Skip to content

පටුනට යන්න

දෙවියන්ගේ රාජ්‍යය ගැන සත්‍යය

දෙවියන්ගේ රාජ්‍යය ගැන සත්‍යය

යේසුස් තම අනුගාමිකයන්ට උගන්වපු ආදර්ශ යාච්ඤාවේදී ඔහු මෙහෙම කිව්වා. “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා! ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා!” (මතෙව් 6:9, 10) දෙවියන්ගේ රාජ්‍යය කියන්නේ මොකක්ද? ඒ රාජ්‍යය මාර්ගයෙන් සිද්ධ වෙන්නේ මොනවාද? ඒ රාජ්‍යය පැමිණෙන්න කියලා අපි යාච්ඤා කරන්න ඕනෙ ඇයි?

දෙවියන්ගේ රාජ්‍යයේ රජ යේසුස්.

ලූක් 1:31-33: “ඔහුට යේසුස් යන නම තබන්න. ඔහු ඉතා ශ්‍රේෂ්ඨ කෙනෙක් වන අතර ඔහුව හඳුන්වනු ලබන්නේ මහෝත්තම දෙවිගේ පුත්‍රයා ලෙසයි. යෙහෝවා දෙවි ඔහුට ඔහුගේ පියා වූ දාවිත්ගේ සිංහාසනය ලබා දෙයි. යාකොබ්ගේ පෙළපත කෙරෙහි සදහටම රජකම් කරන ඔහුගේ රාජ්‍යයට අවසානයක් නැහැ.”

යේසුස් දේශනා කරපු ප්‍රධානම පණිවිඩය දෙවියන්ගේ රාජ්‍යයයි.

මතෙව් 9:35: “යේසුස් ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරමින්ද සියලු ආකාර රෝග සහ ආබාධ සුව කරමින්ද සියලු නුවරවලද ගම්වලද සංචාරය කළේය.”

දෙවියන්ගේ රාජ්‍යයේ පාලනය පටන්ගන්නේ කවදාද කියලා තේරුම්ගන්න යේසුස් ලකුණක් දුන්නා.

මතෙව් 24:7: “ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් නැඟී සිටියි. එක් තැනක් පාසා තවත් තැනක ආහාර හිඟකම්ද භූමිකම්පාද සිදු වෙයි.”

යේසුස්ගේ අනුගාමිකයන් දෙවියන්ගේ රාජ්‍යය ගැන ලොව පුරා දේශනා කරනවා.

මතෙව් 24:14: “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.”