නොසන්සුන් ලොවක
2 | ජීවනෝපාය රැකගන්න
ඒක වැදගත් වෙන්නේ ඇයි?
එදා වේල හොයාගන්නත් අද හුඟක් අය ලොකු සටනක් කරනවා. ලෝකෙ නොසන්සුන් දේවල් වෙද්දී ඒ සටන තවත් අමාරු වෙනවා. ඒ ඇයි?
-
කලබලකාරී කාලවල ජීවන වියදම එහෙ බලලා මෙහෙ බලද්දී වැඩි වෙන්න පුළුවන්.
-
රස්සා නැති වෙන්න පුළුවන්. පඩි අඩු වෙන්න පුළුවන්.
-
ස්වාභාවික විපත් නිසා ව්‍යාපාර සහ ගෙවල් දොරවල් විනාශ වෙලා මිනිස්සු පාරට වැටෙන්න පුළුවන්.
දැනගන්න ඕන දේ
-
දැන් තියාම සල්ලි ඥානවන්තව පාවිච්චි කළොත් නොසන්සුන් දේවලට මුහුණ දෙන්න ඒක ඔයාට උදව් වෙයි.
-
සල්ලි හැම දේකටම විසඳුම නෙමෙයි කියලත් මතක තියාගන්න. ලැබෙන ආදායම, ඉතුරු කරපු සල්ලි, දේපළ නොහිතන වෙලාවක නැති වෙන්න පුළුවන්.
-
පවුලේ සතුට, සමඟිය වගේ දේවල් සල්ලිවලට ගන්න බැහැ.
කරන්න පුළුවන් දේ
බයිබලයේ මෙහෙම කියනවා: “අපට කෑම බීම, ඇඳුම්පැළඳුම් සහ ඉඳුම්හිටුම් ඇත්නම් අපි ඒ දේවලින් සෑහීමට පත් වෙමු.”—1 තිමෝති 6:8.
සෑහීමට පත් වෙන කෙනෙක් කැමති දේවල් සහ අත්‍යවශ්‍ය දේවල් අතර වෙනස තේරුම්ගන්නවා. ආදායම අඩු කාලවල එහෙම කරන එක හරිම වැදගත්.
අත්‍යවශ්‍ය දේවලින් සෑහීමට පත් වෙන්න නම් ඔයා ජීවත් වෙන විදිහේ සමහර වෙනස්කම් කරගන්න වෙයි. ආදායමට වඩා වියදම වැඩි නම් ඒකෙන් වෙන්නේ තත්වය තවත් දරුණු වෙන එකයි.