Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

සාක්ෂිකරුවන් එයාලගේ ප්‍රකාශනවල නියෝජිත පාවුල්ව කොණ්ඩේ අඩු නැත්නම් තට්ටේ තියෙන කෙනෙක් හැටියට චිත්‍රයට නඟලා තියෙන්නේ ඇයි?

පාවුල් මෙන්න මේ වගේ හැඩරුවක් තිබුණ කෙනෙක් කියලා අද ඉන්න කාටවත් කියන්න බැහැ. අපේ ප්‍රකාශනවල තියෙන පාවුල්ගේ පින්තූර චිත්‍ර ශිල්පීන් හිතින් මවාගෙන ඇඳපු ඒවා මිසක් පුරාවිද්‍යා සාක්ෂිවලින් හොයාගත්ත තොරතුරු මත ඇඳපු ඒවා නෙමෙයි.

ඒත් පාවුල්ගේ හැඩරුව හිතින් මවාගන්න උදව් වුණ හේතු තිබුණා. උදාහරණෙකට 1902 මාර්තු 1 “සයන්ස් වොච් ටවර්” සඟරාවේ පාවුල්ගේ පෙනුම ගැන කතා කරද්දී එයාගේ පෙනුම හොඳින්ම විස්තර කරලා තියෙන්නේ ක්‍රි.ව. 150දී විතර ලියපු පොතක කියලා සඳහන් වුණා. (Acts of Paul and Thecla) ඒ පොතේ පාවුල්ව විස්තර කරලා තිබුණේ “ටිකක් මිටි, තට්ටේ තියෙන, කකුල් ඇද ගැහුණු, ඇහිබැමි එකට හාවුණ, ටිකක් දිග නහයක් තිබුණ, ශක්තිමත් කෙනෙක්” විදිහට.

ඒ පැරණි පොත ගැන ශබ්දකෝෂයක මෙහෙම කියනවා. “ඒ පොතේ තියෙන සමහර තොරතුරුවල ඇත්තක් තියෙනවා.” (The Oxford Dictionary of the Christian Church) ඒ පොතේ ග්‍රීක අත්පිටපත් 80ක් තියෙන නිසාත් ඒක වෙන භාෂාවලින් තියෙන නිසාත් මුල් සියවස්වල ඒ පොතට ලොකු පිළිගැනීමක් තිබුණා කියලා ඔප්පු වෙනවා. ඒකෙන් පැහැදිලි වෙනවා අපේ ප්‍රකාශනවල එන පාවුල්ගේ පින්තූර සමහර පැරණි තොරතුරුවලට එකඟයි කියලා.

පාවුල්ගේ කාලේ හිටපු සමහරු එයාව මෙහෙම විවේචනය කළා. “ඔහු අප සමඟ සිටින විට ඔහුව පෙනෙන්නේ දුර්වලයෙකු ලෙසයි. ඔහු කියන දේවලත් කිසි හරයක් නැහැ.” (2 කොරි. 10:10) ඒත් පාවුල්ගේ පෙනුමට වඩා එයා සම්බන්ධයෙන් අපි අවධානය දෙන්න ඕන වෙනත් වැදගත් කාරණා තියෙනවා. අමතක කරන්න එපා පාවුල් යේසුස්ගේ අනුගාමිකයෙක් වුණේ ආශ්චර්යයවත් විදිහට යේසුස් එයාට දර්ශනය වුණ නිසයි කියලා. ඒ විතරක් නෙමෙයි යේසුස්ගේ නාමය ගැන ජාතීන්ට ප්‍රකාශ කිරීමේ විශේෂ අරමුණ සඳහා යේසුස් පාවුල්ව තෝරගත්තා. ඒ පැවරුම පාවුල් උද්‍යෝගයෙන් කරපු විදිහ ගැනත් අපිට හිතන්න පුළුවන්. (ක්‍රියා 9:3-5, 15; 22:6-8) යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීමෙන් පාවුල් ලියපු පොත්වලින් අපිට කොයි තරම් නම් දේවල් ඉගෙනගන්න පුළුවන්ද කියලත් හිතන්න.

පාවුල් තමන් ගැන මහ ඉහළින් කතා කළේවත් තමන්ගේ පෙනුම ගැන විස්තර කළේවත් නැහැ. (ක්‍රියා 26:4, 5; ෆිලි. 3:4-6) ඒ වෙනුවට එයා කිව්වේ ‘යේසුස්ගේ නියෝජිතයන් අතරින් සුළුම තැනැත්තා මමය. නියෝජිතයෙකු කියා හැඳින්වීමටවත් මා වටින්නේ නැහැ’ කියලයි. (1 කොරි. 15:9) එයා මෙහෙමත් කිව්වා. “මහත් කරුණාව ශුද්ධ තැනැත්තන්ගෙන් සුළුම තැනැත්තාටත් වඩා සුළු කෙනෙකු ලෙස සැලකිය යුතු මට පෙන්වන ලදි. එසේ කළේ අසීමිත ධන සම්භාරයක් හා සමාන ක්‍රිස්තුස්ගෙන් ලැබෙන ආශීර්වාද පිළිබඳ ශුභාරංචිය වෙනත් ජාතීන්ට ප්‍රකාශ කිරීම සඳහාය.” (එෆී. 3:8) වැදගත් වෙන්නේ පාවුල් දේශනා කරපු පණිවිඩය මිසක් එයාගේ පෙනුම නෙමෙයි.