පාඩම් ලිපිය 12
කතා කරන්න සුදුසු අවස්ථාවන් මොනවාද?
“නිහඬව සිටීමට කාලයක්ද කතා කිරීමට කාලයක්ද ඇත.”—දේශ. 3:7.
ගීතිකාව 124 යෙහෝවා දෙවිට ළැදි වෙමු
මේ ලිපියෙන් *
1. දේශනාකාරයා 3:1, 7 අපි තේරුම්ගන්නේ මොකක්ද?
සමහරු ආසයි ටිකක් වැඩිපුර කතා කරන්න. තවත් අය කතා කරන්නේ අඩුවෙන්. මේ ලිපියේ ප්‍රධාන බයිබල් පදයේ කියන්නේ කතා කරන්න කාලයක් වගේම නිහඬව ඉන්න කාලයක් තියෙනවා කියලා. (දේශනාකාරයා 3:1, 7 කියවන්න.) සමහර වෙලාවට අපිට හිතෙයි අපේ සමහර සහෝදර සහෝදරියන් ටිකක් වැඩියෙන් කතා කළා නම් හොඳයි කියලා. තවත් අය ටිකක් අඩුවෙන් කතා කළා නම් කොච්චර හොඳයිද කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා.
2. අපි කතා කරන්න ඕනෙ කොයි අවස්ථාවලදීද ඒක කරන්න ඕනෙ කොහොමද කියලා අපිට උගන්වන්න අයිතිය තියෙන්නේ කාටද?
2 කතා කරන්න අපිට තියෙන හැකියාව යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක්. (නික්. 4:10, 11; එළි. 4:11) ඒ තෑග්ග හොඳින් පාවිච්චි කරන්නේ කොහොමද කියලා දෙවියන් අපිට බයිබලේ මාර්ගයෙන් උගන්වනවා. කතා කරන්න ඕනෙ මොන අවස්ථාවලදීද නිහඬව ඉන්න ඕනෙ මොන අවස්ථාවලදීද කියන දේ තේරුම්ගන්න උදව් වෙන බයිබල් සිද්ධීන් කීපයක් මේ ලිපියෙන් අපි බලනවා. අපි අනිත් අයට කියන දේවල් ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන්නේ කොහොමද කියලත් අපි බලනවා. මුලින්ම අපි බලමු කතා කරන්න සුදුසු කොයි වගේ අවස්ථාවලදීද කියලා.
කතා කරන්න ඕනෙ කොයි අවස්ථාවලදීද?
3. රෝම 10:14 අනුව අපි කතා කරන්න සූදානමින් ඉන්න ඕනෙ මොන වගේ අවස්ථාවලදීද?
3 යෙහෝවා දෙවියන් ගැනත් දේවරාජ්‍යය ගැනත් ඕනෙම වෙලාවක කතා කරන්න අපි සූදානමින් ඉන්න ඕනේ. (මතෙ. 24:14; රෝම 10:14 කියවන්න.) එහෙම කරද්දී අපි ආදර්ශයට ගන්නේ යේසුස්ව. ඔහු පොළොවට ආපු ප්‍රධාන හේතුවලින් එකක් තමයි තමන්ගේ තාත්තා ගැන සත්‍යය අනිත් අයට කියලා දෙන්න. (යොහ. 18:37) කතා කරන විදිහ ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අපි අනිත් අයට යෙහෝවා දෙවියන් ගැන කියද්දී “මෘදුකමින් හා ගැඹුරු ගෞරවයක් පෙන්වමින්” කතා කරන්න ඕනේ. අපි එයාලගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ වගේම එයාලගේ විශ්වාසයන් පහත් නොකර ඉන්න ඕනේ. (1 පේතෘ. 3:15) එතකොට එයාලගේ හිතට දැනෙන විදිහට උගන්වන්න අපිට පුළුවන්.
4. හිතෝපදේශ 9:9 අනුව අපි කියන දේවල් අනිත් අයට උදව් වෙන්නේ කොහොමද?
4 සහෝදරයෙකුට හෝ සහෝදරියකට යම් උපදෙසක් ඕනෙ කියලා වැඩිමහල්ලන්ට තේරුණොත් ඒක දෙන්න එයාලා අදිමදි කරන්න හොඳ නැහැ. ඒත් සුදුසු අවස්ථාවක් බලලා එයාලා ඒක කළේ නැත්නම් ඒ කෙනා අපහසුතාවට පත් වෙයි. වැඩිමහල්ලන්ට වෙයි අනිත් අය නැති වෙලාවක් බලලා ඒ උපදෙස එයාට දෙන්න. ඒ කෙනාව පහත් කරලා කතා නොකර ඉන්නත් වැඩිමහල්ලන් වගබලා ගන්න ඕනේ. එහෙමයි කියලා කෙනෙක්ට ඥානවන්තව වැඩ කරන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති වැඩිමහල්ලන් පෙන්නන්නේ නැතුව ඉන්නේ නැහැ. (හිතෝපදේශ 9:9 කියවන්න.) ධෛර්යවන්තව අවශ්‍ය වෙලාවේදී කතා කරන එක වැදගත් ඇයි? මේ සිද්ධීන් 2 බලන්න. එක සිද්ධියකදී තාත්තා කෙනෙක් එයාගේ පුතාලව නිවැරදි කරන්න ඕනෙ වුණා. අනිත් සිද්ධියේදී කාන්තාවකට සිද්ධ වෙනවා අනාගත රජුව නිවැරදි කරන්න.
5. උපදෙසක් දිය යුතුම අවස්ථාවකදී උත්තම පූජක ඒලී කළේ මොකක්ද?
5 උත්තම පූජක ඒලී එයාගේ පුතාලා දෙන්නාට ගොඩක් ආදරේ කළා. ඒත් ඒ පුතාලා යෙහෝවා දෙවියන්ට පොඩ්ඩක්වත් ගෞරව කළේ නැහැ. පූජකයන් විදිහට එයාලට වැදගත් වගකීම් තිබුණා. ඒත් එයාලා ඒ අධිකාරිය පාවිච්චි කළේ වැරදි විදිහට. යෙහෝවා දෙවියන්ට ඔප්පු කරපු පූජාවලට එයාලා කිසිම ගෞරවයක් පෙන්නුවේ නැහැ. කිසිම බයක් සැකක් නැතුව එයාලා දුරාචාරයෙත් යෙදුණා. (1 සාමු. 2:12-17, 22) මෝසෙස්ගේ නීතියට අනුව එයාලා කරපු දේවලට එයාලට මරණ දණ්ඩනය නියම වෙන්න ඕනේ. ඒත් ඒලී කළේ එයාලා කරන දේවල් ඒ තරම් හොඳ නැහැ කියලා නිකම්ම එයාලට කියපු එක විතරයි. ඒ දෙන්නාට දිගටම ශුද්ධ කූඩාරමේ සේවය කරන්නත් ඒලී ඉඩ දුන්නා. (ද්වි. 21:18-21) ඒ ගැන යෙහෝවා දෙවියන්ට හැඟුණේ කොහොමද? ඔහු ඒලීගෙන් ඇහුවා “ඔබ මට වඩා ඔබේ පුත්‍රයන්ට ගෞරව කරන්නේ ඇයි” කියලා. දෙවියන් තීරණය කළා ඒ දෙන්නාව මරණයට පත් කරන්න.—1 සාමු. 2:29, 34.
6. ඒලීගෙන් අපි ඉගෙනගන්නේ මොකක්ද?
6 ඒලීගෙන් අපිට වැදගත් පාඩමක් ඉගෙනගන්න පුළුවන්. අපේ යාළුවෙක් හෝ පවුලේ කෙනෙක් අතින් බරපතළ වරදක් වෙලා කියලා අපි දැනගත්තොත් ඒ ගැන අපි එයාත් එක්ක කතා කරන්න ඕනේ. දෙවියන් බලාපොරොත්තු වෙන දේ අපි එයාට මතක් කරලා දෙන්න ඕනේ. ඊටපස්සේ වැඩිමහල්ලන්ගේ උදව් ලබාගන්න කියලා අපි එයාට දිරිගන්වන්න ඕනෙ වගේම ඒ උදව් එයා ලබාගන්නවාද කියන දේ ගැන අපි සැලකිල්ලෙන් ඉන්න ඕනේ. (යාකො. 5:14) යෙහෝවා දෙවියන්ට වඩා අපේ පවුලේ අයට, යාළුවන්ට ගෞරව කරන්න අපිට ඕනෙ නැහැ. වරදක් කරන කෙනෙක් ළඟට ගිහින් එයා කරන දේ වැරදියි කියලා කියන එක අමාරු වුණත් ඒක කරන එකෙන් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඒලී වැඩ කරපු විදිහට වඩා අබිගායිල් වැඩ කරපු විදිහ කොයි තරම් වෙනස්ද කියලා බලන්න.
7. අබිගායිල් දාවිත් ළඟට ගිහින් කතා කළේ ඇයි?
7 අබිගායිල් විවාහ වෙලා හිටියේ ධනවත් කෙනෙක් වුණ නාබල් එක්ක. සාවුල් රජුගෙන් පලා යමින් හිටපු කාලේ දාවිත් සහ එයාත් එක්ක හිටපු පුරුෂයන් නාබල්ට අයිති සතුන්ව කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කරගන්න උදව් කළා. ඒ උදව්ව නාබල් අගය කළාද? නැහැ. කන්න කෑම සහ බොන්න වතුර ටිකක් දෙන්න පුළුවන්ද කියලා දාවිත් නාබල්ගෙන් අහලා යැව්වාම එයා දාවිත්ගේ පිරිසට බැණලා එයාලව එළවගත්තා. (1 සාමු. 25:5-8, 10-12, 14) ඒ අපහාසය නිසා දාවිත් තීරණය කළා නාබල්වයි, එයාගේ පවුලේ ඉන්න හැම පිරිමි කෙනෙක්වමයි මරලා දාන්න. (1 සාමු. 25:13, 22) වෙන්න යන ඒ අනතුර නවත්වන්න නම් තමන් ඉදිරිපත් වෙලා කතා කරන්න ඕනෙ කියලා තේරුම්ගත්ත අබිගායිල්, දාවිත්ව හම්බ වෙන්න ගියා. ආයුධ අතැති, කේන්තියෙන්, බඩගින්නෙන් හිටපු පුරුෂයන් 400දෙනෙක් ඉදිරියට ගිහින් දාවිත් එක්ක කතා කරන්න අබිගායිල්ට කොයි තරම් ධෛර්යයක් ඕනෙද!
8. අබිගායිල්ගෙන් අපි ඉගෙනගන්නේ මොනවාද?
8 අබිගායිල් බය නැතුව දාවිත්ට කතා කළා. ඒත් එයා ඒක කළේ ගෞරවනීයව වගේම හරි දේ කරන්න දාවිත් පෙලඹෙන විදිහට. ඇති වුණ ප්‍රශ්නයට අබිගායිල් වග කියන්න ඕනෙ නැතත් එයා දාවිත්ගෙන් සමාව ඉල්ලුවා. දාවිත් හරි දේ කරයි කියන විශ්වාසය තමන්ට තියෙනවා කියලා අබිගායිල් දාවිත්ට කිව්වා. අබිගායිල් ඒ වෙලාවේ වැඩ කළේ යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලයි. (1 සාමු. 25:24, 26, 28, 33, 34) බරපතළ වරදක් කෙනෙක් අතින් වෙන්න යනවා කියලා අපිට තේරුණොත් අපිත් අබිගායිල් වගේ බය නැතුව ඒ කෙනාට ඒ ගැන කතා කරන්න ඕනේ. (ගීතා. 141:5) අපි එයාව පහත් කරන්නේ නැහැ. ඒත් එයා අතින් වෙන්න යන වරද ගැන එයාට කෙළින් කියන්න ඕනේ. කෙනෙක්ට අවශ්‍ය උපදෙසක් අපි ආදරෙන් දෙද්දී ඒකෙන් පේනවා අපි හොඳ යාළුවෙක් කියලා.—හිතෝ. 27:17.
9-10. අනිත් අයට උපදෙස් දෙද්දී වැඩිමහල්ලන් මතක තියාගන්න ඕනෙ මොකක්ද?
ගලා. 6:1) තමන්ටත් උපදෙස් ඕනෙ වෙන වෙලාවල් තියෙනවා කියලා වැඩිමහල්ලන් දන්නවා. එහෙමයි කියලා එයාලා හික්මවීමක් දෙන්න ඕනෙ කෙනෙක්ට ඒක නොදී ඉන්නේ නැහැ. (2 තිමෝ. 4:2; තීත. 1:9) වැඩිමහල්ලන් කෙනෙක්ට උපදෙසක් දෙද්දී ඉවසීමෙන්, එයාගේ හිතට දැනෙන විදිහට කාරණා තේරුම් කරලා දෙන්න ඕනේ. ඒ සහෝදරයාට තියෙන ආදරේ නිසා එයාලට ඕනෙ එයාට උදව් කරන්න. (හිතෝ. 13:24) ඒත් යෙහෝවා දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිති බාල නොකරන්නත් නරක බලපෑම්වලින් සභාව ආරක්ෂා කරගන්නත් වැඩිමහල්ලන් වගබලා ගන්නවා.—ක්‍රියා 20:28.
9 විශේෂයෙන්ම වැඩිමහල්ලන්ට ධෛර්යය තියෙන්න ඕනෙ සභාවේ ඉන්න කෙනෙක් වැරදි පියවරක් අරන් තියෙනවා නම් ඒ ගැන එයාට කියන්න. (10 මේ වෙන කල් අපි බැලුවේ අපි කතා කරන්න ඕනෙ අවස්ථාවන් ගැනයි. ඒත් අපි නිහඬව ඉන්න ඕනෙ අවස්ථාත් තියෙනවා. ඒක අපිට අභියෝගයක් වෙන්න පුළුවන් ඇයි?
අපි නිහඬව ඉන්න ඕනෙ මොන අවස්ථාවලදීද?
11. යාකොබ් පාවිච්චි කරපු උදාහරණේ මොකක්ද? ඒක අපේ කතාබහට අදාළ වෙන්නේ කොහොමද?
11 අපේ කතාබහ පාලනය කරගන්න එක ලේසි නැහැ. යාකොබ් කියපු මේ දෙයින් ඒක පැහැදිලියි. “යමෙකුට තම දිව පාලනය කරගැනීමට හැකි නම් මුළු ශරීරයම හොඳින් පාලනය කරන, කිසි වරදක් නොකරන පරිපූර්ණ මිනිසෙකු වීමට ඔහුට පුළුවන. උදාහරණයකට අශ්වයන්ව මෙල්ල කරගැනීමට අප උන්ට කටකලියා දමන විට උන්ගේ මුළු ශරීරයම මෙල්ල කර තබාගැනීමට අපට පුළුවන.” (යාකො. 3:2, 3) අසරුවෙකුට පුළුවන් අශ්වයකුගේ කටකලියාවේ තියෙන පටිවලින් ඇදලා ඌව තමන්ට ඕනෙ පැත්තට ගෙනියන්න. ගමන නතර කරන්නත් ඒකෙන් පුළුවන්. අසරුවා ඒ පටි තදින් අල්ලගෙන හිටියේ නැත්නම් අශ්වයා ඌට ඕනෙ ඕනෙ පැතිවලට දුවයි. ඒකෙන් අශ්වයාට වගේම අසරුවාටත් වෙන්නේ හානියක්. අපිත් අපේ කතාබහ පාලනය කරගත්තේ නැත්නම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අපේ කතාව පාලනය කරගන්න ඕනෙ අවස්ථාවන් කීපයක් ගැන බලමු.
12. අපේ කතාව පාලනය කරගන්න ඕනෙ කොයි වගේ අවස්ථාවලදීද?
12 හිතන්න, අනිත් අයට කියන්න බැරි තොරතුරක් දන්න සහෝදරයෙක්ව හෝ සහෝදරියකව ඔයාට හම්බ වුණා කියලා. උදාහරණෙකට අපේ වැඩකටයුතු තහනම් කරපු රටක ඉන්න කෙනෙක්ව ඔයාට හම්බ වුණොත් ඒ රටේ අපේ වැඩකටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියලා අහන්න ඔයා පෙලඹෙයිද? ඔයා ඒ තොරතුරු අහන්නේ නරක චේතනාවකින් නෙමෙයි. අපි සහෝදරයන්ට ආදරෙයි. එයාලා ගැන සැලකිලිමත් වෙනවා. අපිට ඕනෙ යාච්ඤා කරද්දී එයාලා ගැන නිශ්චිතව තොරතුරු සඳහන් කරලා යාච්ඤා කරන්න. ඒත් අපි මතක තියාගන්න ඕනෙ ඒක අපේ කතාව පාලනය කරගන්න ඕනෙ අවස්ථාවක් කියලා. රහසිගත තොරතුරු දන්න කෙනෙක්ට ඒවා කියන්න කියලා අපි බල කරනවා නම් ඒකෙන් පේන්නේ අපි එයාටත් එයා ඒ තොරතුරු රහසිගතව තියාගනියි කියලා විශ්වාසයෙන් ඉන්න සහෝදරයන්ටත් ආදරේ නැහැ කියලයි. අපේ වැඩකටයුතු තහනම් කරලා තියෙන රටක ඉන්න සහෝදරයන්ට හානියක් වෙන විදිහට වැඩ කරන්න අපි කාටවත් ඕනෙ නැහැ. ඒ වගේ රටක ඉන්න සහෝදරයනුත් පරෙස්සම් වෙන්න ඕනෙ නමස්කාරයට සම්බන්ධ දේවල් ඒ රටේ කරන්නේ කොහොමද කියන දේ ගැන තොරතුරු අනිත් අයට නොකියා ඉන්න.
13. හිතෝපදේශ 11:13 සඳහන් වෙන විදිහට වැඩිමහල්ලන් කරන්න ඕනෙ මොකක්ද? ඒ ඇයි?
13 විශේෂයෙන්ම වැඩිමහල්ලන් හිතෝපදේශ 11:13 (කියවන්න.) සඳහන් ප්‍රතිපත්තිය අදාළ කරගන්න ඕනේ. යම් තොරතුරු දැනගන්න අයිතියක් නැති අයට ඒවා නොකියා ඉන්න එක ඒ ප්‍රතිපත්තිය අදාළ කරන්න පුළුවන් විදිහක්. විවාහක වැඩිමහල්ලෙක්ට ඒක අභියෝගයක් වෙන්න පුළුවන්. විවාහක යුවළක් එයාලගේ බැඳීම ශක්තිමත්ව තියාගන්න එකිනෙකා එක්ක නිතරම කතාබහ කරන එකත් එයාලට හැඟෙන, එයාලා කරදර වෙන දේවල් ගැන හංගන්නේ නැතුව එකිනෙකාට කියන එකත් වැදගත්. ඒත් අනිත් අයට කියන්න බැරි, සභාවේ අය ගැන තමන් දන්න තොරතුරු බිරිඳට කියන එක වැරදියි කියලා වැඩිමහල්ලන් දන්නවා. රහසිගත තොරතුරු එයා බෙදාගත්තොත් අනිත් අයට එයා ගැන තියෙන විශ්වාසය නැති වෙනවා. ඒක එයාගේ හොඳ නමටත් හානියක්. සභාවේ වගකීම් දරන පුරුෂයන් “දිව දෙකේ කතා නොකියන” අය වෙන්න ඕනේ. (1 තිමෝ. 3:8) ඒ කියන්නේ එයාලා අනිත් අයව රවට්ටන, ඕපාදූප කතා කරන්න කැමති අය වෙන්න බැහැ. වැඩිමහල්ලෙක් එයාගේ බිරිඳට ආදරේ නම් අනවශ්‍ය තොරතුරු එයාට කියලා එයාට බරක් දෙන්නේ නැහැ.
14. වැඩිමහල්ලෙක්ට හොඳ නමක් තියාගන්න උදව් කරන්න බිරිඳට පුළුවන් කොහොමද?
14 සභාවේ අයගේ පුද්ගලික කාරණා තමන්ට කියන්න කියලා සැමියාට බල නොකර ඉන්නවා නම් බිරිඳකට පුළුවන් එයාගේ සැමියාගේ හොඳ නම රැකගන්න උදව් කරන්න. ඒ වගේ බිරිඳක් සැමියාට සහය දෙනවා වගේම සැමියා ගැන විශ්වාසය තියපු අයට ගෞරව කරනවා. වැදගත්ම දේ තමයි සභාවේ එක්සත්කමට එයා දායක වෙන නිසා යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න එයාට පුළුවන් වෙන එක.—රෝම 14:19.
අපි කතා කරන දේවල් ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?
15. යෝබ්ගේ යාළුවෝ තුන්දෙනා ගැන යෙහෝවා දෙවියන්ට හැඟුණේ කොහොමද? ඒ ඇයි?
15 කතා කරන්න ඕනෙ විදිහ වගේම කතා කරන්න ඕනෙ අවස්ථා ගැන හුඟක් දේවල් අපිට යෝබ් පොතෙන් ඉගෙනගන්න පුළුවන්. එක පිට එක ආපු විපත්ති නිසා දුකෙන් හිටපු යෝබ්ව සනසන්න, එයාට අවශ්‍ය උපදෙස් දෙන්න හිතාගෙන එයාගේ යාළුවෝ හතරදෙනෙක් එයාව බලන්න ආවා. ඒ අය හුඟක් වෙලා නිහඬව හිටියා. ඒත් එලිෆස්, බිල්දද් සහ ෂෝපර් කියන තුන්දෙනා පස්සේ කියපු දේවලින් තේරෙනවා නිහඬව හිටපු වෙලාවේ එයාලා හිතුවේ යෝබ්ට උදව් කරන විදි ගැන නෙමෙයි කියලා. ඒ වෙනුවට එයාලා හිතුවේ යෝබ් වරදක් කරලා තියෙනවා කියන එක ඔප්පු කරන්නේ කොහොමද කියලයි. එයාලා කියපු සමහර දේවල් වැරදි නැහැ. ඒත් එයාලා යෝබ් ගැනත් යෙහෝවා දෙවියන් ගැනත් කියපු හුඟක් තොරතුරු නිවැරදි නැහැ. එයාලා කතා කළේ හරිම අකාරුණික විදිහට. යෝබ් නරක කෙනෙක් කියලා එයාලා යෝබ් 32:1-3) එයාලා කියපු දේවල් ගැන යෙහෝවා දෙවියන්ට හැඟුණේ කොහොමද? ඔහුට ගොඩක් කේන්ති ගියා. දෙවියන් කිව්වේ එයාලා අඥාන අය කියලා. එයාලා වෙනුවෙන් යාච්ඤා කරන්න කියලා යෝබ්ගෙන් ඉල්ලන්න කියලත් දෙවියන් එයාලට කිව්වා.—යෝබ් 42:7-9.
චෝදනා කළා. (16. එලිෆස්, බිල්දද් සහ ෂෝපර්ගේ අවාදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
16 එලිෆස්, බිල්දද් සහ ෂෝපර්ගේ අවාදර්ශයෙන් අපිට පාඩම් කීපයක් ඉගෙනගන්න පුළුවන්. (1) අපි අපේ සහෝදරයන්ව විනිශ්චය කරන්න හොඳ නැහැ. (මතෙ. 7:1-5) අපි කතා කරන්න කලින් එයාලට හොඳට ඇහුම්කන් දෙන්න ඕනේ. එතකොට එයාලා ඉන්න තත්වය හොඳින් තේරුම්ගන්න අපිට පුළුවන්. (1 පේතෘ. 3:8) (2) කතා කරද්දී අපි පාවිච්චි කරන වචන කාරුණික වෙන්න ඕනේ. අපි කියන දේවල් නිවැරදි වෙන්නත් ඕනේ. (එෆී. 4:25) (3) අපි එකිනෙකා එක්ක කතා කරන දේවල් ගැන යෙහෝවා දෙවියන් සැලකිලිමත් වෙනවා.
17. එලිහුගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
17 යෝබ්ව බලන්න ආපු හතරවෙනි කෙනා එලිහු. යෝබ් කතා කරද්දීත් අනිත් තුන්දෙනා කතා කරද්දීත් එලිහු අහගෙන හිටියා. එලිහු යෝබ්ගේ තත්වය තේරුම් අරන් කාරුණිකව කතා කරපු එකෙනුත් යෝබ් හිතපු විදිහ නිවැරදි කරගන්න අවශ්‍ය උපදෙස් දුන්න එකෙනුත් පේනවා එයා හොඳින් ඇහුම්කන් දුන්නා කියලා. (යෝබ් 33:1, 6, 17) එලිහුට වැඩියෙන්ම වැදගත් වුණේ යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කරන එක මිසක් එයාට අවධානය ගන්න එක නෙමෙයි. (යෝබ් 32:21, 22; 37:23, 24) යම් අවස්ථාවලදී නිහඬව ඉඳලා හොඳින් ඇහුම්කන් දෙන එක වැදගත් කියලා අපි එලිහුගෙන් ඉගෙනගන්නවා. (යාකො. 1:19) ඒ වගේම කාට හරි උපදෙසක් දෙද්දී අපි උත්සාහ කරන්න ඕනෙ යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කරන්න මිසක් අපිට අවධානය ගන්න නෙමෙයි.
18. කතා කරන්න අපිට තියෙන හැකියාව අපි අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?
18 කතා කරන්න ඕනෙ අවස්ථාවන් ගැන, කතා කරන්න ඕනෙ විදිහ ගැන බයිබලේ සඳහන් මඟ පෙන්වීම් අදාළ කරගද්දී අපි පෙන්නන්නේ කතා කිරීමේ හැකියාව අපි අගය කරනවා කියලා. සලමොන් රජ මෙහෙම ලිව්වා. “නිසි කලට කියන වදන් කැටයම් කළ රිදී බඳුන්වල තැබූ රන් ඇපල් මෙනි.” (හිතෝ. 25:11) අනිත් අයට අපි හොඳින් ඇහුම්කන් දීලා කතා කරන්න කලින් හොඳට හිතනවා නම් අපේ වචනත් රන් ඇපල් වගේ වටිනා, අලංකාර ඒවා වෙයි. අපි අඩුවෙන් කතා කරන අය වුණත් වැඩිපුර කතා කරන අය වුණත් අපේ වචනවලින් අනිත් අයව දිරිගන්වන්න අපිට පුළුවන්. යෙහෝවා දෙවියනුත් අපි ගැන සතුටු වෙයි.—හිතෝ. 23:15; එෆී. 4:29.
ගීතිකාව 82 ‘ආලෝකය විහිදුවන්න’
^ 5 ඡේ. කතා කරන්න ඕනෙ කොයි අවස්ථාවේදීද නිහඬව ඉන්න ඕනෙ කොයි අවස්ථාවේදීද කියලා තේරුම්ගන්න උදව් වෙන මඟ පෙන්වීම් බයිබලේ තියෙනවා. අපි ඒ මඟ පෙන්වීම් ගැන දැනුවත් වෙලා ඒවා ජීවිතේට අදාළ කරගද්දී අපේ කතාබහ ගැන යෙහෝවා දෙවියන් සතුටු වෙයි.
^ 62 ඡේ. පින්තූරයේ අදහස: සහෝදරියක් තවත් සහෝදරියකට ඥානවන්ත මඟ පෙන්වීමක් දෙමින්.
^ 64 ඡේ. පින්තූරයේ අදහස: සහෝදරයෙක් තවත් සහෝදරයෙක්ට පිරිසිදුකම ගැන මඟ පෙන්වීම් දෙනවා.
^ 66 ඡේ. පින්තූරයේ අදහස: සුදුසු අවස්ථාවේදී අබිගායිල් දාවිත් එක්ක කතා කරපු නිසා හොඳ ප්‍රතිඵල ලැබුණා.
^ 68 ඡේ. පින්තූරයේ අදහස: අපේ වැඩකටයුතු තහනම් කරපු රටක දේවල් සිද්ධ වෙන විදිහ ගැන තොරතුරු නොකියා ඉන්න යුවළක් වගබලා ගන්නවා.
^ 70 ඡේ. පින්තූරයේ අදහස: සභාවේ යම් කාරණයක් ගැන කතා කරද්දී ඒක වෙන අයට ඇහෙන්නේ නැති විදිහට කරන්න වැඩිමහල්ලෙක් වගබලා ගන්නවා.