ජීවිත කතාව
“යෙහෝවා දෙවියන් මාව අමතක කළේ නැහැ”
මං ජීවත් වෙන්නේ දකුණු ඇමෙරිකාවේ ගයනාවල තියෙන ඔරෙල්ලා කියන ගමේ. ඒක මිනිස්සු 2,000ක් විතර ඉන්න පුංචි ගමක්. අපේ ගමට එනවා නම් එන්න වෙන්නේ පුංචි ගුවන් යානයකින් හරි බෝට්ටුවකින් හරි තමයි.
මං ඉපදුණේ 1983දී. අවුරුදු 10ක් යනකම්ම මං හොඳට දුවලා පැනලා සෙල්ලම් කළා. හැබැයි ඊටපස්සේ මගේ ඇඟට ලොකු වේදනාවක් දැනෙන්න පටන්ගත්තා. අවුරුදු 12දී විතර දවසක් මං උදේ ඇහැරුණාම මට දැනුණේ මගේ මුළු ඇඟම ගල්ගැහිලා වගේ. මං කකුල් දෙක එහෙ මෙහෙ කරන්න හැදුවත් කකුල් දෙක පොඩ්ඩක්වත් හෙල්ලුණේ නැහැ. එදායින් පස්සේ මට ඇවිදින්න බැරි වුණා. මට හැදුණු අසනීපය නිසා මගේ ශරීරය වර්ධනය වෙන එකත් නතර වුණා. ඒ නිසා අදටත් මගේ ඇඟපත හරියට පොඩි ළමයෙක්ගේ වගේ.
මං ගෙදරටම කොටු වෙලා මාස කීපයක් යද්දී දවසක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙන්නෙක් අපේ ගෙදරට ආවා. සාමාන්‍යයෙන් නම් ගෙදරට අමුත්තෙක් ආවාම මං ඉක්මනට ගිහින් හැංගෙනවා. හැබැයි අපේ ගෙදරට ආපු සාක්ෂිකරුවන් එක්ක මට කතා කරන්න හිතුණා. එයාලා පාරාදීසේ ගැන කියද්දී මට මතක් වුණා මට අවුරුදු 5දී විතර මං ඒ ගැන අහලා තිබුණා නේද කියලා. ඒ කාලේ සූරිනාමය කියන රටේ හිටිය මිෂනාරිවරයෙක් වන ජෙත්රෝ මාසෙකට සැරයක් අපේ ගමට ඇවිත් බයිබලේ තියෙන දේවල් අපේ තාත්තාට කියලා දුන්නා. එයා හරිම හොඳ කෙනෙක්. එයා මට ආදරෙන් සැලකුවා. සාක්ෂිකරුවන් අපේ ගමේ පවත්වපු රැස්වීම්වලට මගේ ආච්චියි, සීයායි මාව එක්කන් ගිහිල්ලත් තියෙනවා. ඒ නිසා අපේ ගෙදරට ආපු ෆ්ලොරන්ස් කියන සාක්ෂිකාරිය බයිබලේ තියෙන දේවල් ඉගෙනගන්න කැමතිද කියලා ඇහුවාම මං ඒකට කැමති වුණා.
ෆ්ලොරන්ස් එයාගේ ස්වාමිපුරුෂයා වුණ ජස්ටස් එක්ක ඇවිත් මට බයිබලේ තියෙන දේවල් කියලා දෙන්න පටන්ගත්තා. හැබැයි මට අකුරු කියවන්න බැහැ කියලා එයාලට තේරුණ නිසා එයාලා මට මුලින්ම අකුරු කියවන්න ඉගැන්නුවා. ඒ නිසා කාලයක් යද්දී මට හොඳට කියවන්න පුළුවන් වුණා. දවසක් එයාලා මට කිව්වා සූරිනාමය කියන රටේ සේවය කරන්න එයාලට පැවරුමක් ලැබුණා කියලා. ඒක දැනගත්තාම මට හුඟක් දුක හිතුණා. එයාලා ගියාට පස්සේ බයිබලේ තියෙන දේවල් උගන්වන්න කිසිම කෙනෙක් අපේ ගමේ හිටියෙ නැති නිසා මගේ බයිබල් පාඩමත් නතර වුණා. ඒත් යෙහෝවා දෙවියන් මාව අමතක කළේ නැහැ.
වැඩි කාලයක් යන්න කලින් පුරෝගාමියෙක් වුණ ෆ්ලොයිඩ් අපේ ගමට ආවා. එයා ශුභාරංචිය කියන්න පැල්පතින් පැල්පතට යද්දී තමයි මට එයාව මුණගැහුණේ. බයිබලේ තියෙන දේවල් ඉගෙනගන්න කැමතිද කියලා එයා මගෙන් ඇහුවාම මට හිනා ගියා. එතකොට එයා මගෙන් ඇහුවා “ඇයි ඔයා හිනා වෙන්නේ” කියලා. ‘දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද’ කියන සඟරාවෙන් මං පාඩම කරලා ඉවරයි කියලත් ‘සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම’ * කියන පොතෙන් පාඩම් කරන්න පටන්ගත්තා කියලත් මං එයාට කිව්වා. පාඩම නතර වුණේ ඇයි කියලා මං එයාට විස්තර කළා. ‘දැනුම’ පොතෙන් මං පාඩම නතර කරපු තැන ඉඳන් එයා ආපහු පාඩම පටන්ගත්තා. හැබැයි වැඩි කාලයක් යන්න කලින් එයාගේ පැවරුමත් වෙනස් වුණා. ඒ නිසා මං ආයෙත් තනි වුණා.
විශේෂ පුරෝගාමීන් වුණ ග්‍රැන්විල් සහ ජොෂුවා 2004දී අපේ ගමට ආවා. එයාලා ශුභාරංචිය කියන්න පැල්පතින් පැල්පතට යද්දී තමයි මට එයාලවත් මුණගැහුණේ. බයිබලේ තියෙන දේවල් ඉගෙනගන්න කැමතිද කියලා එයාලා මගෙන් ඇහුවාම මං හිනා වෙලා එයාලට කිව්වා ‘දැනුම’ පොතේ මුල ඉඳන් මට පාඩමක් කරන්න කියලා. මොකද මට ඕන වුණා කලින් මට බයිබල් පාඩම කරපු අය උගන්වපු දේවල්මද එයාලත් උගන්වන්නේ කියලා දැනගන්න. ග්‍රැන්විල් මට කිව්වා සාක්ෂිකරුවන්ගේ රැස්වීම් අපේ ගමෙත් තියෙනවා කියලා. ඒ වෙද්දී මං අවුරුදු 10ක් විතර ගෙයින් එළියට ගිහිල්ලා තිබුණේ නැහැ. හැබැයි එයාලගේ රැස්වීම්වලට යන්න මට හුඟක් ආස හිතුණා. ඒ නිසා ග්‍රැන්විල් මාව රෝද පුටුවක ඉන්දවලා ඒක තල්ලු කරන් නමස්කාර මධ්‍යස්ථානයට ගියා.
කාලයක් යද්දී ග්‍රැන්විල් මට උනන්දු කළා සේවා පාසැලට ඇතුල් වෙන්න කියලා. ඒ විතරක් නෙවෙයි එයා මෙහෙමත් කිව්වා. “ඔයා ආබාධිත තත්වයේ හිටියට ඔයාට කතා කරන්න පුළුවන්නේ. බලන්නකෝ, දවසක ඔයා බයිබල් දේශනයකුත් දෙයි. මට නම් ඒ ගැන කිසිම සැකයක් නැහැ.” එයා කියපු ඒ දේවල් මට ලොකු දිරිගැන්වීමක් වුණා.
මං ග්‍රැන්විල් එක්ක සේවේ යන්න පටන්ගත්තා. හැබැයි අපේ ගමේ පාරවල්වල රෝද පුටුවේ යන එක ලේසි වුණේ නැහැ. ඒ නිසා මං ග්‍රැන්විල්ට කිව්වා මාව වීල්බැරෝ එකක දාගෙන යන්න කියලා. ඒ ක්‍රමය නම් ගොඩක් සාර්ථක වුණා. 2005 අප්‍රියෙල් මාසේ මං බව්තීස්ම වුණත් එක්කම සභාවේ පොත් අංශයේ වැඩ කරන්නත් ශබ්ද විකාශන අංශයේ වැඩ කරන්නත් සහෝදරයන් මාව පුහුණු කළා.
බෝට්ටුවේ යද්දී වුණ අනතුරක් නිසා 2007දී අපේ තාත්තා නැති වුණාම ඒක අපේ පවුලේ අයට අදහාගන්න බැරි වුණා. ඒත් ග්‍රැන්විල් අපිත් එක්ක යාච්ඤා කරලා බයිබලෙන් අපිව සැනසුවා. ඒක වෙලා අවුරුදු දෙකකට පස්සේ බෝට්ටු අනතුරකින් ග්රැන්විලුත් නැති වුණා. ඒ දුක දරාගන්න අපිට ලේසි වුණේ නැහැ.
ග්‍රැන්විල් තමයි අපේ සභාවට හිටපු එකම වැඩිමහල්ලා. එයා මැරුණාට පස්සේ අපිට හිටියේ එකම එක සහායක සේවකයෙක් විතරයි. ඇත්තටම ග්‍රැන්විල් නැති අඩුව දරාගන්න මට ලේසි වුණේ නැහැ. එයා මට ගොඩක් හොඳ යාළුවෙක් වුණා. යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න විතරක් නෙවෙයි මගේ ජීවිතේ තව හුඟක් දේවලට එයා මට උදව් කළා. එයා මැරුණාට පස්සේ සභාවේ තිබ්බ මුල්ම රැස්වීමේ ‘මුරටැඹ’ පාඩම කියවන්න තිබුණේ මට. මං කොහොමහරි මුල් ඡේද දෙක කියෙව්වා. ඒත් ඊටපස්සේ මගේ ඇස්වලින් කඳුළු බේරෙන එක මට නවත්තගන්න පුළුවන් වුණේ නැහැ. ඒ නිසා මට වේදිකාවෙන් බැහැලා එන්න සිද්ධ වුණා.
අනිත් සභාවල සහෝදරයන් ඇවිත් අපේ සභාවට උදව් කරපු එක මට මගේ දුක දරාගන්න උදව් වුණා. ඒ විතරක් නෙවෙයි, ශාඛා කාර්යාලයෙන් විශේෂ පුරෝගාමියෙක් වුණ කෝජෝව අපේ සභාවට එව්වා. මගේ අම්මායි, මල්ලියි බයිබල් පාඩමක් කරලා බව්තීස්ම වෙද්දී මට දැනුණ සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ. 2015 මාර්තු මාසේදී මාව සහායක සේවකයෙක් විදිහට පත් කළා. ටික කාලෙකින් මං මගේ පළවෙනි බයිබල් දේශනය දුන්නා. මගේ ආදරණීය යාළුවා වුණ ග්‍රැන්විල් කියපු මේ දේ එදා මට මතක් වුණාම මගේ ඇස් දෙකට කඳුළු ආවා. “බලන්නකෝ දවසක ඔයා බයිබල් දේශනයක් දෙයි. ඒ ගැන මට කිසිම සැකයක් නැහැ.”
JW බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහන් බලද්දී මං දැනගත්තා මං වගේ අසනීප තත්වයන්වල ඉන්න සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් ඉන්නවා කියලා. එයාලා උපරිමයෙන් දෙවියන්ට සේවය කරලා සතුටින් ඉන්නවා. මටත් පුළුවන් ඒ දේ කරන්න. මට ඕනෙ මගේ ශක්තිය උපරිමයෙන් වැය කරලා යෙහෝවා දෙවියන්ට සේවය කරන්න. ඒ නිසයි මං ස්ථාවර පුරෝගාමි සේවය කරන්න පටන්ගත්තේ. 2019 සැප්තැම්බර් මාසේ ප්‍රචාරකයන් 40ක් විතර ඉන්න අපේ සභාවේ වැඩිමහල්ලෙක් විදිහට මාව පත් කළා. එහෙම දෙයක් වෙයි කියලා මං කවදාවත් හිතුවේ නැහැ.
බයිබලේ තියෙන දේවල් උගන්වන්නත් සේවයේ යන්නත් මට උදව් කරපු සහෝදර සහෝදරියන්ට මං මුළු හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. කවදාවත් මාව අමතක කළේ නැති මගේ දෙවි යෙහෝවාට මං සදහටම ණයගැතියි.
^ 8 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක්. දැන් ඒක මුද්‍රණය කරන්නේ නැහැ.