Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ළඟදී පළ වුණ ‘මුරටැඹ’ ලිපිවලින් ඉගෙනගත්ත දේවල් ආයෙත් මතක් කරගමුද?

වෙනත් රටකින් ඇවිත් ඉන්න දෙමාපියන් තමන්ගේ දරුවන්ට යෙහෝවා දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න උදව් කරද්දී භාෂාව ගැන හිතන්න ඕනෙ ඇයි?

දරුවන් ඉස්කෝලෙන්, ආශ්‍රය කරන අයගෙන් රටේ භාෂාව ඉගෙනගන්නවා. භාෂා කීපයක්ම දැනගෙන ඉන්න එක දරුවෙක්ට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. බයිබලේ තියෙන සත්‍යයන් දරුවෙක්ගේ හිතට හොඳින්ම යන්නේ මොන භාෂාව කතා කරන සභාවේ හිටියොත්ද කියන දේ දෙමාපියන් හිතලා බලන්න ඕනේ. දෙවිට ළැදි දෙමාපියන් තමන්ගේ පහසුව ගැන හිතනවාට වඩා දරුවන්ට උදව් කරන එක ගැනයි හිතන්නේ.—w17.05, 9-11 පිටු.

“මේ දේවලට වඩා ඔබ මට ප්‍රේම කරනවාද” කියලා යේසුස් පේතෘස්ගෙන් ඇහුවා. යේසුස් “මේ දේවල්” කියද්දී අදහස් කළේ මොකක්ද? (යොහ. 21:15)

යේසුස් කතා කරන්න ඇත්තේ එතන තිබුණ මාළු ගැන නැත්නම් ධීවර රස්සාව ගැන වෙන්න පුළුවන්. මොකද යේසුස්ගේ මරණයෙන් පස්සේ පේතෘස් ආයෙත් එයාගේ පරණ රස්සාව කරන්න ගියා. රස්සාවට අපි දීලා තියෙන්නේ කොයි වගේ තැනක්ද කියලා අපිත් නිතරම සෝදිසි කරලා බලන්න ඕනේ.—w17.05, 22-23 පිටු.

“ඔබ මගේ සහෝදරිය කියා ඔවුන්ට කියන්න” කියලා ආබ්‍රහම් සාරාට කිව්වේ ඇයි? (උත්. 12:10-13)

ඇත්තටම සාරා ආබ්‍රහම්ගේ අර්ධ සහෝදරිය. සාරා ආබ්‍රහම්ගේ බිරිඳ කියලා කිව්වා නම් ආබ්‍රහම්ගේ ජීවිතේ පවා නැති වෙන්න තිබුණා. එහෙම වුණොත් ආබ්‍රහම් මාර්ගයෙන් පැවත එන තැනැත්තා බිහි කරන්න දෙවියන් දීපු පොරොන්දුව ඉටු වෙන්නේ නැහැ.—wp17.3, 14-15 පිටු.

හෙබ්‍රෙව් භාෂාව ඉගෙනගන්න පහසු වෙන මොන තාක්ෂණයද ඒලියස් හියුටර් හඳුන්වලා දුන්නේ?

ඔහුට ඕනෙ වුණේ හෙබ්‍රෙව් භාෂාවෙන් තිබුණ බයිබලයේ ප්‍රධාන වචනත් වචනයක මුලට සහ අගට එකතු වෙන උපසර්ග, නිපාත වගේ පදත් වෙන් කරලා හඳුනගන්න ශිෂ්‍යයන්ට උදව් කරන්නයි. ඒ නිසා ඔහු ප්‍රධාන වචන තද පාටිනුත් උපසර්ග සහ නිපාත පද ලා පාටිනුත් මුද්‍රණය කළා. යොමු සටහන් සහිත ඉංග්‍රීසි බයිබලයේ (‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’) ඒ හා සමාන ක්‍රමයක් යොදාගෙන තියෙනවා.wp17.4, 11-12 පිටු.

වෙනත් අයගෙන් ආරක්ෂා වෙන්න පිස්තෝලයක් ළඟ තියාගන්න එක සුදුසුද නැද්ද කියලා තීරණය කරන්න ක්‍රිස්තියානියෙක්ට උදව් වෙන්නේ මොන කරුණුද?

(1) ජීවිත දෙවිට වටිනවා. (2) යේසුස් නියෝජිතයන්ට කඩුවක් ළඟ තියාගන්න කිව්වේ ආරක්ෂාව සඳහා නෙමෙයි. (ලූක් 22:36, 38) (3) අපිට උනන්දු කරලා තියෙන්නේ කඩුවලින් නගුල් සාදාගන්න කියලයි. (4) දේපළවලට වඩා ජීවිතේ වටිනවා. (5) අපි අනිත් අයගේ හෘදය සාක්ෂිය ගැන සැලකිලිමත් වෙනවා. (6) අපිට ඕනෙ හොඳ ආදර්ශයක් වෙන්න. (2 කොරි. 4:2)—w17.07, 31-32 පිටු.

මතෙව් සහ ලූක් යේසුස්ගේ මුල් කාලේ සිදුවීම් ගැන එකිනෙකට වෙනස් දේවල් සඳහන් කරන්නේ ඇයි?

මතෙව් වැඩි අවධානයක් දෙන්නේ යෝසෙප් හා සම්බන්ධ සිද්ධීන්වලට. මරියාට දරුවෙක් ලැබෙනවා කියලා දැනගත්තාම එයා ගත්ත තීරණය, ඊජිප්තුවට යන්න සහ ආපහු එන්න කිව්වාම එයා කීකරු වුණ විදිහ මතෙව් වාර්තා කරනවා. ලූක් වැඩි අවධානයක් දෙන්නේ මරියා හා සම්බන්ධ සිද්ධීන්වලට. මරියා එලිසබෙත්ව බලන්න ගිය අවස්ථාව, යේසුස් පොඩි කාලේ දේවමාලිගාවට ගිය සිද්ධිය එයා වාර්තා කරනවා.—w17.08, 32 පිටුව.

බයිබලය ආරක්ෂා වුණේ මොන වගේ දේවලින්ද?

බයිබලේ පාවිච්චි කරලා තියෙන සමහර වචනවල, යෙදුම්වල තේරුම කාලයත් එක්ක වෙනස් වුණා. දේශපාලන වෙනස්කම් නිසාත් මිනිස්සු පොදුවේ භාවිත කරපු භාෂාව වෙනස් වුණා. පරිවර්තන වැඩවලටත් හුඟක් විරුද්ධවාදිකම් ආවා.—w17.09, 19-21 පිටු.

ඔයාටම කියලා රැකවල් දේවදූතයෙක් ඉන්නවාද?

යේසුස් කිව්වා නියෝජිතයන්ව රැකබලා ගන්න දේවදූතයන් නිතරම ඉන්නේ දෙවි ඉදිරියේ කියලා. (මතෙ. 18:10) යේසුස් අදහස් කළේ දේවදූතයන් ඔහුගේ ගෝලයන් එක් එක් කෙනා ගැන සැලකිලිමත් කියලා මිසක් අපි එක් එක් කෙනාට රැකවල් දේවදූතයෙක් ඉන්නවා කියලා නෙමෙයි.—wp17.5, 5 පිටුව.

සැබෑ ආදරය කියන්නේ මොන වගේ ආදරේකටද?

දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව පෙන්නන ආදරේ තමයි සැබෑ ආදරය. ඒ වගේ ආදරයක් පෙන්නන කෙනෙක්ට අනිත් අය ගැන ලොකු හැඟීමක්, සෙනෙහසක් තියෙනවා. ඒත් ඒක හැඟීම්වලට විතරක් සීමා වුණ ආදරයක් නෙමෙයි. එහෙම කෙනෙක් තමන්ගේ වාසිය නොබලා අනිත් අය වෙනුවෙන් ඇපකැප වෙනවා.—w17.10, 7 පිටුව.