Skip to content

පටුනට යන්න

අවසාන කාලේ එකිනෙකාට විරුද්ධව සටන් කරන රජවරු දෙන්නෙක්

අවසාන කාලේ එකිනෙකාට විරුද්ධව සටන් කරන රජවරු දෙන්නෙක්

මේ රූප සටහනේ විස්තර කරන සමහර අනාවැකි එකම කාලේ ඉටු වෙන ඒවා. ඒ හැම අනාවැකියකින්ම ඔප්පු වෙනවා අපි ජීවත් වෙන්නේ “අවසාන කාලේ” කියලා.—දානි. 12:4.

  • බයිබල් පද එළි. 11:7; 12:13, 17; 13:1-8, 12

    අනාවැකිය “මෘගයා” අවුරුදු 3,000කට වැඩි කාලයක් මිනිසුන්ව පාලනය කරයි. අවසාන කාලේදී මෘගයාගේ හත්වෙනි හිසට මරු පහරක් එල්ල වෙයි. ඒ හිස සුව වුණාට පස්සේ “මුළු පොළොවම” මෘගයා පසුපස යනවා. සාතන් ඒ මෘගයාව යොදාගෙන ස්ත්‍රියගේ පෙළපතට අයත් ‘ඉතුරු අයට විරුද්ධව යුද්ධ කරනවා.’

    ඉටු වීම ජලගැල්මෙන් පස්සේ යෙහෝවා දෙවියන්ට විරුද්ධව වැඩ කරපු ආණ්ඩු මිනිසුන්ව පාලනය කරන්න පටන්ගත්තා. ඊට සියවස් ගාණකට පස්සේ 1වෙනි ලෝක මහා යුද්ධ කාලේ ඒ බලවත් ආණ්ඩුවලින් එකක් වුණ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට තිබුණ බලය අඩු වෙලා ඒක දුර්වල වුණා. ඒත් ඒකට එක්සත් ජනපදයේ සහය ලැබුණාම ඒක ආයෙත් බලවත් වුණා. විශේෂයෙන්ම අවසාන කාලේදී දෙවියන්ගේ සෙනඟට පීඩා කරන්න සාතන් ලෝකේ තියෙන හැම ආණ්ඩුවක්ම යොදාගන්නවා.

  • බයිබල් පද දානි. 11:25-45

    අනාවැකිය අවසාන කාලේදී උතුරේ රජ සහ දකුණේ රජ එකිනෙකාට විරුද්ධව සටන් කරනවා.

    ඉටු වීම බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක බලයට විරුද්ධව ජර්මනිය සටන් කළා. 1945දී සේවියට් සංගමය සහ ඒකට සහය දෙන රටවල් උතුරේ රජ විදිහට පෙනී සිටියා. 1991දී සෝවියට් සංගමය බිඳ වැටුණා. ඊටපස්සේ කාලයත් එක්කම රුසියාව සහ ඒකට සහය දෙන රටවල් උතුරේ රජුගේ භූමිකාව රඟ දක්වනවා.

  • බයිබල් පද යෙසා. 61:1; මලා. 3:1; ලූක් 4:18

    අනාවැකිය දේවරාජ්‍යය පිහිටුවන්න කලින් “මාර්ගය සූදානම් කරන්න” යෙහෝවා දෙවියන් ඔහුගේ “පණිවිඩකරුව” යවනවා. ඒ පණිවිඩකරු “මෘදු ගුණැති අයට ශුභාරංචිය ප්‍රකාශ කරන්න” පටන්ගත්තා.

    ඉටු වීම 1870 ඉඳන් සී. ටී. රසල් සහ තවත් පිරිසක් බයිබලේ හොඳින් අධ්‍යයනය කරන්න පටන්ගත්තා. එයාලට ඕනෙ වුණේ බයිබලේ තියෙන සත්‍යයන් හොයාගන්නයි. 1881දී එයාලා තේරුම්ගත්තා දෙවියන්ගේ සේවකයන් දේශනා කරන එක අත්‍යවශ්‍ය දෙයක් කියලා. “දේශනාකරුවන් 1,000ක් අවශ්‍යයි,” “අභිෂේක කළේ දේශනා කරන්නයි” වගේ ලිපි එයාලා පළ කළා.

  • බයිබල් පද මතෙ. 13:24-30, 36-43

    අනාවැකිය මිනිසෙක් කෙතක තිරිඟු වපුරනවා. සතුරෙක් ඇවිත් ඒ කෙතේ කිරිඳි වපුරනවා. තිරිඟු වැහෙන්න කිරිඳි වැවෙනවා. අස්වැන්න නෙළන කාලේදී තිරිඟුවලින් කිරිඳි වෙන් කරනවා.

    ඉටු වීම 1870 ඉඳන් සැබෑ ක්‍රිස්තියානීන් සහ ක්‍රිස්තියානීන් විදිහට මවාපාන අය අතරේ වෙනස එන්න එන්නම පැහැදිලිව දකින්න ලැබුණා. අවසාන කාලේදී ක්‍රිස්තියානීන් විදිහට මවාපාන අයගෙන් සැබෑ ක්‍රිස්තියානීන්ව වෙන් කරනවා.

  • බයිබල් පද දානි. 2:31-33, 41-43

    අනාවැකිය මැටි සහ යකඩ කලවම් වෙලා තිබුණ පාද විවිධ ලෝහවලින් සෑදුණු රූපයක කොටසක්.

    ඉටු වීම මැටිවලින් නියෝජනය වෙන්නේ බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදයේ පලනය යටතේ ඉන්න සාමාන්‍ය ජනයා. ඒ අය ඒ ආණ්ඩුවලට විරුද්ධව කැරලිගහනවා. එයාලා කරන ඒ දේවල් නිසා බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක බලයේ යකඩ හා සමාන ශක්තිය දුර්වල වෙනවා.

  • බයිබල් පද මතෙ. 13:30; 24:14, 45; 28:19, 20

    අනාවැකිය ‘තිරිඟු ගබඩාවේ‘ රැස් කරනවා. “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව” “මෙහෙකරුවන්ව” බලාගන්න පත් කරනවා. ‘රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ජනාවාස වූ මුළු පොළොව පුරාම‘ දේශනා කරන්න පටන්ගන්නවා.

    ඉටු වීම 1919දී විශ්වාසවන්ත දාසයාව දෙවියන්ගේ සෙනඟව බලාගන්න පත් කළා. එදා ඉඳන් බයිබල් ශිෂ්‍යයන් දේශනා කිරීමේ කාර්යය තව තවත් වැඩි කරලා තියෙනවා. අද වෙනකොට සාක්ෂිකරුවන් රටවල් 200කට වැඩි ගාණක දේශනා කරනවා වගේම භාෂා 1,000කට වඩා වැඩි ගණනකින් බයිබලේ මත පදනම් ප්‍රකාශන බෙදාහරිනවා.

  • බයිබල් පද දානි. 12:11; එළි. 13:11, 14, 15

    අනාවැකිය අං දෙකක් තිබුණ මෘගයා හිස් හතක් තියෙන ‘මෘගයාගේ රූපයක් හදන්න’ කියලා පොළොවේ වාසය කරන අයට කියනවා. ඊටපස්සේ ඌ ඒ ‘රූපයට පණ දෙනවා.’

    ඉටු වීම බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක බලය ජාතීන්ගේ සංගමය පිහිටුවන්න මූලිකත්වය ගනියි. වෙනත් රටවලුත් එයට එකතු වෙයි. උතුරේ රජත් ඒ සංගමයට එකතු වෙයි. ඒත් ඒ 1926 සිට 1933 වෙන කල් විතරයි. ජාතීන්ගේ සංගමය ගැන මිනිසුන් හිතුවේ දේවරාජ්‍යයට විතරක් කරන්න පුළුවන් දෙයක් ඒ සංගමයට කරන්න පුළුවන් කියලයි. පසුව බිහි වුණ එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන මිනිසුන් හිතන්නෙත් ඒ විදිහටමයි.

  • බයිබල් පද දානි. 8:23, 24

    අනාවැකිය ඉතා දරුණු පෙනුමක් ඇති රජෙක් “මහත් විනාශයක් සිදු කරයි.”

    ඉටු වීම බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක බලය මිනිසුන් විශාල ගාණක් මරා දමමින් මහත් විනාශයක් සිදු කරයි. උදාහරණෙකට 2වෙනි ලෝක මහා යුද්ධයේදී එක්සත් ජනපදය බ්‍රිතාන්‍යයේ සහ එක්සත් ජනපදයේ සතුරු රටකට න්‍යෂ්ටික බෝම්බ දෙකක් හෙළුවා. ඒකෙන් සිදු වුණා වගේ විනාශයක් ඊට කලින් වෙලා තිබුණේ නැහැ.

  • බයිබල් පද දානි. 11:31; එළි. 17:3, 7-11

    අනාවැකිය අං දසයක් ඇති “තද රතු පාට” මෘගයෙක් අගාධයෙන් පිටතට එයි. ඌ අටවෙනි රජයි. ඒ රජුව දානියෙල් පොතේ විස්තර කරන්නේ “විනාශයක් සිදු කරන පිළිකුල් දේ” විදිහටයි.

    ඉටු වීම 2වෙනි ලෝක යුද්ධ කාලේදී ජාතීන්ගේ සංගමය විසුරුවාහරියි. යුද්ධයෙන් පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය “පිහිටුවනවා.” ජාතීන්ගේ සංගමයට වගේ එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් දේවරාජ්‍යයට දෙන්න ඕනෙ ගෞරවය ලැබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ආගම්වලට පහර දෙනවා.

  • බයිබල් පද 1 තෙස. 5:3; එළි. 17:16

    අනාවැකිය ජාතීන් “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියලා නිවේදනය කරනවා. “අං දසය හා මෘගයා ගණිකාවට” පහර දීලා ඇයව විනාශ කරනවා. ඊටපස්සේ ජාතීන් විනාශ වෙනවා.

    ඉටු වීම තමන් ලෝකෙට සාමය හා සුරක්ෂිතභාවය ගෙනාවා කියලා ජාතීන් කියයි. ඊටපස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහය දෙන ජාතීන් අසත්‍යය උගන්වන ආගමික සංවිධාන විනාශ කරනවා. මහත් පීඩාවේ ආරම්භය ඒකයි. මහත් පීඩාව අවසන් වෙන්නේ හර්–මගෙදොන් යුද්ධයේදී. ඒ යුද්ධයේදී යේසුස් සාතන්ගේ පාලනය යටතේ තියෙන දුෂ්ට සමාජය විනාශ කරනවා.

  • බයිබල් පද එස. 38:11, 14-17; මතෙ. 24:31

    අනාවැකිය ගොග් දෙවියන්ගේ සෙනඟ ජීවත් වෙන දේශයට පහර දෙන්න එනවා. ඊටපස්සේ දේවදූතයන් “තෝරාගත් අයව රැස් කරනවා.”

    ඉටු වීම උතුරේ රජ ලෝකේ අනිකුත් ආණ්ඩු එක්ක එකතු වෙලා දෙවියන්ගේ සෙනඟට පහර දෙනවා. ඒ ප්‍රහාරය පටන්ගත්තාට පස්සේ පොළොවේ ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් අයව ස්වර්ගයට රැස් කරනවා.

  • බයිබල් පද එස. 38:18-23; දානි. 2:34, 35, 44, 45; එළි. 6:2; 16:14, 16; 17:14; 19:20

    අනාවැකිය ‘සුදු පැහැති අශ්වයෙකු පිට ඉඳගෙන සිටින තැනැත්තා’ ගොග්ව සහ ඔහුගේ හමුදාව විනාශ කරලා ‘සම්පූර්ණ ජයග්‍රහණයක් ලබනවා.’ ‘මෘගයාව දැවෙන ගිනිවිලට හෙළනවා.’ විශාල රූපය සුනුවිසුනු කරනවා.

    ඉටු වීම දේවරාජ්‍යයේ රජ වන යේසුස් දෙවියන්ගේ සෙනඟව බේරගන්නවා. යේසුස් සහ ඔහු එක්ක පාලනය කරන 1,44,000දෙනාත් දේවදූතයනුත් ජාතීන්ගේ එකතුව විනාශ කරනවා. සාතන්ගේ දුෂ්ට සමාජයේ අවසානය ඒකයි.