Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | ආදරය කරන කෙනෙක් මැරුණාම

දුක් වෙන එක වැරදිද?

දුක් වෙන එක වැරදිද?

අසනීපයක් නිසා ටික කාලෙකට ඔයා දුකෙන් ඉඳලා තියෙනවාද? හැබැයි සනීප වුණාම ඒ දුක නැති වෙනවා. ඒත් වියෝදුක ඊට වඩා වෙනස්. ඒ ගැන ආචාර්ය ඇලන් වුල්ෆෙල්ට්ගේ පොතක මෙහෙම කියනවා. “වියෝදුක නැත්තටම නැති වෙන්නේ නැහැ. ඒත් අනිත් අයගේ උදව්වෙන්, කාලයත් එක්ක ඒ දුක තුනී වෙනවා.”—Healing a Spouse’s Grieving Heart.

උදාහරණෙකට ආබ්‍රහම්ගේ බිරිඳ මිය ගිය අවස්ථාවේ ඔහු ක්‍රියා කරපු විදිහ ගැන බලමු. “මිය ගිය සාරා ළඟට ගොස් ආබ්‍රහම් හඬා වැලපුණේය” කියලා බයිබලයේ කියනවා. මුල් හෙබ්‍රෙව් භාෂාවට අනුව “හඬා වැලපුණේය” කියන එකට ‘හඬා වැලපෙන්න පටන්ගත්තා’ කියන අදහසත් ඇතුළත්. ‘පටන්ගත්තා’ කියන එකෙන් අදහස් වෙන්නේ ඔහුගේ දුක කාලයක් පැවතුණා කියලයි. * තවත් උදාහරණයක් තමයි යාකොබ්. ඔහුගේ පුතා වන යෝසෙප්ව සතෙක් මැරුවා කියලා ඔහුට බොරුවක් කිව්ව වෙලාවේ ඔහු “දවස් ගණනාවක්ම” වැලපුණා. ඔහුගේ පවුලේ අයට ඔහුව සනසන්න පුළුවන් වුණේ නැහැ. අවුරුදු ගාණක් ගියාට පස්සෙත් යෝසෙප් නැති දුක යාකොබ්ට දැනුණා.—උත්පත්ති 23:2; 37:34, 35; 42:36; 45:28.

ආබ්‍රහම් තම ආදරණීය බිරිඳගේ මරණය ගැන දුක් වෙමින්

තමන් ආදරේ කරන කෙනෙක් මැරුණාම අපිටත් ඒ වගේ දුකක් දැනෙනවා. උදාහරණ 2ක් බලන්න.

  • “මගේ මහත්තයා රොබට් නැති වුණේ 2008 ජූලි 9වෙනිදා. ඒ අනතුර වුණ දවසේ වෙනදා වගේම එයා උදේ කෑමෙන් පස්සේ වැඩට යන්න කලින් මාව වැලඳගෙන ‘මං ඔයාට ආදරෙයි’ කියලයි ගියේ. දැන් අවුරුදු 6ක් ගිහින්. ඒත් ඒ වේදනාව මට තාමත් දැනෙනවා. එයා නැති පාළුව නම් කවදාවත් නැති වෙන එකක් නෑ.”—ගේල්, වයස අවුරුදු 60යි.

  • “මගේ ආදරණීය බිරිඳ මැරිලා දැන් අවුරුදු 18කටත් වැඩියි. තාමත් එයා නැති අඩුව දැනෙනවා. ලස්සන තැනක්, ලස්සන දෙයක් දැක්කාම මට එකපාරටම එයාව මතක් වෙනවා. මේ වෙලාවේ එයාත් මං ළඟ හිටියා නම් ඒවා දැකලා කොච්චර සතුටු වෙයිද කියලා හිතෙනවා.”—ඒටියෙන්, වයස අවුරුදු 84යි.

ඒ වගේ වේදනාවක් දිගු කාලයක් තියෙන එක සාමාන්‍යයි. මරණයකදී එක් එක් කෙනා දුක් වෙන විදිහ වෙනස්. ඒ නිසා කෙනෙක් දුක් වෙන විදිහ ගැන වැරදි හොයන එක සුදුසු නැහැ. ඒ වගේම අනිත් අයට වඩා මං දුක් වෙන එක වැරදියි කියන හැඟීම ඇති කරගන්නත් හොඳ නැහැ. එහෙමනම් වියෝදුක දරාගන්නේ කොහොමද?

^ 4 ඡේ. ආබ්‍රහම්ගේ පුතා වන ඊසාක්ටත් වියෝදුක සෑහෙන කාලයක් තිබුණා. මේ සඟරාවේ “ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්” යන ලිපියේ කියන විදිහට ඔහුගේ මව වන සාරා මිය ගිහින් අවුරුදු 3ක් ගියාට පස්සෙත් ඔහු දුක් වෙමින් ඉඳලා තියෙනවා.—උත්පත්ති 24:67.