Skip to content

පටුනට යන්න

හැඳින්වීම

හැඳින්වීම

දරුවන්ට කියා දෙන්න ඕන පාඩම් 6ක්

දෙමාපියෙනි, ඔයාගේ දරුවා වැඩිහිටියෙක් වුණාම ඔයා කැමති එයා මොන වගේ කෙනෙක් වෙනවා දකින්නද? ඔයා කැමති දරුවා මේ වගේ ගතිපැවතුම් තියෙන කෙනෙක් වෙනවා දකින්නද?

  • තමාවම පාලනය කරගන්න කෙනෙක්

  • නිහතමානී කෙනෙක්

  • අභියෝගවලට හොඳින් මුහුණ දෙන කෙනෙක්

  • වගකීමෙන් වැඩ කරන කෙනෙක්

  • අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්

  • අවංක කෙනෙක්

දරුවන්ට මේ වගේ ගතිපැවතුම් තනියම ඉගෙනගන්න බැහැ. ඔයාලගේ මඟ පෙන්වීම් එයාලට ඕනේ.

දරුවන්ට උගන්වන්න ඕන වැදගත් පාඩම් 6ක් ගැන මේ සඟරාවේ සඳහන් වෙනවා. යහපත් වැඩිහිටියන් වෙන්න දරුවන්ට ඒවා උදව් වෙයි.