙබ්‍රෙව් 11වෙනි පරිච්ඡේදයේ මෙහෙම සඳහන් වෙනවා. “ස්ත්රීන්ගේ දරුවන් මිය ගිය විට ඔවුන්ව නැවත නැඟිටුවන ලදි. තවත් අය ප්‍රතිපත්ති පාවා දීමක් මගින් යම් නිදහසක් ලබාගැනීමට තිබූ අවස්ථා ප්‍රතික්ෂේප කළ නිසා බොහෝ වධ හිංසාවලට ලක් වූහ. ඔවුන් එසේ ක්‍රියා කළේ වඩාත් උතුම් නැවත නැඟිටීමක් ලබාගැනීම සඳහාය.” (හෙබ්‍රෙ. 11:35) හුඟක් අය දරුණු පීඩා අද්දැක්කත් ඒවා විඳදරාගෙන දිගටම දෙවිට විශ්වාසවන්තව හිටියේ මිය ගිය අයව නැවත නැඟිටුවනවා කියලා දෙවි දුන්න පොරොන්දුව විශ්වාස කරපු නිසයි. පාරාදීසයේදී එයාලට ආපහු ජීවිතේ ලැබෙනවා කියලා එයාලා දැනගෙන හිටියා. නාබොත් සහ සෙකරියා ගැන හිතන්න. දෙවිට කීකරු වුණ නිසා එයාලට ගල් ගහලා මැරුවා. (1 රාජා. 21:3, 15; 2 ලේක. 24:20, 21) දානියෙල්ව සිංහ ගුහාවකට දැම්මා. එයාගේ යාළුවන්ව ඇවිළෙන ගිනි උදුනකට දැම්මා. එයාලගේ ජීවිත තිබුණේ අවදානමක වුණත් බොරු දෙවිවරුන්ට නමස්කාර කරන එක එයාලා ප්‍රතික්ෂේප කළා. මොන පීඩා ආවත් නොසැලී ඉන්න දෙවි ශක්තිය දෙනවා කියන විශ්වාසය එයාලට තිබුණා.—හෙබ්‍රෙ. 11:33, 34; දානි. 3:16-18, 20, 28; 6:13, 16, 21-23.
11. සමහර අනාගතවක්තෘවරු අද්දැක්ක පීඩා මොනවද?
11 මිකායා, යෙරෙමියා ඇතුළු හුඟක් අනාගතවක්තෘවරුන්ට මිනිසුන් නින්දා අපහාස කළා. එයාලව හිරේ දැම්මා. එලියාට සහ තවත් අනාගතවක්තෘවරුන්ට “පාළු තැන්වලද කඳුවලද සැරිසරමින් ගුහාවලද බිම්ගෙවල්වලද” ජීවත් වෙන්න වුණා. පීඩා විඳදරාගෙන දිගටම දෙවිට ළැදිව ඉන්න ඒ හැමෝටම පුළුවන් වුණේ එයාලා ‘බලාපොරොත්තු වන දේවල් ඉටු වන බව කිසි ලෙසකින්වත් සැක කළේ නැති’ නිසයි.—හෙබ්‍රෙ. 11:1, 36-38; 1 රාජා. 18:13; 22:24-27; යෙරෙ. 20:1, 2; 28:10, 11; 32:2.
12. ආදර්ශයට ගන්න පුළුවන් හොඳම කෙනා කවුද? පීඩා විඳදරාගන්න ඔහුට උදව් වුණේ මොනවද?
12 එතෙක් මෙතෙක් කෙනෙක් අද්දැක්ක දරුණුම පීඩාවලට යේසුස් මුහුණ දුන්නා. ඒවා විඳදරාගන්න ඔහුට උදව් වුණ දේ ගැන පාවුල් මෙහෙම කිව්වා. “ඔහු තමාට තිබුණු ප්‍රීතිමත් අපේක්ෂාව නිසා ලැජ්ජාව නොතකා වධකණුවක මරණය පවා වින්දේය. එතැන් පටන් ඔහු දෙවිගේ හෙබ්‍රෙ. 12:2) පාවුල් අපිට උනන්දු කරන්නේ යේසුස්ගේ ආදර්ශය ගැන “හොඳින් කල්පනා කර බලන්න” කියලයි. (හෙබ්‍රෙව් 12:3 කියවන්න.) මුල් සියවසේ හිටපු හුඟක් අය යේසුස්ව ආදර්ශයට ගත්තා. මිය යන්න වුණත් එයාලා විශ්වාසය පාවා දුන්නේ නැහැ. අන්තිපස් ඒ වගේ කෙනෙක්. (එළි. 2:13) විශ්වාසවන්තව හිටපු ඒ අයට දැනටමත් එයාලගේ තෑග්ග ලැබිලයි තියෙන්නේ. ඊට වෙනස්ව අතීතයේ හිටපු දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ව දෙවි නැවත නැඟිටුවන්නේ පාරාදීසයේදී. (හෙබ්‍රෙ. 11:35) මිය ගිහින් හිටපු අභිෂේක ලත් අයව 1914 යේසුස් රජ වුණාට පස්සේ ස්වර්ගයේ ජීවත් වෙන්න දෙවි නැවත නැඟිට්ටෙව්වා. අනාගතයේදී එයාලා යේසුස් එක්ක පොළොව පාලනය කරනවා.—එළි. 20:4.
සිංහාසනයේ දකුණු පැත්තේ අසුන්ගෙන ඇත.” (නවීන දින ආදර්ශ
13, 14. සහෝදර රූඩොල්ෆ් මුහුණ දුන්නේ මොන වගේ පීඩාවලටද? දිගටම දෙවිට ළැදිව ඉන්න එයාට උදව් වුණේ මොනවද?
13 මොන පීඩාවලට මුහුණ දෙන්න වුණත් යේසුස් වගේ දෙවිට ළැදිව ඉන්න නවීන දින ආදර්ශත් තියෙනවා. සහෝදර රූඩොල්ෆ් ඒ වගේ කෙනෙක්. එයා ඉපදුණේ 1925 ජර්මනියේ. බයිබලේ තියෙන සමහර පොරොන්දු චිත්‍රයට නඟපු පින්තූර එයාලගේ ගෙදර බිත්තිවල එල්ලලා තිබුණා. එයා මෙහෙම කිව්වා. “එක පින්තූරේක යෙසා. 11:6-9) පොඩි කාලේ ඉඳලා දැකපු ඒ චිත්‍ර පාරාදීසය හිතින් මවාගන්න එයාට උදව් වුණා. එයාගේ විශ්වාසය ඒකෙන් ශක්තිමත් වුණා. නාට්සි පාලන කාලෙත් 2වෙනි ලෝක යුද්දෙන් පස්සෙත් රහස් පොලිසියෙන් එයාට අමානුෂික විදිහට වධ දුන්නත් දිගටම නොසැලී ඉන්න රූඩොල්ෆ්ට පුළුවන් වුණේ දෙවිගේ පොරොන්දු ගැන එයාට ලොකු විශ්වාසයක් තිබුණ නිසයි.
බැටළු පැටියෙක් වෘකයෙක් එක්ක, එළු පැටියෙක් දිවියෙක් එක්ක, වහු පැටියෙක් සිංහයෙක් එක්ක සාමයෙන් ඉන්නවා තිබුණා. උන්ව බලාගත්තේ පොඩි ළමයෙක්.” (14 රූඩොල්ෆ්ගේ ජීවිතේ තවත් අමිහිරි අද්දැකීම් ගොඩක් තිබුණා. රාවන්ස්බෲක් ගාල් කඳවුරේදී එයාගේ අම්මා ටයිෆස් උණ හැදිලා මැරුණා. තමන් තවදුරටත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නෙමෙයි කියලා තාත්තා ලියවිල්ලක අත්සන් කළා. ඒත් රූඩොල්ෆ් දිගටම විශ්වාසවන්තව හිටියා. හිරෙන් නිදහස් වුණාට පස්සේ එයා චාරිකා සේවය කළා. ගිලියද් පාසැලට සහභාගි වෙන්න එයාට ආරාධනයක් ලැබුණේ ඒ කාලෙදී. පාසැලෙන් පස්සේ එයාව චිලී රටට යැව්වා. එයා එහෙදීත් චාරිකා සේවය කළා. මිෂනාරි සහෝදරියක් වුණ පැට්සිව එයාට හම්බ වුණේ එහෙදී. බැඳලා අවුරුද්දකට විතර පස්සේ එයාලට ඉපදුණ දුව මිය ගියා. ටික කාලෙකින් පැට්සිත් මිය ගියා. එච්චර කටුක දේවල් අද්දැක්කත් රූඩොල්ෆ් යෙහෝවා දෙවිව අත්හැරියේ නැහැ. වයසත් එක්ක සෞඛ්‍යය පිරිහුණත් එයා ස්ථාවර පුරෝගාමියෙක් විදිහටත් වැඩිමහල්ලෙක් විදිහටත් සේවය කළා. 1997 අගෝස්තු 1 ‘මුරටැඹ’ කලාපයේ 20-25 දක්වා පිටුවල පළ වුණ එයාගේ ජීවිත කතාව කියවලා බලන්න. [1]
15. විරුද්ධවාදිකම්වලට මුහුණ දුන්නත් සතුටින් දෙවිට සේවය කරමින් ඉන්න සහෝදර සහෝදරියන් කීපදෙනෙක් ගැන කියන්න.
15 දරුණු පීඩාවලට මුහුණ දුන්නත් අද ඉන්න සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් සතුටින් දෙවිට සේවය කරනවා. යුද්දෙට හවුල් වෙන එක ප්‍රතික්ෂේප කරපු නිසා එරිත්‍රියාවේ, සිංගප්පූරුවේ, දකුණු කොරියාවේ අපේ සහෝදර සහෝදරියන් සිය ගාණක්ව හිරේ දාලා. (මතෙ. 26:52) ඊසක්, නෙගඩෙ, පාවුලොස් කියන සහෝදරයන් 3දෙනා අවුරුදු 20කට වඩා වැඩි කාලයක් තිස්සේ එරිත්‍රියාවේ හිරදඬුවම් විඳිනවා. එහෙදී එයාලා දරුණු වධ හිංසාවලට මුහුණ දුන්නා. එයාලට විවාහ වෙන්නවත් දෙමාපියන්ව බලාගන්නවත් අවස්ථාව ලැබුණේ නැහැ. ඒත් එයාලා අදටත් යෙහෝවා දෙවිට ළැදිව ඉන්නවා. හිරගෙදර ඉන්න නිලධාරීනුත් දැන් එයාලට ගරු කරන්න පටන් අරන්. ඒ සහෝදරයන්ගේ ෆොටෝ එකක් jw.org වෙබ් අඩවියේ තියෙනවා. ජීවිතේ කොච්චර දුෂ්කර වුණත් එයාලා ඉන්නේ සතුටින්.
16. ශක්තිමත් විශ්වාසයක් තියෙනවා නම් ඔයාට කරන්න පුළුවන් වෙන්නේ මොනවද?
16 දෙවිගේ සේවකයන් හුඟදෙනෙක් ඒ සහෝදරයන් වගේ හිරේ ගිහිල්ලවත් දරුණු පීඩාවලට මුහුණ දීලාවත් නැහැ. ඒත් හුඟක් අය දුප්පත්කම, ස්වාභාවික විපත්, යුද්ධ නිසා දුක් විඳිනවා. තවත් අය ප්‍රසිද්ධ වෙන්න, පොහොසත් වෙන්න තිබුණ අවස්ථාව අත්හැරලා දේවසේවයට මුල් තැන දීලා තියෙනවා. අත් නෑර, සතුටින් යෙහෝවා දෙවිට සේවය කරන්න එයාලට උදව් වෙන්නේ මොනවද? ඒ යෙහෝවා දෙවිට තියෙන ආදරෙයි. දෙවිගේ පොරොන්දු ගැන තියෙන විශ්වාසයයි. අයුක්තිය, අසාධාරණය නැති කාලෙක හැමදාටම ජීවත් වෙන්න දෙවි එයාලට අවස්ථාව දෙනවා කියලා එයාලට ස්ථිරයි.—ගීතාවලිය 37:5, 7, 9, 29 කියවන්න.
17. ඔයාගේ අධිෂ්ඨානය මොකක්ද? ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවද?
17 කෙනෙක්ට නොසැලෙන විශ්වාසයක් තියෙනවා නම් ‘තමන් බලාපොරොත්තු වන දේවල් ඉටු වන බව එයා කිසි ලෙසකින්වත් සැක කරන්නේ නැහැ’ කියලා අපි මේ ලිපියෙන් දැනගත්තා. ඒ වගේ විශ්වාසයක් ඇති කරගන්න නම් අපි දෙවිගේ පොරොන්දු ගැන හොඳින් කල්පනා කරන්න ඕනේ. ඔහුගේ බලය ඉල්ලලා හැමදාම යාච්ඤා කරන්න ඕනේ. ඕනෑම පීඩාවක් නොසැලී දරාගන්න අපිට උදව් වෙන්නේ ඒ විශ්වාසයයි. විශ්වාසය ඇතුව ඉන්නවා කියන දේට ඇතුළත් තවත් දේවල් ගැන ඊළඟ ලිපියෙන් බලමු.
^ [1] (14 ඡේදය) 2002 මැයි 8 ‘පිබිදෙව්!’ කලාපයේ “බාධක හමුවේ නොසැලෙන දීප්තිමත් බලාපොරොත්තුවක් ඇතුව” කියන ලිපියෙන් සහෝදර ආන්ඩ්රෙජ්ගේ ජීවිත කතාවත් කියවලා බලන්න.