මුරටැඹ - පාඩම් කලාපය 2020 මැයි 

2020 ජූලි 6–අගෝස්තු 2 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

අවසාන කාලයේ “උතුරේ රජ” කවුද?

පාඩම් ලිපිය 19: 2020 ජූලි 6-12. “උතුරේ රජ” සහ “දකුණේ රජ” ගැන දානියෙල් කියපු අනාවැකිය ඉටු වෙමින් තියෙනවා කියන්න සාක්ෂි අපිට පැහැදිලිව පේන්න තියෙනවා. ඒක ඒ තරම් ස්ථිරව අපි කියන්නේ ඇයි? ඒ අනාවැකියේ තියෙන තොරතුරු අපි හොඳින් තේරුම්ගන්න ඕනෙ ඇයි?

අවසාන කාලේ එකිනෙකාට විරුද්ධව සටන් කරන රජවරු දෙන්නෙක්

“උතුරේ රජ” සහ “දකුණේ රජ” ගැන සඳහන් අනාවැකිය ඉටු වෙන කාලයේම ඉටු වෙන තවත් අනාවැකි තියෙනවා. මේ දුෂ්ට සමාජය ඉක්මනින්ම අවසාන වෙනවා කියලා ඒ අනාවැකිවලින් පැහැදිලි වෙන්නේ කොහොමද?

අද දින උතුරේ රජ කවුද?

පාඩම් ලිපිය 20: 2020 ජූලි 13-19. අද දින උතුරේ රජ කවුද? එයා විනාශ වෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර දැනගන්න එක අපේ විශ්වාසය ශක්තිමත් කරගන්නත් ඉදිරියේදී මුහුණ දෙන්න වෙන දුෂ්කරතාවලට දැන්ම සූදානම් වෙන්නත් උදව් වෙයි.

දෙවියන් දීලා තියෙන තෑගි ඔයා අගය කරනවාද?

පාඩම් ලිපිය 21: 2020 ජූලි 20-26. යෙහෝවා දෙවියන් ගැනත් ඔහු අපිට දීලා තියෙන තෑගි තුනක් ගැනත් අපිට තියෙන අගය වැඩි කරගන්න මේ ලිපිය අපිට උදව් වෙනවා. දෙවි කෙනෙක් ඉන්නවාද කියලා සැක කරන අයට කාරණා පැහැදිලි කරලා දෙන්නත් මේ ලිපිය උදව් වෙයි.

දෙවියන්ගෙන් ලැබිලා තියෙන නොපෙනෙන තෑගි අගය කරන්න

පාඩම් ලිපිය 22: 2020 ජූලි 27–අගෝස්තු 2. යෙහෝවා දෙවියන්ගෙන් ලැබිලා තියෙන තෑගි කීපයක් ගැන අපි කලින් ලිපියේ බැලුවා. මේ ලිපියෙන් අපි බලන්නේ යෙහෝවා දෙවියන් දීලා තියෙන, අපේ ඇස් දෙකට නොපෙනෙන තෑගි කීපයක් ගැන. ඒ තෑගි ගැන අපේ හිතේ තියෙන අගය පෙන්නන්නේ කොහොමද කියලත් අපි බලනවා. ඒ තෑගි ගැන කතා කරද්දී ඒවා අපිට දුන්න යෙහෝවා දෙවියන් ගැන අපේ හිතේ තියෙන අගය තවත් වැඩි වෙයි.