Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | දේවදූතයන් ඇත්තටම ඉන්නවාද?

නරක දේවදූතයනුත් ඉන්නවාද?

නරක දේවදූතයනුත් ඉන්නවාද?

ඔව්. එහෙමනම් එයාලගේ ආරම්භය මොකක්ද? දෙවියන් දේවදූතයන්ව නිර්මාණය කළේ තීරණ ගන්න නිදහස ඇතුව. මුල්ම මිනිස් යුවළ වුණු ආදම්වයි ඒවවයි නිර්මාණය කරලා ටික කාලෙකට පස්සේ ස්වර්ගයේ හිටිය දේවදූතයෙක් ඒ නිදහස වැරදි විදිහට පාවිච්චි කරලා දෙවියන්ට විරුද්ධව කැරලිගැහුවා. ඊටපස්සේ එයා ඒ කැරැල්ලට මුල් මිනිස් යුවළවත් හවුල් කරගත්තා. (උත්පත්ති 3:1-7; එළිදරව් 12:9) ඒ දේවදූතයාගේ නම ගැනවත් ස්වර්ගයේ එයාට තිබුණු තත්වය ගැනවත් බයිබලයේ නිශ්චිතවම කියන්නේ නැහැ. ඒත් කැරලිගැහුවාට පස්සේ එයාව හඳුන්වලා තියෙන්නේ “විරුද්ධකාරයා” කියන අර්ථය තියෙන සාතන් සහ “අපහාස කරන්නා” කියන අර්ථය තියෙන යක්ෂයා හැටියටයි.—මතෙව් 4:8-11.

සාතන්ගේ කැරැල්ලට තවත් අය එකතු වුණා. නෝවාගේ කාලෙදී දේවදූතයන් පිරිසක් ස්වර්ගයේ “තමන්ට නියමිත වාසස්ථානය අත්හැරලා” මිනිසුන් විදිහට පොළොවට ආවා. ඊටපස්සේ එයාලා ගත කළේ සදාචාරමය අතින් පිරිහුණු ජීවිතයක්.—යූද් 6; උත්පත්ති 6:1-4; 1 පේතෘස් 3:19, 20.

යෙහෝවා දෙවියන් ජලගැල්මකින් දුෂ්ට මිනිසුන්ව විනාශ කරපු වෙලාවේ ඒ දේවදූතයන් මිනිස් සිරුරු අත්හැරලා ස්වර්ගයට ගියා. ඒත් දෙවියන් එයාලව පිළිගත්තේවත් එයාලට තිබුණු “සේවා ප්‍රස්තාව” ආපහු දුන්නේවත් නැහැ. දෙවියන් එයාලව ටාටරස් විදිහට හඳුන්වන සංකේතාත්මක තැනකට දැම්මා. ඒ කියන්නේ දෙවියන්ට සම්බන්ධ කිසි දෙයක් දැනගන්න බැරි සීමා තහංචි තියෙන තත්වයකට පත් කළා. (යූද් 6; 2 පේතෘස් 2:4) එදා ඉඳන් එයාලව හැඳින්නුවේ භූතයන් කියලයි. ඊටපස්සේ එයාලා “ආලෝකය ලබා දෙන දූතයෙකු” ලෙස පෙනී ඉන්න “භූතයන්ගේ පාලකයා” වන සාතන්ගේ පාලනයට කැමැත්තෙන්ම යටත් වුණා.—මතෙව් 12:24; 2 කොරින්ති 11:14.

දෙවියන්ගේ රාජ්‍යය 1914දී ස්වර්ගයේ පිහිටෙව්වා. * ඊටපස්සේ දේවරාජ්‍යයෙන් සාතන්වත් භූතයන්වත් ස්වර්ගයෙන් පන්නලා එයාලව පොළොවට විතරක් සීමා කළා. ලෝකේ පුරාම පැතිරිලා තියෙන සැහැසිකකම්වලිනුත් අනාචාරයෙනුත් පැහැදිලි වෙන්නේ අද මුළු ලෝකයම භූතයන්ගේ ග්‍රහණයට නතු වෙලා තියෙනවා කියලයි. —එළිදරව් 12:9-12.

හැබැයි අද සදාචාරය එන්න එන්නම පිරිහෙන එකෙනුත් සැහැසිකකම් වැඩි වෙන එකෙනුත් පැහැදිලි වෙනවා ඒ භූතයන්ගේ බලපෑමට ළඟදීම නිමාවක් ලැබෙනවා කියලා. දෙවියන් ළඟදීම එයාලව කිසි දෙයක් කරකියාගන්න බැරි තත්වයකට පත් කරනවා. දෙවියන්ගේ රාජ්‍යයෙන් පොළොව අවුරුදු 1,000ක් පාලනය කළාට පස්සේ සාතන්ටත් භූතයන්ටත් මිනිසුන්ට කරදර කරන්න කෙටි කාලයකට ඉඩ දෙනවා. ඊටපස්සේ ඒ නරක දේවදූතයන්ව සදහටම විනාශ කරනවා.—මතෙව් 25:41; එළිදරව් 20:1-3, 7-10.

^ 6 ඡේ. දේවරාජ්‍යය ගැන තවත් තොරතුරු දැනගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 8වෙනි පරිච්ඡේදය බලන්න. www.pr418.com/si වෙබ් අඩවියෙත් තියෙනවා.