මුරටැඹ - පාඩම් කලාපය 2018 පෙබරවාරි 

2018 අප්‍රියෙල් 2-29 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

නෝවා, දානියෙල්, යෝබ් පෙන්නපු විශ්වාසවන්තකම සහ කීකරුකම ආදර්ශයට ගන්න

මේ අය අද්දැක්කෙත් අපි අද්දකිනවා වගේම අභියෝග. විශ්වාසවන්තව සහ කීකරුව ඉන්න එයාලට උදව් වුණේ මොනවාද?

නෝවා, දානියෙල්, යෝබ් වගේ ඔයාත් යෙහෝවා දෙවිව හඳුනනවාද?

මේ අය දෙවිව හඳුනගත්තේ කොහොමද? ඒ දැනුම එයාලට උදව් වුණේ කොහොමද? එයාලාට තිබුණා වගේ විශ්වාසයක් අපිට ඇති කරගන්න පුළුවන් කොහොමද?

ජීවිත කතාව

යෙහෝවා දෙවිට හැම දෙයක්ම කරන්න පුළුවන්

කිර්ගිස්තානයේ බසයකදී අහන්න ලැබුණ වචන කීපයක් නිසා යුවළකගේ ජීවිත වෙනස් වුණා.

දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න කෙනෙක් කොයි වගේද?

‘දෙවිගේ මඟ පෙන්වීමට යටත් කෙනෙක්’ කොයි වගේද කියලත් ‘තමන්ගේ ආශාවන්ට හසු වී සිටින කෙනෙක්’ කොයි වගේද කියලත් බයිබලේ සඳහන් වෙනවා.

ඉදිරියටම යන්න!

දෙවිගේ මඟ පෙන්වීමට යටත් කෙනෙක් වෙන්න බයිබලේ ගැන දැනුම විතරක් මදි ඇයි? ඊට අමතරව අපිට තියෙන්න ඕනෙ මොනවාද?

ප්‍රීතිය දෙවිගෙන් අපිට ලැබෙන ගුණාංගයක්

එදිනෙදා ප්‍රශ්න නිසා ඔයාගේ සතුට නැති වෙලා නම් නැති වුණ සතුට ආයෙත් ලබාගන්න කරන්න පුළුවන් මොනවාද?

අතීතයෙන් බිඳක්

බයිබල් දේශන නිසා අයර්ලන්තය පුරා ශුභාරංචිය පැතිරෙයි

“මේක අස්වැන්න හොඳින් පැසුණු කෙතක්” කියලා තේරුම්ගන්න රසල්ට උදව් වුණේ මොකක්ද?