Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ළඟදී පළ වුණ මුරටැඹ ලිපි ඔයා කියෙව්වාද? එහෙනම් මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඔයාට පුළුවන්ද?

අභිෂේක ලත් අයට අපි සලකන්න ඕනෙ කොහොමද?

එයාලට තියෙන විශ්වාසය අපි අගය කළත් එයාලට අනවශ්‍ය අවධානයක් දෙන්නේ නැහැ. පුද්ගලයන්ව වර්ණනා කරන එකෙන් අපි වළකින්න ඕනේ. (යූද් 16) එයාලගේ බලාපොරොත්තුව ගැන අපි ප්‍රශ්න අහන්නේ නැහැ.—w20.01, 29 පිටුව.

යෙහෝවා දෙවියන්ගේ අවධානයට ඔයාව ලක් වෙනවා කියලා නිසැක වෙන්න පුළුවන් කොහොමද?

ඉපදෙන්නත් කලින් යෙහෝවා දෙවියන්ගේ අවධානයට ඔයා ලක් වුණා. ඔයාගේ යාච්ඤාවලට ඔහු ඇහුම්කන් දෙනවා. ඔයාගේ හිතේ තියෙන හැම දේම දෙවියන් දන්නවා. ඔයා කරන කියන දේවල් ඔහුගේ සතුටට නැත්නම් දුකට හේතු වෙනවා. (1 ලේක. 28:9; හිතෝ. 27:11) දෙවියන් ගැන දැනගන්න ඔයාට ආසාවක් ඇති කළේ ඔහුයි.—w20.02, 12 පිටුව.

අපි කතා කරන්න ඕනෙ සහ නිහඬව ඉන්න ඕනෙ අවස්ථාවලට උදාහරණ දෙන්න.

අපි යෙහෝවා දෙවියන් ගැන සතුටින් කතා කරනවා. කෙනෙක් වරදක් කරන්න ගියොත් අපි ඒ ගැන එයාට කියනවා. වැඩිමහල්ලන් අවශ්‍ය වෙලාවලදී අවශ්‍ය අයට උපදෙස් දෙනවා. අපේ වැඩකටයුතු තහනම් කරලා තියෙන රටවල තොරතුරු අපි දැනගන්න හදන්නෙවත් ඒ ගැන අපි දන්න තොරතුරු අනිත් අයට කියන්නෙවත් නැහැ. රහසිගත කාරණා අපි අනිත් අයට කියන්නෙත් නැහැ.—w20.03, 20-21 පිටු.

යෝවෙල් 2වෙනි පරිච්ඡේදයේ සහ එළිදරව් 9වෙනි පරිච්ඡේදයේ සඳහන් පළඟැටියන් අතර තියෙන වෙනස මොකක්ද?

යෝවෙල් පොතේ සඳහන් පළඟැටියන්ව විසුරුවා හරිනවා කියලත් උන් කරපු පාඩුවට සරිලන අස්වැන්නක් දෙනවා කියලත් දෙවියන් කියලා තියෙනවා. ඊටපස්සේ දෙවියන් උන්ට බලය දෙනවා. (යෝවෙ. 2:20-29) ඒ දේවල් සිද්ධ වුණේ බැබිලෝනිවරු යෙරුසලම යටත් කරගත්ත අවස්ථාවේ සහ ඊටපස්සෙයි. එළිදරව් 9:1-11 සඳහන් පළඟැටියන්ගෙන් නියෝජනය වෙන්නේ අභිෂේක ලත් අයව. එයාලා මේ දුෂ්ට සමාජය පිට ගේන දෙවියන්ගේ විනිශ්චය ගැන බය නැතුව කියනවා. ඒක මේ සමාජයේ දේවලට ඇලීගැලී ඉන්න අයට දරාගන්න බැහැ.—w20.04, 2-6 පිටු.

අද දින උතුරේ රජ කවුද?

රුසියාව සහ ඒකට සහාය දෙන රටවල්. එයාලා දේශනා කිරීමේ වැඩකටයුතු තහනම් කරලා එයාලගේ පාලනය යටතේ ඉන්න සාක්ෂිකරුවන්ට හුඟක් පීඩා කරනවා. ඒ දේවලින් පැහැදිලියි එයාලා දෙවියන්ගේ සෙනඟට වෛර කරනවා කියලා. උතුරේ රජයි, දකුණේ රජයි බල අරගලයක යෙදෙනවා.—w20.05, 13 පිටුව.

දෙවියන්ගේ බලයේ උදව්වෙන් වර්ධනය කරගන්න පුළුවන් ගලාති 5:22, 23 සඳහන් ගුණාංග විතරද?

නැහැ. දෙවියන්ගේ බලයේ උදව්වෙන් ධර්මිෂ්ඨකම වගේ තවත් ගුණාංග වර්ධනය කරගන්න පුළුවන්. (එෆී. 5:8, 9)—w20.06, 17 පිටුව.

සමාජ ජාල වෙබ් අඩවිවලට ඔයා දාන දේවල් නිසා වෙන්න පුළුවන් එක හානියක් මොකක්ද?

අනිත් අයට හිතෙයි ඔයා පම්පෝරි ගහන උඩඟු කෙනෙක් කියලා.—w20.07, 6-7 පිටු.

සාර්ථක ධීවරයන්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

දක්ෂ ධීවරයන් මාළු අල්ලන්න යන්නේ මාළු ඉන්න වෙලාවට සහ මාළු ඉන්න තැන්වලට. ඒකට ඕනෙ කරන ආම්පන්න පාවිච්චි කරන්නේ කොහොමද කියලත් එයාලා දන්නවා. කාලගුණික තත්වයන් වෙනස් වුණත් ධෛර්යවන්තව ඒ වැඩේ කරනවා. සේවේ යද්දී අපිටත් එයාලව ආදර්ශයට ගන්න පුළුවන්.—w20.09, 5 පිටුව.

දෙවියන් ගැන ආදරයක් ඇති කරගන්න ශිෂ්‍යයන්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

හැම දවසකම බයිබලය කියවලා ඒ තොරතුරු ගැන ගැඹුරින් හිතන්න කියලා ශිෂ්‍යයන්ව දිරිගන්වන්නත් යාච්ඤා කරන්න එයාලට උගන්වන්නත් අපිට පුළුවන්.—w20.11, 4 පිටුව.

“ක්‍රිස්තුස් නිසා සියලුදෙනාටම ජීවනය ලැබේ” කියලා කියපු එකෙන් පාවුල් අදහස් කළේ මොකක්ද?1 කොරි. 15:22.

පාවුල් ඒකෙන් අදහස් කළේ හැම කෙනෙක්ම නැවත නැඟිටිනවා කියන එක නෙමෙයි. එයා කතා කළේ “ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින” අය ගැනයි. ඒ කියන්නේ අභිෂේක ලත් අය ගැනයි. (1 කොරි. 1:2; 15:18)—w20.12, 5-6 පිටු.

‘අවසාන හොරණෑව පිඹිනු ලබන අවස්ථාවේදී ඇසිපිය හෙළන සැණින්’ වෙනසක් අද්දකින අභිෂේක ලත් අය කරන්නේ මොනවාද?1 කොරි. 15:51-53.

එයාලා යේසුස්ගේ නායකත්වය යටතේ යකඩ දණ්ඩක් අතැතිව ඉන්න එඬේරෙක් වගේ ජාතීන්ව පලවාහරිනවා. (එළි. 2:26, 27)—w20.12, 12-13 පිටු.