Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ළඟදී පළ වුණ ‘මුරටැඹ’ ලිපිවලින් ඉගෙනගත්ත දේවල් ආයෙත් මතක් කරගමුද?

අතීතයේදී ඊශ්‍රායෙල්වරුන් කරපු යුද්ධවලට දෙවි අනුමැතිය දුන්නේ ඇයි?

යෙහෝවා දෙවි ප්‍රේමණීය දෙවි කෙනෙක්. දුෂ්ටකම් සහ දුක් පීඩාවලට මුහුණ දෙද්දී ඊශ්‍රායෙල්වරුන්ව ආරක්ෂා කරන්න දෙවි සමහර වෙලාවලදී යුද්ධවලට අනුමැතිය දුන්නා. සටනට යන්නේ කවුද, කවදද කියලා තීරණය කළේ දෙවි.—w15 11/1, 4-5 පිටු.

දෙවි ගැන ආදරයක් ඇති කරගන්න යෞවන දරුවාට උදව් කරන්න දෙමාපියන්ට කරන්න පුළුවන් මොනවද?

දරුවාට ආදරේ පෙන්නන්න. නිහතමානී වෙලා හොඳ ආදර්ශයක් වෙන්න. දරුවාගේ හිතේ තියෙන දේ තේරුම් අරන් එයාලට උදව් කරන්න.—w15 11/15, 9-11 පිටු.

පාප්වරයා පේතෘස්ගේ අනුප්‍රාප්තිකයා කියලා සලකන්න බැරි ඇයි?

මතෙව් 16:17, 18 කියන දෙයින් අදහස් වුණේ පේතෘස් ක්‍රිස්තියානි සභාවේ නායකයා වෙනවා කියන එක නෙමෙයි. මූලික තැන පේතෘස්ට දෙනවා වෙනුවට බයිබලේ කියන්නේ ක්‍රිස්තියානි සභාවේ ප්‍රධාන ගල යේසුස් කියලා. (1 පේතෘ. 2:4-8)—w15 12/1, 12-14 පිටු.

කතා කරන්න කලින් අපි සැලකිලිමත් වෙන්න ඕනෙ මොනවා ගැනද?

අනිත් අයව දිරිගන්වන විදිහට අපේ දිව පාවිච්චි කරන්න නම් (1) කතා කරන්න සුදුසුම වෙලාව (දේශ. 3:7), (2) කතා කරන්නේ මොනවද (හිතෝ. 12:18), (3) කතා කරන විදිහ (හිතෝ. 25:15) ගැන සැලකිලිමත් වෙන්න ඕනේ.—w15 12/15, 19-22 පිටු.

සැබෑ ක්‍රිස්තියානීන් වැළකිලා ඉන්න වංක ක්‍රියා සමහරක් මොනවද?

බොරු කියන එකෙන්, කෙනෙක්ගේ නම කැත කරන අදහසින් අපහාසාත්මක තොරතුරු කියන එකෙන්, වංචාවෙන් සහ සොරකමින් සැබෑ ක්‍රිස්තියානීන් වැළකෙනවා.—wp16.1, 5 පිටු.

බයිබලේ සඳහන් වෙන “නායක පූජකයන්” කවුද?

“නායක පූජකයන්” කියන්නේ පූජකයන්ගේ ප්‍රධානීන්ටයි. කලින් උත්තම පූජකයන් වෙලා හිටපු අයත් ඒ අයට ඇතුළත්.—wp16.1, 10 පිටු.

සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්න කෙනෙක්ව අපි සලකන්න ඕනෙ කොහොමද?

අපි අභිෂේක ලත් කෙනෙක්ට අනවශ්‍ය ගෞරවයක් දෙන්නේ නැහැ. එහෙම කෙනෙක් අනිත් අයගෙන් විශේෂ සැලකිලි බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. තමන් අභිෂේක ලත් කෙනෙක් කියලා හැමෝටම දැනුම් දෙන්න එහෙම කෙනෙක් කැමති නැති වෙන්න පුළුවන්. (මතෙ. 23:8-12)—w16.01, 23-24 පිටු.

ආබ්‍රහම්ට දෙවිගේ යාළුවෙක් වෙන්න පුළුවන් වුණේ කොහොමද?

ආබ්‍රහම් දෙවි ගැන දැනුම ලබාගත්තා. සමහරවිට ඒ ෂෙම්ගෙන් වෙන්න ඇති. ඒ වගේම ජීවිත කාලේ එයා ලබපු අද්දැකීම්වලින් යෙහෝවා දෙවි ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තා. දෙවිගේ යාළුවෙක් වෙන්න අපිටත් ඒ දේවල් උදව් වෙනවා.—w16.02, 9-10 පිටු.

ඡේද සහ පරිච්ඡේදවලට බයිබලය වෙන් කළේ කොහොමද?

ක්‍රි.ව. 13වෙනි සියවසේදී පූජකයෙක් වුණ ස්ටීවන් ලැංටන් බයිබලේ පරිච්ඡේදවලට වෙන් කළා. මුලින්ම හෙබ්‍රෙව් ලියවිල්ල ඡේදවලට වෙන් කළේ යුදෙව් පිටපත්කරුවන්. 16වෙනි සියවසේදී විද්වතෙක් වන රොබට් එස්ටියෙන් ග්‍රීක ලියවිල්ලත් ඡේදවලට වෙන් කළා.—wp16.2, 14-15 පිටු.

යේසුස්ව වරදකට හසු කරගන්න උත්සාහ කරපු අවස්ථාවේ සාතන් යේසුස්ව ඇත්තටම දේවමාලිගාවට අරන් ගියාද?

ඒක හරියටම කියන්න බැහැ. මතෙව් 4:5 සහ ලූක් 4:9 සඳහන් දෙයින් සාතන් දර්ශනයක් මාර්ගයෙන් යේසුස්ව එතනට අරන් ගියා කියලා අදහස් වෙන්න පුළුවන්. නැත්නම් යේසුස් ඇත්තටම දේවමාලිගාවේ යම් උස් තැනකට යන්න ඇති කියලා හිතන්නත් පුළුවන්.—w16.03, 31-32 පිටු.

අපේ සේවය පිනි බිඳු වගේ වෙන්නේ කොහොමද?

පිනි බිඳු හැදෙන්නේ ජල අංශු එකතු වෙලා. ඒවා ප්‍රබෝධයක් ගේනවා වගේම ජීවය පවත්වාගන්න උදව්වක්. ඒවා දෙවිගෙන් ලැබුණු ආශීර්වාදයක්. (ද්වි. 33:13) දෙවිගේ සේවකයන් එකතු වෙලා කරන සේවයත් පිනි බිඳුවලට සමානයි.—w16.04, 4 පිටු.