මුරටැඹ - පාඩම් කලාපය 2017 අගෝස්තු 

2017 සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 22 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

ඔයා ඉවසීමෙන් බලාගෙන ඉන්න කෙනෙක්ද?

අතීතයේ හිටපු දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් ‘තව කොච්චර කාලයක් ඉවසන්න ඕනෙද’ කියලා දෙවිගෙන් ඇහුවා. එහෙම අහපු එක ගැන දෙවි කේන්ති ගත්තේ නැහැ.

‘කිසිම මිනිසෙකුට වටහාගන්න බැරි සමාදානයක්’

‘යෙහෝවා දෙවි මට මේ තරම් දුෂ්කර දේවලට මුහුණ දෙන්න ඉඩහරින්නේ ඇයි’ කියලා ඔයාට හිතිලා තියෙනවාද? එහෙමනම් යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියලා ඉවසීමෙන් බලාගෙන ඉන්න ඔයාට පුළුවන් කොහොමද?

ජීවිත කතාව

පීඩා විඳදරාගන්න අයට ආශීර්වාදවලින් අඩුවක් නැහැ

සයිබීරියාවට පිටුවහල් කරපු අය එළදෙන්නු විකුණන්න ඉන්නවාද කියලා ඇහුවේ ඇයි? සිවල්ස්කි යුවළගේ ජීවිත කතාවෙන් ඒ ගැන දැනගන්න.

පරණ පෞද්ගලිකත්වය අයින් කරලාම දාන්න

පරණ පෞද්ගලිකත්වය අයින් කරලා විතරක් මදි. ආයේ ඒක පැළඳ නොගන්න වගබලා ගන්නත් ඕනේ. නරක පුරුදුවලට අපි ඇබ්බැහි වෙලා හිටියත් ඒවා සම්පූර්ණයෙන්ම අත්හැරලා දාන්න අපිට පුළුවන් කොහොමද?

අලුත් පෞද්ගලිකත්වය පැළඳගෙන දිගටම ඒක රැකගන්න

යෙහෝවා දෙවිගේ උදව්වෙන් දෙවි කැමති ගුණාංග ඔයාගේ පෞද්ගලිකත්වය එකතු කරගන්න ඔයාට පුළුවන්. අනුකම්පාව, කරුණාවන්තකම, නිහතමානිකම, මෘදුකම පෙන්නන්න පුළුවන් කොහොමද කියලා බලන්න.

ප්‍රේමය - අගනා ගුණාංගයක්

ආදරේ කියන ගුණාංගය කෙනෙක් තුළ ඇති වෙන්නේ දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී කියලා බයිබලේ තියෙන තොරතුරුවලින් පැහැදිලියි. ඒ ගුණාංගය තව වැඩි කරගන්නත් ඒක ජීවිතෙන් පෙන්නන්නත් පුළුවන් කොහොමද?

අතීතයෙන් බිඳක්

“ආයේ සමුළුවක් තියෙන්නේ කවදාද?”

1930 ගණන්වල මෙක්සිකෝ සිටිවල පවත්තපු පුංචි සමුළුව විශේෂ එකක් වුණේ ඇයි?

පාඨකයන්ගෙන් ප්‍රශ්න

මතෙව් සහ ලූක් යේසුස්ගේ උපත, මුල් කාලේ සිදුවීම් ගැන එකිනෙකට වෙනස් දේවල් සඳහන් කරන්නේ ඇයි?