Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

2019 පළ වුණ ‘මුරටැඹ’ ලිපිවලින් අරන් තියෙන මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඔයාට පුළුවන්ද?

“ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැත” කියලා දෙවියන් දීලා තියෙන පොරොන්දුවෙන් අදහස් වෙන්නේ මොකක්ද? (යෙසා. 54:17)

“දරුණු ලෙස ඇද හැළෙන වැස්සක් මෙන් පහර දෙන කෲරයන්ගෙන්” දෙවියන් අපිව ආරක්ෂා කරයි කියන විශ්වාසය ඇතුව ඉන්න අපිට පුළුවන්. (යෙසා. 25:4, 5) අපිට සදාකාලෙටම හානියක් වෙන දෙයක් කරන්න අපේ සතුරන්ට කවදාවත් බැහැ.—w19.01, 6-7 පිටු.

කානානිවරුන් සහ කැරලිකාර ඊශ්‍රායෙල්වරුන් එක්ක යෙහෝවා දෙවියන් වැඩ කරපු විදිහෙන් ඔහුගේ යුක්තිය පැහැදිලි වුණේ කොහොමද?

පිළිකුල්සහගත ලිංගික ක්‍රියාවන්වල යෙදුණ අයටත් අසරණ කාන්තාවන්ට සහ දරුවන්ට හිරිහැර කරපු අයටත් දෙවියන් දඬුවම් කළා. අනිත් අතට දෙවියන්ට ළැදිව හිටපු, එකිනෙකාට සාධාරණව සලකපු අයට දෙවියන් ආශීර්වාද කළා.—w19.02, 22-23 පිටු.

සාක්ෂිකරුවෙක් නොවන කෙනෙක් යාච්ඤා කරද්දී අපි එතන ඉන්නවා නම් අපි මොකක්ද කරන්න ඕනේ?

ඒ අවස්ථාවට අගෞරව නොකර නිශ්ශබ්දව ඉන්න අපිට පුළුවන්. ඒත් යාච්ඤාව අවසානයේදී අපි “ආමෙන්” කියලා කියන්නේවත් යාච්ඤාව වෙලාවේ අනිත් අයගේ අත් අල්ලගන්නේවත් නැහැ. අපිට පුළුවන් නිහඬව යෙහෝවා දෙවියන්ට යාච්ඤාවක් කරන්න.—w19.03, 31 පිටුව.

ළමා ලිංගික අපචාරය කොයි තරම් බරපතළ දෙයක්ද?

ඒක අපචාරයට ලක් වුණ කෙනාට, සභාවට, බලධාරීන්ට සහ දෙවියන්ට විරුද්ධව කරන පාපයක්. ළමා අපචාරයක් සිදු වුණා කියලා චෝදනාවක් කළොත් ඒ ගැන බලධාරීන්ව දැනුවත් කරන්න ඕනෙ කියලා රටේ නීතියක් තියෙනවා නම් වැඩිමහල්ලන් ඒකට කීකරු වෙනවා.—w19.05, 9-10 පිටු.

අලුත් ආකාරයකින් හිතන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද?

යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න. ඔයාවම සෝදිසි කරලා බලන්න. හොඳ යාළුවන්ව තෝරගන්න.—w19.06, 11 පිටුව.

විරුද්ධවාදිකම්වලට දැන්ම සූදානම් වෙන්න පුළුවන් කොහොමද?

යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම අපි ශක්තිමත් කරගන්න ඕනේ. යෙහෝවා දෙවියන් ඔයාට ආදරෙයි කියලත් ඔහු කවදාවත් ඔයාව අත්හරින්නේ නැහැ කියලත් විශ්වාස කරන්න. හැමදාම බයිබලේ කියවන්නත් යාච්ඤා කරන්නත් කාලේ වෙන් කරන්න. දේවරාජ්‍යය මාර්ගයෙන් අනිවාර්යයෙන්ම ආශීර්වාද ලැබෙනවා කියලා විශ්වාස කරන්න. ඔයාගේ ආසම බයිබල් පද සහ ගීතිකා කටපාඩම් කරගන්න.—w19.07, 2-4 පිටු.

පවුලේ අයට අපේ පණිවිඩය පිළිගන්න පහසු වෙන්න අපි කරන්න ඕනෙ මොන වගේ දේවල්ද?

අපි එයාලව තේරුම්ගන්න උත්සාහ කරන්න ඕනේ. හොඳ ආදර්ශයක් වෙන්න. එයාලා එක්ක දේවල් කරද්දී කාරුණික වෙන්න. එයාලා ගැන ඉවසන්න.—w19.08, 15-17 පිටු.

මතෙව් 11:28 යේසුස් පොරොන්දු වුණ විදිහට අපි ප්‍රබෝධයක් ලබන්නේ කොහොමද?

අපිව බලාගන්න ඉන්නේ හොඳම අයයි. අපිට ඉන්නේ හොඳම යාළුවෝ. අපිට කරන්න තියෙන කාර්යය තමයි හොඳම කාර්යය.—w19.09, 23 පිටුව.

දෙවියන්ගේ අරමුණ ඉටු කරන්න ඔහු අපි තුළ ආශාවක් වගේම පෙලඹීමක් ඇති කරන්නේ කොහොමද? (ෆිලි. 2:13)

දේවවචනය කියවලා ඒ ගැන හොඳින් හිතද්දී දෙවියන් කැමති දේ කරන්න අපි තුළ ආශාවක් වගේම පෙලඹීමක් ඇති කරන්න ඔහුට පුළුවන්. දෙවියන්ට පුළුවන් ඔහුගේ බලය අපිට දීලා අපි ළඟ දැනටමත් තියෙන හැකියාවන් තව දියුණු කරගන්න අපිට උදව් කරන්න.—w19.10, 21 පිටුව.

බැරෑරුම් තීරණයක් ගන්න කලින් අපි කරන්න ඕනෙ මොනවාද?

මේ දේවල් 5 කරන්න: තොරතුරු ගවේෂණය කරන්න. ප්‍රඥාව ඉල්ලලා යාච්ඤා කරන්න. යම් තීරණයක් ඔයා ගන්නේ ඇයි කියලා හිතන්න. නිශ්චිත ඉලක්ක තියාගන්න. සාධාරණ වෙන්න.—w19.11, 27-29 පිටු.

අමරණීය ආත්මයක් ගැන ඉගැන්වීම පටන්ගත්තේ සාතන් ඒවට කියපු දෙයින්ද?

පේන විදිහට නැහැ. සාතන් ඒවට කිව්වේ එයා කවදාවත් මිය යන්නේ නැහැ කියලා මිසක් එයාගේ ශරීරය මැරුණත් එයා තුළ තියෙන නොපෙනන දෙයක් දිගටම ජීවත් වෙනවා කියලා නෙමෙයි. ජලගැල්මත් එක්ක බොරු නමස්කාරට සම්බන්ධ හැම දෙයක්ම පොළොවෙන් අයින් වුණා. අමරණීය ආත්මයක් ගැන ඉගැන්වීම ආරම්භ වෙන්න ඇත්තේ දෙවියන් බාබෙල් කොත හදපු අයව පොළොව පුරාම විසුරුවාහරින්න කලින් වෙන්න ඕනේ.—w19.12, 15 පිටුව.