Skip to content

පටුනට යන්න

මිය ගිය අයට නැවත ජීවිතය ලැබෙයිද?

මිය ගිය අයට නැවත ජීවිතය ලැබෙයිද?

හැමෝටම කවදා හරි මරණයට මුහුණ දෙන්න වෙනවා. කෙනෙක් මැරුණාට පස්සේ එයාගේ ජීවිතේ එතැනින් ඉවරද? ඒ කෙනාව සදහටම අමතක වෙලා යනවාද? ඒ කෙනාට නැවත ජීවත් වෙන්න ලැබෙයිද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි:

මැරුණු අයව අමතක කරලා නැහැ

‘සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාම නැවත නැඟිටීමක් ලබනවා.’—යොහන් 5:28, 29.

මැරුණු අය දෙවියන්ගේ මතකයේ ඉන්නවා. ඔහු ඒ අයට අනිවාර්යයෙන්ම නැවත ජීවිතය ලබා දෙනවා.

මැරුණු අයට මේ පොළොවේ නැවත ජීවත් වෙන්න ලැබෙනවා

‘ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත් නැවත නැඟිටිනවා.’—ක්‍රියා 24:15.

දෙවියන් බිලියන ගාණක්ව නැවත නැඟිටුවලා සාමයෙන්, සතුටින්, සදහටම පොළොවේ ජීවත් වෙන්න එයාලට අවස්ථාව ලබා දෙනවා.

නැවත නැඟිටීම ගැන දෙවියන් දීලා තියෙන පොරොන්දුව විශ්වාස කරන්න පුළුවන්

“[දෙවියන්] තාරකා සියල්ල ගණන් කරන්නේය. ඒ එක් එක් තාරකාවන් ඔහු, නම් වශයෙන් හඳුන්වන්නේය.”—ගීතාවලිය 147:4.

දෙවියන්ට හැම තාරකාවකම නම මතකයි නම් නැවත නැඟිටුවන්න යන අයව මතක තියාගන්න එක ඔහුට එච්චර දෙයක් නෙමෙයි.