Skip to content

පටුනට යන්න

‘මුරටැඹ’ සඟරාවේ අමතර ලිපි

‘මුරටැඹ’ සඟරාවේ අමතර ලිපි

හුඟක් ප්‍රචාරකයන් රැස්වීම්වලට ලෑස්ති වෙන්න ‘JW ලයිබ්‍රරි’ ඇප් එක පාවිච්චි කරනවා. ඒකෙන් හරි ලේසියෙන්ම ‘මුරටැඹ’ ලිපියකට යන්න පුළුවන්. හැබැයි ‘මුරටැඹ’ සඟරාවේ පාඩම් ලිපි වගේම තව අමතර ලිපිත් තියෙනවා. ඒ ලිපි හොයාගන්නේ කොහොමද?

  • හැම ‘මුරටැඹ’ ලිපියකටම යටින් “අමතරව කියවන්න” කියලා උපමාතෘකාවක් තියෙනවා. ඒක යටතේ තියෙන “මේ සඟරාවේ එන අනිත් ලිපි” කියන ලින්ක් එක ටැප් කරන්න. පාඩම් ලිපිවලට අංක තියෙන නිසා පටුන බැලුවොත් ඒ ලිපි මොනවාද කියලා ඔයාට පැහැදිලිව අඳුරගන්න පුළුවන්. අංකයක් නැති ඒවා තමයි අමතර ලිපි. ඒ ලිපියක මාතෘකාව ටැප් කළොත් ඒක කියවන්න ඔයාට පුළුවන්.

  • ‘JW ලයිබ්‍රරි’ එකේ මුල් පිටුවේ තියෙන “අලුත්ම” කියන කොටසෙන් අලුතින්ම ආපු ‘මුරටැඹ’ සඟරාව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ සඟරාවේ පටුනට ගිහින් ඔයා ඒකේ හැම ලිපියක්ම කියවලා තියෙනවාද කියලා බලන්න.