Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | දේවදූතයන් ඇත්තටම ඉන්නවාද?

ඔයාටම කියලා රැකවල් දේවදූතයෙක් ඉන්නවාද?

ඔයාටම කියලා රැකවල් දේවදූතයෙක් ඉන්නවාද?

යේසුස් මෙහෙම කිව්වා. ‘මේ කුඩා අයගෙන් එක් කෙනෙකුවත් සුළු කොට නොසැලකිය යුතුයි. මන්ද ඔවුන්ව රැකබලා ගන්නා ස්වර්ගයෙහි සිටින ඔවුන්ගේ දේවදූතයන් නිතරම සිටින්නේ ස්වර්ගයේ සිටින මගේ පියාණන්ගේ මුහුණ ඉදිරියෙහියි.’ (මතෙව් 18:10) යේසුස් අදහස් කළේ දේවදූතයන් ඔහුගේ ගෝලයන් එක් එක් කෙනා ගැන සැලකිලිමත් කියලයි. අපි එක් එක් කෙනාට රැකවල් දේවදූතයෙක් ඉන්නවා කියලා ඔහු අදහස් කළේ නැහැ. ඒ නිසා දේවදූතයන්ගේ ආරක්ෂාව ලැබෙයි කියලා හිතාගෙන දෙවියන්ගේ සේවකයන් ජීවිත අනතුරේ දාන දේවල් කරන්නේ නැහැ.

ඒකෙන් අදහස් වෙනවාද දේවදූතයන් මිනිසුන්ට උදව් කරන්නේ නැහැ කියලා? නැහැ. (ගීතාවලිය 91:11) සමහරු හිතනවා දෙවියන් දේවදූතයන් මාර්ගයෙන් එයාලට ආරක්ෂාවත් මඟ පෙන්වීමුත් දෙනවා කියලා. මුල් ලිපියේ කතා කරපු කෙනෙත්ට හැඟුණෙත් එහෙමයි. එයාට හැඟුණ විදිහ හරිද වැරදිද කියලා අපිට කියන්න බැහැ. හැබැයි දේශනා සේවයේ යද්දී දේවදූතයන් තමන්ට මඟ පෙන්වනවා කියලා පිළිගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ඕන තරම් හේතු තියෙනවා. ඒත් දේවදූතයන්ව අපිට පේන්නේ නැති නිසා දෙවියන් මිනිසුන්ට උදව් කරන්න දේවදූතයන්ව කොයි තරම් දුරකට යොදාගන්නවාද කියලා අපි දන්නේ නැහැ. හැබැයි යෙහෝවා දෙවියන් විවිධ ක්‍රමවලින් අපිට උදව් කරන නිසා ඒ වෙනුවෙන් ස්තූති කරන්න අපිට පුළුවන්.—කොලොස්සි 3:15; යාකොබ් 1:17, 18.