මුරටැඹ - පාඩම් කලාපය 2020 ජනවාරි 

2020 මාර්තු 2–අප්‍රියෙල් 5 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න’

මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන කාර්යය තව හොඳින් කරන්න පුළුවන් කොහොමද කියලා හිතන්න 2020 වාර්ෂික පදය අපිට උදව් වෙයි.

අනිත් අයට “ඉමහත් ශක්තියක්” වෙන්න ඔයාට පුළුවන්

අනිත් අයට ශක්තියක් වෙන්න ඔයාට උදව් වෙන ගතිලක්ෂණ තුනක් ගැන දැනගන්න.

ඔයාගේ දෙවි යෙහෝවාට ඔයාව හුඟක් වටිනවා

අසනීප නිසා, ආර්ථික ප්‍රශ්න නිසා, මහලු වයස නිසා ඔයා අධෛර්යය වෙද්දී යෙහෝවා දෙවියන්ගේ ආදරෙන් ඔයාව වෙන් කරන්න කාටවත් බැහැ කියලා මතක තියාගන්න.

අප ඔහුගේ දරුවන් බව අපට දන්වන්නේ දෙවියන්ගේ බලයයි

තමන්ව දෙවියන්ගේ බලයෙන් අභිෂේක කරලා කියලා කෙනෙක් දැනගන්නේ කොහොමද? කෙනෙක්ට ස්වර්ගයේ ජීවත් වෙන්න ආරාධනාවක් දුන්නාම මොකද වෙන්නේ?

“ඔබ සමඟ යන්න අපි සතුටු වන්නෙමු”

සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්න අය ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද? ඒ අයගේ සංඛ්‍යාව එන්න එන්නම වැඩි වෙනවා නම් ඒ ගැන අපි කරදර වෙන්න ඕනෙද?