Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් මොනවාද?

යෙහෝවා දෙවි වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් මොනවාද?

යෙහෝවා දෙවි අපිට මොන තරම් දේවල් දීලා තියෙනවාද? ඒ දේවල් නිසා අපි ලොකු සතුටක් ලබනවා. ඒත් අපිට තියෙන දේවල් දෙවි වෙනුවෙන් දීලා ඊටත් වඩා ලොකු සතුටක් ලබාගන්න අපිට පුළුවන්. මොකද යේසුස් කිව්වේ “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියලයි. (ක්‍රියා 20:35) යෙහෝවා දෙවි වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් මොනවාද? හිතෝපදේශ 3:9 කියන්නේ ‘ඔබ සතු වටිනා දේවල් යෙහෝවා දෙවිට දී ඔහුව ගෞරවයට පත් කරන්න’ කියලයි. ඒ දේවලට අපේ කාලය, ශක්තිය, දක්ෂතා සහ සම්පත් ඇතුළත් වෙනවා. නමස්කාරයේ වැඩවලට ඒවා යොදවනවා නම් අපි කරන්නේ යෙහෝවා දෙවිට අපි සතු වටිනා දේවල් දෙන එකයි. ඒකෙන් අපිට ලොකු සතුටක් ලබාගන්න පුළුවන්.

ඒත් අපි ළඟ තියෙන සම්පත් දෙවි වෙනුවෙන් දෙන්න අපිට අමතක වෙන්න පුළුවන්. එහෙමනම් පාවුල් කොරින්තිවරුන්ට කිව්ව මේ දේ අදාළ කරගන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. පාවුල් කිව්වේ සම්මාදමක් විදිහට ‘යමක් වෙන් කර තබන්න’ කියලයි. (1 කොරි. 16:2) ඔයාගේ රටේ පරිත්‍යාගයන් කරන්න පුළුවන් ක්‍රම ගැන වැඩි විස්තර දැනගන්න කැමතිද?

සමහර රටවල ඔන්ලයින් හරහා සම්මාදම් කිරීමේ සේවාව භාවිතා කරන්න බැහැ. සම්මාදම් කරන්න පුළුවන් වෙනත් ක්‍රම ගැන donate.pr418.com වෙබ් පිටුවෙන් දැනගන්න පුළුවන්. සමහර රටවල ඒ වෙබ් පිටුවෙන් සම්මාදම් කරන එක සම්බන්ධයෙන් නිතර අසන ප්‍රශ්නවලට උත්තර දැනගන්න පුළුවන්.