මුරටැඹ - පාඩම් කලාපය 2018 මාර්තු 

2018 අප්‍රියෙල් 30 සිට ජූනි 3 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

බව්තීස්මය අපි ගන්නම ඕන පියවරක්

බව්තීස්මය ගැන බයිබලේ කියන්නේ මොනවාද? බව්තීස්ම වෙන්න කලින් කෙනෙක් ගන්න ඕන පියවර මොනවාද? අපේ දරුවන්ට, බයිබල් පාඩම්වලට උගන්වද්දී බව්තීස්මය වැදගත් පියවරක් කියලා අපි නිතරම මතක තියාගන්න ඕනෙ ඇයි?

දෙමාපියෙනි, බව්තීස්මය කියන ඉලක්කය ජය ගන්න දරුවාට උදව් කරන්න

තමන්ගේ දරුවන් බව්තීස්ම වෙන්න කලින් දෙමාපියන් ස්ථිර කරගන්න ඕනෙ මොකක්ද?

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

සාක්ෂිකරුවන් එයාලගේ ප්‍රකාශනවල නියෝජිත පාවුල්ව කොණ්ඩේ අඩු නැත්නම් තට්ටේ තියෙන කෙනෙක් හැටියට චිත්‍රයට නඟලා තියෙන්නේ ඇයි?

ආගන්තුක සත්කාරය පෙන්වීම අත්‍යවශ්‍ය දෙයක්!

එකිනෙකාට ආගන්තුක සත්කාරය පෙන්නන්න කියලා බයිබලේ දිරිගන්වලා තියෙන්නේ ඇයි? ආගන්තුක සත්කාරය පෙන්නන්න ලැබෙන අවස්ථා මොනවාද? ආගන්තුක සත්කාරය පෙන්නන එකෙන් අපි වැළකෙන්නේ ඇයි? ඒ බාධා ජය ගන්න පුළුවන් කොහොමද?

ජීවිත කතාව

යෙහෝවා දෙවි කවදාවත් මාව අත්හැරියේ නෑ

එරිකා නෙරා බ්‍රයිට් ස්ථාවර, විශේෂ සහ මිෂනාරි සේවේ කරපු කාලේ පුරාම යෙහෝවා දෙවි එයාව ශක්තිමත් කරලා ඔහුගේ දකුණු අතින් එයාව අල්ලගෙන හිටපු විදිහ එයා මතක් කරනවා.

දෙවි අපිව හික්මවන්නේ ආදරේ නිසයි

අතීතයේදී දෙවි හික්මවීම් දුන්න අයගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? අපි හික්මවීම් දෙද්දී දෙවිව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

“හික්මවීම පිළිගෙන ප්‍රඥාවන්ත වන්න”

අපිවම පාලනය කරගන්න දෙවි අපිට උගන්වන්නේ කොහොමද? සභාවෙන් ලැබෙන හික්මවීම් පිළිගන්න එකෙන් අපි ප්‍රයෝජන ලබන්නේ කොහොමද?