Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ළඟදී පළ වුණ ‘මුරටැඹ’ ලිපිවලින් ඉගෙනගත්ත දේවල් ආයෙත් මතක් කරගමුද?

ගායන හැකියාව දියුණු කරගන්න අපිට කරන්න පුළුවන් මොන දේවල් හතරද?

හරි ඉරියව්වකින් ඉන්න ගමන් ගීතිකා පොත උඩට උස්සලා අල්ලගන්න. හුස්ම ගන්න විදිහ පාලනය කරන්න. කට හොඳට ඇරලා ගායනා කරන්න.—w17.11, 5 පිටුව.

ආරක්ෂිත නුවරවල් පිහිටුවලා තිබුණ තැන් සහ ඒවාට යන්න තිබුණ පාරවල් සකස් කරලා තිබුණ විදිහේ විශේෂත්වය මොකක්ද?

දේශයේ විවිධ තැන්වල ආරක්ෂිත නුවරවල් 6ක් තිබුණා. ඒවාට යන පාරවල් පිළිවෙළකට තියාගත්ත නිසා ඉක්මනින්, පහසුවෙන් ඒ නුවරකට පලා යන්න පුළුවන්කම තිබුණා.—w17.11, 14 පිටුව.

යේසුස්ගේ ජීවිත පූජාව දෙවි අපිට දීපු හොඳම තෑග්ග කියන්නේ ඇයි?

සදාකාලෙටම ජීවත් වෙන්න අපිට තියෙන ආසාව ඒ පූජාව නිසා ඉටු වෙනවා. පාපයෙන් සහ මරණයෙන් ගැලවෙන්න අවස්ථාව ලැබෙනවා. අපි වෙනුවෙන් මිය යන්න දෙවි යේසුස්ව එව්වේ අපි පව්කාරයන්ව ඉද්දියි. දෙවි ඒ පූජාව දුන්නේ අපිට තියෙන ආදරේ නිසයි.—wp17.6, 6-7 පිටු.

ගීතාවලිය 118:22 කතා කරන්නේ යේසුස්ගේ නැවත නැඟිටීම ගැන කියලා කියන්නේ ඇයි?

යේසුස්ව ගැලවුම්කරු විදිහට ප්‍රතික්ෂේප කරලා ඔහුව මරලා දැම්මා. ඒත් “ප්‍රධාන ගල” වෙන්න නම් ඔහුව නැවත නැඟිටුවන්න ඕනේ.—w17.12, 9-10 පිටු.

ගැලවුම්කරුගේ පෙළපතට ඇතුළත් වුණේ කුලුඳුලාට හිමි අයිතිය තිබුණ අය විතරද?

හුඟක් වෙලාවට ගැලවුම්කරුගේ පෙළපතට ඇතුළත් වුණේ කුලුඳුල් පුතා. ඒත් හැම වෙලේම එහෙම නැහැ. දාවිත් යෙස්සේගේ කුලුඳුල් දරුවා නෙමෙයි. ඒත් ගැලවුම්කරු ආවේ එයාගේ පෙළපතින්.—w17.12, 14-15 පිටු.

නිරෝගී සෞඛ්‍යයක් පවත්වගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

අසනීප අයව වෙන් කරන්න කියලා නීතියේ සඳහන් වුණා. කෙනෙක් මළ සිරුරක් ඇල්ලුවාට පස්සේ එයා පිරිසිදු වෙන්න ඕනේ. මිනිසුන් ජීවත් වෙන තැන්වලින් ඈතට වෙන්න මලපහ කරලා වළලන්න කියලත් නීතියේ තිබුණා. පිරිමි දරුවෙක්ව චර්මච්ඡේදනය කරන්න කිව්වේ අටවෙනි දවසේදී. මොකද අලුත උපන් බිලිඳෙක්ගේ ලේ කැටිගැහෙන්න පටන්ගන්නේ මුල් සතියෙන් පස්සේ.—wp18.1, 7 පිටුව.

අපි අපි ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ ඇයි?

යේසුස් කිව්වේ “ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න” කියලා. (මාක් 12:31) “ස්වාමිපුරුෂයන් තම ශරීර ගැන සැලකිලිමත් වෙනවා වගේ තම භාර්යාවන්ට ප්‍රේම කළ යුතුයි.” (එෆී. 5:28) ඒත් අපි ඕනෑවට වඩා අපි ගැන සැලකිලිමත් වෙන එකයි වැරදි.—w18.01, 23 පිටුව.

තව හොඳින් දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න කෙනෙක් වෙන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?

බයිබලය අධ්‍යයනය කරලා ඒ ගැන හොඳින් කල්පනා කරන්න ඕනේ. ඒවා ජීවිතේට අදාළ කරගන්න ඕනේ. අපි හිතන විදිහ වෙනස් කරන්න දෙවිගේ බලයට ඉඩ දෙන්න ඕනේ. අනිත් අයගේ උදව් පිළිගන්නත් ඕනේ.—w18.02, 26 පිටුව.

ජ්‍යෝතිශයෙන් සහ සාස්තර බැලීමෙන් අනාගතය ගැන දැනගන්න උත්සාහ කරන්න හොඳ නැත්තේ ඇයි?

ඒකට හේතු කීපයක්ම තිබුණත් ප්‍රධානම හේතුව ඒ දේවල් බයිබලේ හෙළාදැකලා තියෙන එක.—wp18.2, 4-5 පිටු.

කෑමක් සඳහා ලැබුණ ආරාධනයක් භාරගත්තාට පස්සේ ඒ ආරාධනය සැහැල්ලුවට ගන්නේ නැහැ කියලා පෙන්නන්නේ කොහොමද?

කවුරු හරි එයාලගේ ගෙදරට එන්න කියලා කරපු ආරාධනය අපි භාරගත්තොත් හදිසිම කාරණයකදී හැර ඒ පොරොන්දුව කඩ කරන්න හොඳ නැහැ. (ගීතා. 15:4) අපි වෙනුවෙන් එයා යම් දේවල් ලෑස්ති කරලා ඇති.—w18.03, 18 පිටුව.

වගකීම් දරන සහෝදරයන්ට තිමෝතිගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

තිමෝති අනිත් අය ගැන අවංකවම සැලකිලිමත් වුණා. දේවසේවයට මුල් තැන දුන්නා. දෙවිගේ සේවය වෙනුවෙන් එයා මහන්සි වෙලා වැඩ කළා. ඉගෙනගත්ත දේවල් අදාළ කරගත්තා. එයාවම පුහුණු කරගත්තා. දෙවිගේ බලය මත රඳා හිටියා.—w18.04, 13-14 පිටු.