Skip to content

පටුනට යන්න

මේ ගැන හිතලා තිබුණාද?

මේ ගැන හිතලා තිබුණාද?
  • දෙවියන් අපිට ආදරේ නම් ඔහු මේ තරම් කාලයක් දුෂ්ටකම්වලටත් දුක් වේදනාවලටත් ඉඩහැරලා තියෙන්නේ ඇයි?

  • මේ දුෂ්ට සමාජයේ අවසානය අත ළඟටම ඇවිත් කියලා විශ්වාස කරන්න තියෙන සාක්ෂි මොනවාද?

  • දේවරාජ්‍යයෙන් මේ පොළොවේ පාලනය භාරගන්නවා කියලා බයිබලයේ කියන දේ ඇත්තටම ඉටු වෙයිද කියලා දැනගන්න පුළුවන් කොහොමද?

  • හරි තීරණ ගන්න බයිබලයේ තියෙන තොරතුරු අපිට උදව් වෙයිද?

අපේ නිර්මාතෘ අපිට හුඟක් ආදරේ නිසා ඒ ප්‍රශ්න ඇතුළු තවත් හුඟක් ප්‍රශ්නවලට උත්තර දීලා තියෙනවා. බයිබලයේ තියෙන තොරතුරු ගැන ඉගෙනගන්න කැමති අය වෙනුවෙන්ම සකස් කරලා තියෙන www.pr418.com/si වෙබ් අඩවියෙන් ඒ උත්තර හොයාගන්න පුළුවන්.

ක්‍රියාකාරකම්, ඕඩියෝ සහ වීඩියෝ පටිගත කිරීම්, සම්මුඛ සාකච්ඡා, බයිබලය ඇතුළු විවිධ ප්‍රකාශන ඒ වෙබ් අඩවියෙන් හොයාගන්න පුළුවන්. ඒ හැම දෙයක්ම කොන්දේසි විරහිතව කිසිම අය කිරීමකින් තොරව ලබාගන්න පුළුවන්.