මුරටැඹ - පාඩම් කලාපය 2017 සැප්තැම්බර් 

2017 ඔක්තෝබර් 23 සිට නොවැම්බර් 26 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

අපි අපිවම පාලනය කරගන්න ඉගෙනගමු

මේ ගුණාංගය අපි තුළ ඇති කරගන්න බයිබලේ තියෙන ආදර්ශ උදව් වෙන්නේ කොහොමද? මේ ගුණාංගය අපි ඇති කරගන්න ඕනෙ ඇයි?

අනුකම්පාවෙන් පිරුණු යෙහෝවා දෙවි වගේ වෙමු

තමන් මොන වගේ කෙනෙක්ද කියලා මෝසෙස්ට පැහැදිලි කරද්දී දෙවිගේ නම ගැන, සමහර ගුණාංග ගැන දෙවි කිව්වා. ඒ ගුණාංගවලින් එකක් වන අනුකම්පාව වැදගත් ගුණාංගයක් කියන්නේ ඇයි?

ජීවිත කතාව

දෙවිට ළැදි සහෝදරයන් මට මොන තරම් ආශීර්වාදයක් වුණාද!

බෙතෙල් එකේ සේවය කරපු අවුරුදු 61ක පුරාම දෙවිට ළැදි සහෝදර සහෝදරියන් එක්ක සේවය කරන්න ලැබුණ එක කොයි තරම් ආශීර්වාදයක්ද කියලා ඩේවිඩ් සින්ක්ලෙයා කියනවා.

“අපේ දෙවිගේ වචනය සදහටම පවතියි”

භාෂාවේ සිදු වුණ වෙනස්කම්, දේශපාලන වෙනස්කම් සහ පරිවර්තන වැඩවලට ආපු විරුද්ධවාදිකම් මැද ආරක්ෂා වුණ බයිබලය අදටත් වැඩියෙන්ම අලෙවි වන පොත හැටියට නම් කරලා තියෙනවා.

‘දෙවිගේ වදන් බලවත්ය’

බයිබලය අධ්‍යයනය කරපු නිසා හුඟදෙනෙක් එයාලගේ ජීවිත වෙනස් කරගෙන තියෙනවා. අපේ ජීවිතවලත් ඒ වගේ වෙනසක් කරන්න බයිබලේට ඉඩ දෙන්න පුළුවන් කොහොමද?

“ධෛර්යවත් වී අවශ්‍ය පියවර ගන්න”

අපිට ධෛර්යය ඕනෙ ඇයි? ධෛර්යවන්තව වැඩ කරන්න පුළුවන් කොහොමද?