Skip to content

පටුනට යන්න

“නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය”

“නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය”

අද ගොඩක් අය අසාධාරණකම්වලට මුහුණ දෙනවා. දුෂ්ට අය නිසා අහිංසක මිනිසුන් පීඩා විඳිනවා. අසාධාරණකම් නැති, දුෂ්ටකම් නැති කාලයක් කවදා හරි එයිද?

බයිබලයේ ගීතාවලිය 37වෙනි පරිච්ඡේදයෙන් ඒකට උත්තරේ දැනගන්න පුළුවන්. මේ කාලෙදීත් ඒ දේවලට හොඳින් මුහුණ දෙන්න පුළුවන් කොහොමද කියලා ඒකේ සඳහන් වෙනවා.

“යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ඔහුගේ මාවතේ දිගටම ගමන් කරන” අයට දීප්තිමත් අනාගතයක් ලැබෙනවා කියලා ගීතාවලිය 37වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. ඔයාගෙත් ඔයාගේ පවුලේ අයගෙත් අනාගතය සුරක්ෂිත එකක් කරගන්න පුළුවන් විදිහ ගැන ඔයාට කියලා දෙන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමතියි.