සිද්ධස්ථානවලට ගිහින් වන්දනාමාන කිරීම සුදුසුද?
ජපානයේ ෂිමා අර්ධද්වීපයේ, දේවදාර වනාන්තරයකට හැම අවුරුද්දකම මිලියන 6කට වැඩි සෙනඟක් යනවා. එහේ තියෙන අයිසෙ සිද්ධස්ථානයට ඔවුන් යන්නේ ෂින්ටෝ ආගමේ ප්‍රසිද්ධ අමටෙරාසු ඔමිකාමි කියන හිරු දේවතාවියට වන්දනාමාන කරන්නයි. අවුරුදු 2,000ක ඉතිහාසයක් තියෙන ඒ සිද්ධස්ථානයට යන වන්දනාකරුවන් සිද්ධස්ථානයේ නමස්කාර ශාලාවට (හයිඩන්) යන්න කලින් තමන්ගේ අත් සහ කට සෝදලා පිරිසිදු වෙනවා. ඊටපස්සේ බිමට නැමිලා, අත්පුඩි ගසමින් දේවතාවියට කන්නලව් කරනවා. * ෂින්ටෝ ආගම අදහන අයට නිදහස තියෙනවා තමන් කැමති ආගමක් අදහන්න. සමහර බෞද්ධ අය, ක්‍රිස්තියානීන් කියලා කියාගන්න අය සහ වෙනත් ආගම්වල අය මේ විදහට තමන්ගේ ආගම අදහන ගමන් ෂින්ටෝ වත්පිළිවෙත් කරනවා. ඔවුන් ඒකේ කිසි වැරැද්දක් දකින්නේ නැහැ.
ලෝකේ ප්‍රධාන ආගම්වලට අයිති හුඟක් සිද්ධස්ථාන තියෙනවා. * මිලියන ගණන් දෙනා ඒවාට වන්දනාමාන කරන්න යනවා. ක්‍රිස්තියානි කියාගන්නා රටවලත් යේසුස්ට, මරියාට සහ සාන්තුවරුන්ට කැප කරපු පල්ලි සහ සිද්ධස්ථානවල අඩුවක් නැහැ. තවත් රටවල බයිබලයේ සඳහන් සිදුවීම් සිද්ධ වුණ ස්ථාන, මෑතකදී ආශ්චර්යයන් වුණා කියලා කියන ස්ථාන හෝ ආගමික වටිනාකමක් ඇති දේවල් තියෙන ස්ථාන සිද්ධස්ථාන බවට පත් කරලා තියෙනවා. හුඟක් අය හිතන්නේ මේ වගේ තැන්වලට ගිහින් වන්දනාමාන කෙරුවාම තමන්ගේ ඉල්ලීම් ඉටු වෙනවා කියලයි. ගව් ගාණක් ගෙවාගෙන වන්දනාමාන කරන්න ගියොත් තමන්ගේ භක්තිය පෙන්නන්න පුළුවන් කියලත් සමහරු හිතනවා.
යාච්ඤා සහ ඉල්ලීම්වලට උත්තර ලබාගන්න මේ වගේ තැන්වලට යන්නම ඕනද? වන්දනා ගමන් එන අයගේ භක්තිය දැකලා දෙවියන් සතුටු වෙනවාද? කොටින්ම කියනවා නම් සිද්ධස්ථානවලට ගිහින් වන්දනාමාන කරන එක සුදුසුද? ඒවාට උත්තර දැනගන්න එකෙන් සිද්ධස්ථානවලට ගිහින් වන්දනාමාන කරන එක හරිද කියන එක විතරක් නෙමෙයි දෙවියන් පිළිගන්නේ මොන වගේ නමස්කාරයක්ද කියලත් තේරුම්ගන්න පුළුවන්.
‘දෙවියන් ලබා දෙන මඟ පෙන්වීමට හා සැබෑ දැනුමට’ එකඟව කරන නමස්කාරය
යේසුස් සමරිතානු ස්ත්‍රිය එක්ක කරපු සංවාදයෙන් සිද්ධස්ථානවලදී කරන නමස්කාරය ගැන දෙවියන්ගේ අදහස පැහැදිලි වෙනවා. දවසක් යේසුස් සමාරිය හරහා යද්දී සිකාර් නුවර ළිඳක් ළඟ විවේක ගන්න නතර වුණා. එතනට ආපු ස්ත්‍රියක් එක්ක යේසුස් කතාබහ කරද්දී යුදෙව්වන් සහ සමරිතානුවන් අතර තියෙන වෙනසක් ගැන ඇය මෙහෙම කිව්වා. “අපේ මුතුන්මිත්තන් නමස්කාර කළේ මේ කන්දේදීයි. නමුත් යුදෙව්වන් කියන්නේ ජනයා දෙවිට නමස්කාර කළ යුත්තේ යෙරුසලමේදී කියායි.”—යොහන් 4:5-9, 20.
ඒ ස්ත්‍රිය කිව්වේ යෙරුසලමට කිලෝමීටර් 50ක් විතර උතුරින් තියෙන ගෙරිසීම් කන්ද ගැනයි. සමරිතානුවන් පාස්කුව වගේ උත්සව සමරන්න ඒ කන්දේ තිබුණු දේවමාලිගාවට ගියා. ඒත් දෙවියන් පිළිගන්නේ කොතැනකදී යොහන් 4:21) යුදෙව්වෙක් ඒ වගේ දෙයක් කියයි කියලා හිතාගන්නවත් බැහැ. එදා යෙරුසලමේ දේවමාලිගාවේදී කරපු නමස්කාරය නතර වුණේ ඇයි?
කරන නමස්කාරයද කියලා කියනවා වෙනුවට යේසුස් ඇයට කිව්වේ මෙහෙමයි. “මා කියන මේ දේ විශ්වාස කරන්න. එනම් ඔබ සියලුදෙනා පියාණන්ට කරන නමස්කාරය මේ කන්දේදීවත් යෙරුසලමේදීවත් නොකරන කාලයක් එනවා.” (යේසුස් තවදුරටත් මෙහෙම කිව්වා. “සැබෑ නමස්කාරකයන් දෙවි ලබා දෙන මඟ පෙන්වීමට හා දෙවි එළිදරව් කරන සැබෑ දැනුමට එකඟව දෙවිට නමස්කාර කරන කාලයක් පැමිණෙනවා. ඒ කාලය දැනටමත් පැමිණ තිබෙනවා. ඇත්තෙන්ම පියාණන් තමන්ට නමස්කාර කිරීම සඳහා සොයමින් සිටින්නේ එවැනි අයවයි.” (යොහන් 4:23) යුදෙව්වන් සියවස් ගණනාවක් පුරා යෙරුසලමේ දේවමාලිගාව සැලකුවේ තමන්ගේ නමස්කාර මධ්‍යස්ථානය හැටියටයි. අවුරුද්දට 3 වතාවක් යෙහෝවා දෙවියන්ට පූජා ඔප්පු කරන්න ඔවුන් එතනට ගියා. (නික්මයාම 23:14-17) ඒත් යේසුස් කිව්වා මේ හැම දේම වෙනස් වෙලා ‘සැබෑ නමස්කාරකයන් දෙවි ලබා දෙන මඟ පෙන්වීමට හා සැබෑ දැනුමට එකඟව’ නමස්කාර කරන කාලයක් එනවා කියලා.
යුදෙව්වන්ගේ දේවමාලිගාව පේන්න තිබුණ ගොඩනැඟිල්ලක්. ඒත් දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් සහ සැබෑ දැනුමට එකඟව කරන නමස්කාරය නිශ්චිත තැනකට සීමා වුණ දෙයක් නෙමෙයි. යේසුස් පැහැදිලි කෙරුවේ සැබෑ ක්‍රිස්තියානීන්ගේ නමස්කාරය යම් නිශ්චිත තැනකට ගිහින් කරන්න ඕන දෙයක් කියලා නෙමෙයි. ඒ කියන්නේ නමස්කාර කරන්න ගෙරිසීම් කන්දවත් යෙරුසලමේ දේවමාලිගාවවත් වෙනත් තැනක්වත් වැදගත් නැහැ කියන එකයි.
යේසුස් සමරිතානු ස්ත්‍රියට කිව්වේ දෙවියන්ට නමස්කාර කරන විදිහ වෙනස් වෙන “කාලයක් පැමිණෙනවා” කියලයි. ඒ කවදාද? ඒ කාලය ආවේ යේසුස් ඔහුගේ ජීවිතය පූජා කරපු වෙලාවෙයි. මොකද යේසුස්ගේ ජීවිත පූජාවෙන් යුදෙව්වන් නමස්කාර කරන්න ඕන විදිහ ගැන මෝසෙස් මගින් දීලා තිබුණ නීති අවලංගු වුණා. (රෝම 10:4) ඒත් යේසුස් “ඒ කාලය දැනටමත් පැමිණ තිබෙනවා” කියලත් කිව්වා. ඒ ඇයි? මොකද ඒ වෙද්දිත් ‘දෙවියන්ට නමස්කාර කරන අය ඔහුට නමස්කාර කළ යුත්තේ ඔහු ලබා දෙන මඟ පෙන්වීමට හා ඔහු එළිදරව් කරන සැබෑ දැනුමට එකඟවයි’ කියලා කියපු දේට කීකරු වෙමින් හිටිය ගෝලයන්ව ගැලවුම්කරු වන යේසුස් එකතු කරමිනුයි හිටියේ. (යොහන් 4:24) ‘දෙවියන්ගේ මඟ පෙන්වීමට හා සැබෑ දැනුමට’ එකඟව නමස්කාර කරන්න කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?
‘දෙවියන් ලබා දෙන මඟ පෙන්වීම’ කියලා යේසුස් කිව්ව එකෙන් අදහස් කරන්නේ ශුද්ධ ලියවිල්ලේ තියෙන දේවල් තේරුම්ගන්න දෙවියන්ගේ බලයේ උපකාරය ලැබෙනවා කියන එකයි. (1 කොරින්ති 2:9-12) සැබෑ දැනුම කියන්නේ බයිබල් ඉගැන්වීම් ගැන තියෙන නිවැරදි දැනුමයි. ඒකෙන් පැහැදිලි වෙන්නේ දෙවියන් අපේ නමස්කාරය පිළිගන්න නම් ඒක ඔහුගේ මඟ පෙන්වීම්වලට අනුවත් බයිබල් ඉගැන්වීම්වලට අනුවත් තියෙන්න ඕන කියලයි. එහෙමනම් ඒ වගේ නමස්කාරයක් එක තැනකට සීමා වෙන්න බැහැ.
අපිට තියෙන්න ඕන ආකල්පය
සිද්ධස්ථානවලට ගිහින් වඳින එක ගැන අපිට තියෙන්න ඕන මොන ආකල්පයද? දෙවියන්ට නමස්කාර කරන්න ඕන ඔහු දෙන මඟ පෙන්වීමට හා සැබෑ දැනුමට එකඟව කියලා යේසුස් දීපු ආඥාවෙන් පේන්නේ දෙවියන් අපේ නමස්කාරය පිළිගන්න නම් ඒක සිද්ධස්ථානයක කරන්න ඕන නැහැ කියලයි. ඒ වගේම රූප නමස්කාරය ගැන දෙවියන් කියන්නේ “රූප වන්දනාවෙන් පලා දුවන්න,” “දේවතා රූපවලින් වැළකී සිටින්න” කියලයි. (1 කොරින්ති 10:14; 1 යොහන් 5:21) ඒ නිසා සැබෑ නමස්කාරයේ යෙදෙන කෙනෙක් ශුද්ධයි කියලා කියන තැනකට ගිහින් වන්දනාමාන කරන්නේ නැහැ. ඔහු රූප නමස්කාරයට පොලඹවන දේවලිනුත් වැළකිලා ඉන්නවා.
ඒත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ යාච්ඤා කරන්න, ඉගෙනගන්න හෝ ගැඹුරින් කල්පනා කරන්න වෙනම තැනක් තෝරගන්න එක බයිබලයේ අනුමත කරන්නේ නැහැ කියලා. දෙවියන් ගැන ඉගෙනගන්න යම් නිශ්චිත ස්ථානයක් තියෙන එක ප්‍රයෝජනවත්. ඒ වගේම මැරුණු කෙනෙක් වෙනුවෙන් සොහොන් කොතක් හදන එකත් වැරදි නැහැ. ඒ වගේ සිහිවටනයක් හදන්නේ එයාට තියෙන ආදරය නිසයි. ඒත් ඒ වගේ තැනක් ශුද්ධයි කියලා හිතලා අනවශ්‍ය ගෞරවයක් දෙනවා නම් ඒක යේසුස් කියපු දේට විරුද්ධයි.
සිද්ධස්ථානයකට ගිහින් යාච්ඤා කෙරුවොත් දෙවියන් වැඩියෙන් ඇහුම්කන් දෙයි කියලා හිතන්න එපා. ඒ වගේම ඔයා දුරකතර ගෙවාගෙන වන්දනා ගමන් ගියා කියලා ඔයාට දෙවියන්ගෙන් විශේෂ ආශීර්වාද ලැබෙන්නෙත් නැහැ. යෙහෝවා දෙවියන් “මිනිසුන් සාදා ඇති දේවස්ථානවල වාසය කරන්නේ නැහැ” කියලා බයිබලයේ කියනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ අපිට දෙවියන්ට ළං වෙන්න බැහැ කියලා. අපි කොහේ ඉඳන් යාච්ඤා කෙරුවත් ඔහුට අපේ යාච්ඤා ඇහෙනවා. මොකද ‘ඔහු අපෙන් දුරස්ව සිටින කෙනෙක් නෙවෙයි.’—ක්‍රියා 17:24-27.
^ 2 ඡේ. ෂින්ටෝ සිද්ධස්ථානවල කරන වත්පිළිවෙත් තැනින් තැනට වෙනස්.
^ 3 ඡේ. “ සිද්ධස්ථානයක් කියන්නේ මොකක්ද?” කියන කොටුව බලන්න.