මුරටැඹ - පාඩම් කලාපය 2018 නොවැම්බර් 

2018 දෙසැම්බර් 31–2019 පෙබරවාරි 3 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

සත්‍යය මිල දී ගන්න. ඒක විකුණන්න එපා

සත්‍යය මිල දී ගන්නේ කොහොමද? ඒක මිල දී ගත්තාට පස්සේ නොවිකුණා ඉන්න පුළුවන් කොහොමද?

“මම ඔබේ සත්‍ය මාර්ගයෙහි ගමන් කරන්නෙමි”

සත්‍ය මාර්ගයේ දිගටම ගමන් කරන්න අපිට තියෙන අධිෂ්ඨානය ශක්තිමත් කරගන්නේ කොහොමද?

යෙහෝවා දෙවිව විශ්වාස කරන්න

මොන ප්‍රශ්නයට මුහුණ දුන්නත් හිතේ සාමයෙන් ඉන්න පුළුවන් කියන දේ අපිට හබක්කුක් පොතෙන් ඉගෙනගන්න පුළුවන්.

ඔයා හිතන්නේ කවුරු හිතන විදිහටද?

මිනිසුන් හිතන විදිහට හිතනවා වෙනුවට යෙහෝවා දෙවි හිතන විදිහට හිතන්න පුළුවන් කොහොමද?

ඔයා හිතන්නේ යෙහෝවා දෙවි හිතන විදිහටද?

“අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වෙන්න” කියද්දී අදහස් වෙන්නේ මොකක්ද? ඒක කරන්නේ කොහොමද?

කරුණාවන්තකම කතාවෙන් වගේම ක්‍රියාවෙන් පෙන්නන ගුණාංගයක්

කරුණාවන්තකම කියන්නේ දෙවිගේ බලය කෙනෙක් තුළ ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංගයක්. ඒ ගුණාංගය වර්ධනය කරගන්න අපිට පුළුවන් කොහොමද?

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ලූක් 22:25, 26 යේසුස් සඳහන් කළ ‘මිනිසුන්ගේ ගරු නම්බු නාම’ ලබන බලධාරීන් කවුද? එයාලට ඒ ගරු නම්බු නාම ලැබුණේ ඇයි?

යෙහෝවා දෙවි වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් මොනවාද?

හිතෝපදේශ 3:9 සඳහන් අපි “සතු වටිනා දේවල්” මොනවාද? ඒ දේවල් නමස්කාරයේ වැඩවලට යොදාගන්න අපිට පුළුවන් කොහොමද?