පාඨකයන් අසයි
නත්තල සමරන එක වැරදිද?
නත්තල කියන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ උපත සිහි කරන්න පවත්වන උත්සවයක් කියලා හුඟක් අය විශ්වාස කරනවා. ඒත් මුල් සියවසේ යේසුස් එක්ක හිටපු ක්‍රිස්තියානීන් නත්තල පවත්වලා තියෙනවාද කියලා ඔයා හොයලා බැලුවාද? උපන් දින ගැන බයිබලයේ තියෙන්නේ මොනවාද කියලා ඔයා දන්නවාද? ඒ ගැන දැනගත්තොත් නත්තල සමරන එක හරිද, වැරදිද කියලා ඔයාටම තීරණය කරන්න පුළුවන්.
යේසුස්වත් දෙවියන්ට සේවය කරපු අයවත් උපන් දිනය සැමරුවා කියලා බයිබලයේ නැහැ. බයිබලයේ තියෙන්නේ උපන් දින උත්සව පවත්වපු අවස්ථා දෙකක් ගැන විතරයි. ඒවා පවත්වපු දෙන්නාම බයිබලයේ සඳහන් වෙන යෙහෝවා දෙවියන්ට නමස්කාර කරපු අය නෙමෙයි. ඒ සැමරීම් දෙකේදීම නරක දේවල් සිද්ධ වුණා. (උත්පත්ති 40:20; මාක් 6:21) මුල් ක්‍රිස්තියානීන් ‘උපන් දින සැමරීම අසත්‍යය උගන්වන ආගම්වලට සම්බන්ධ දෙයක් විදහට සැලකුවා. ඒ වගේම ඒක පවත්වන එකත් වැරදි දෙයක් විදිහට සැලකුවා’ කියලා එක විශ්වකෝෂයක කියනවා.—Encyclopædia Britannica.
යේසුස් ඉපදුණේ කවදාද?
යේසුස් ඉපදුණ දවස බයිබලයේ නැහැ. “යේසුස් ඉපදුණ දවස අලුත් ගිවිසුමේවත් වෙන කිසිම තැනකවත් සඳහන් වෙන්නේ නැහැ” කියලා තවත් විශ්වකෝෂයක කියනවා. (McClintock and Strong’s Cyclopedia) තමන්ගේ අනුගාමිකයන් තමන්ගේ උපන් දිනය සමරනවා දකින්න යේසුස් කැමැත්තෙන් හිටියා නම් ඔහු ඉපදුණු දවස ගැන ඔහුගේ අනුගාමිකයන්ට නොකියා ඉඳියි කියලා හිතන්න බැහැ.
යේසුස්වත් ඔහුගේ ගෝලයන්වත් නත්තල පැවැත්තුවා කියලා බයිබලයේ කොහෙවත් නැහැ. තවත් විශ්වකෝෂයක (New Catholic Encyclopedia) කියන විදිහට නත්තල සැමරීම ගැන මුලින්ම සඳහන් වෙන්නේ ක්‍රි.ව. 336ට අයිති රෝම ලියවිල්ලක. (Chronograph of Philocalus) ඒ කියන්නේ බයිබලය ලියලා අවසන් වෙලා සහ යේසුස් පොළොවේ ජීවත් වෙලා අවුරුදු සිය ගාණක් ගියාට පස්සෙයි. ඒ නිසා “නත්තල කියන්නේ දෙවියන් පිහිටුවපු දෙයක්වත් අලුත් ගිවිසුමේ තියෙන දෙයක්වත් නෙවෙයි” කියලා කලින් සඳහන් කරපු විශ්වකෝෂයේ සඳහන් දේ ඇත්තක් කියලා පැහැදිලියි. a—McClintock and Strong’s Cyclopedia.
යේසුස් ඔහුගේ ගෝලයන්ට සිහි කරන්න කිව්වේ මොකක්ද?
යේසුස් තම අනුගාමිකයන්ට දීපු මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා. ඒත් නත්තල පවත්වන්න කියලා ඔහු කියලා නැහැ. ගුරුවරයෙක් කැමති නැහැ ශිෂ්‍යයන් තමන් දුන්න මඟ පෙන්වීම් ඉක්මවලා වැඩ කරනවාට. ඒ වගේ යේසුත් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වේ “ලියවිලිවල සඳහන් වී ඇති දේ ඉක්මවා යමින් ක්‍රියා නොකරන්න” කියලයි.—1 කොරින්ති 4:6.
යේසුස්ගේ මරණය සිහි කරන්න ඕනෙ කියලා මුල් ක්‍රිස්තියානීන් දැනගෙන හිටියා. ඒක කරන්න ඕනෙ කවදාද, කොහොමද කියලා යේසුස්ම ගෝලයන්ට කිව්වා. බයිබලයේ ඒ මඟ පෙන්වීම් ගැනත් ඒක සමරන්න ඕන දිනය ගැනත් කියලා තියෙනවා.—ලූක් 22:19; 1 කොරින්ති 11:25.
නත්තල කියන්නේ උපන් දින උත්සවයක් කියලත් අසත්‍යය උගන්වන ආගම්වලින් පැවත ආපු ඒ උත්සවය මුල් ක්‍රිස්තියානීන් සැමරුවේ නැහැ කියලත් පැහැදිලියි. ඒ වගේම යේසුස්වත් වෙන කෙනෙක්වත් නත්තල පැවැත්තුවා කියලා බයිබලයේ නැහැ. ඒ තොරතුරුවලට අනුව නත්තල සමරන එක වැරදියි කියලා අද ඉන්න මිලියන ගාණක් තේරුම් අරන් තියෙනවා.
a නත්තල් චාරිත්‍රවල මූලාරම්භය ගැන දැනගන්න 2014 දෙසැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ පල වුණු “පාඨකයන් අසයි - නත්තල ගැන ඇත්ත මොකක්ද?” කියන ලිපිය බලන්න. ඒක www.pr418.com/si වෙබ් අඩවියේ තියෙනවා.