Skip to content

පටුනට යන්න

මුරටැඹ 2018 අංක 1 | බයිබලය අදටත් ගැළපෙන පොතක්ද?

බයිබලය අදටත් ගැළපෙන පොතක්ද?

මේ වෙද්දී තාක්ෂණය හුඟක් දියුණු වෙලා තියෙන නිසා බයිබලයේ තියෙන තොරතුරු අදට ගැළපෙන්නේ නැහැ කියලා සමහරු හිතනවා. ඔයාට මොකද හිතෙන්නේ? බයිබලයේ මෙහෙම කියනවා.

‘මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි. එය ප්‍රයෝජනවත්ය.’—2 තිමෝති 3:16.

බයිබලයේ තියෙන තොරතුරු අපේ ජීවිතේ හැම පැත්තකටම ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා මේ සඟරාවේ විස්තර කරලා තියෙනවා.

 

බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදටත් ගැළපෙනවාද?

ක්ෂණයකින් තොරතුරු ලබාගන්න පුළුවන්කම තියෙද්දී අවුරුදු 2,000කට විතර කලින් ලියවුණු පොතකින් උපදෙස් ගන්නේ මොකටද?

හැමදාටම වටිනා තොරතුරු

බයිබලයේ තියෙන තොරතුරු අදටත් හොඳින් ගැළපෙනවා. ඒවා පිළිපැද්දොත් හුඟක් ප්‍රයෝජන ලැබෙනවා.

යල් පැනලාද නැත්නම් අදටත් ගැළපෙනවාද?

බයිබලය විද්‍යා අත්පොතක් නෙමෙයි. ඒත් විද්‍යාව ගැන ඒකේ තියෙන තොරතුරු ගැන ඔයා පුදුම වෙයි.

1 ප්‍රශ්න දුර දිග යන එක වළක්වගන්න

ප්‍රශ්න දුර දිග යන්න කලින් ඒවා විසඳගන්න බයිබලයේ තියෙන තොරතුරු හුඟක් අයට උදව් වෙලා තියෙනවා. ඒ කොහොමද?

2 ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න

අනවශ්‍ය විදිහට කනස්සලු වෙන එක, වැඩ කල් දාන එක සහ තනිකමේ හැඟීම වගේ විසඳුමක් පේන තෙක් මානයකවත් නැති ප්‍රශ්න විසඳගන්න උදව් වෙන මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා.

3 දුක දරාගන්න

සුව කරන්න බැරි ලෙඩ සහ වියෝදුක වගේ විසඳුමක් නැහැ කියලා හිතෙන ප්‍රශ්න අද්දකින්න වෙද්දී මොකද කරන්නේ?

සතුටින් පිරි අනාගතයකට මඟ

දැන් අපි අද්දකින ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දෙන්න උදව් වෙන මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි අනාගතයේදී සතුටින් පිරි ජීවිතයක් ගත කරන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද කියලත් බයිබලයේ තියෙනවා.

ඔයා හිතන්නේ මොකක්ද?

මේ ප්‍රශ්නය ගැන සමහරු හිතන දේ සහ බයිබලයේ කියන දේ ගැන දැනගන්න