ගවේෂණයට යෝජනාවක්!
‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එකේ තියෙන ප්‍රකාශන
විවිධ විෂයන් ගැන හොයලා බලන්න ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන පොත ඔයාට උදව් වෙනවා.
‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එකේ “විෂය ඇතුළත් කරන්න” කියන තැන ඔයා මොකක් හරි වචනයක් ටයිප් කරන්න ගත්තාම ඒකට සම්බන්ධ වචන ලැයිස්තුවක් පේළියට පෙන්නනවා. ඔයා ටයිප් කරපු වචනය ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන පොතේ විෂයක් විදිහට තියෙනවා නම් ඒ වචනයට ඉස්සරහින් “විෂය” කියලා සඳහන් වෙනවා.
කරලා බලන්න: “විෂය ඇතුළත් කරන්න” කියන තැන “යෙහෝවා” කියලා ටයිප් කරන්න පටන්ගන්න (1). එතකොට ටයිප් කරන තැනට පහළින් එන ලැයිස්තුවේ “යෙහෝවා” කියන නමට ඉස්සරහින් “විෂය” කියලා සඳහන් වෙයි. ඒක ක්ලික් කරන්න (2). ඊටපස්සේ ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොතෙන් ඒ විෂය ගැන තොරතුරු ලබාගන්න පුළුවන්.