Skip to content

පටුනට යන්න

අධ්‍යයනයට යෝජනාවක්!

අධ්‍යයනයට යෝජනාවක්!

අපේ සහෝදර සහෝදරියන්ගේ ජීවිත කතා කියවන්න ඔයා ආසද?

එක යුවළක් හැමදාම උදේට ජීවිත කතාවක් කියවන්න පුරුදු වෙලා හිටියා. එයාලා මෙහෙම කියනවා. “ඒවා කියවද්දී හිත සතුටින් පිරිලා යනවා. හිතට පුදුම හයියක් දැනෙන්නේ. ඕනම අමාරු දේකදී දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අපිටත් පුළුවන් කියලා ඒ අද්දැකීම් අපිට මතක් කරනවා.” තවත් සහෝදරියක් මෙහෙම කියනවා. “එයාලාගේ ජීවිත ඔහේ ගෙවෙන්නේ නෑ, ඒවාට වටිනාකමක් තියෙනවා. මොකද වටින දෙයක් වෙනුවෙන් තමයි එයාලා ජීවිතේ කැප කරලා තියෙන්නේ. ඒ අද්දැකීම් කියවද්දී දැනෙන්නේ පුදුම සහනයක්. ඇත්තම කිව්වොත් ඒවා නිසා තමයි සේවේ කරන්න මට තිබ්බ ආසාවත් වැඩි වුණේ. මට ඕනෙ මගේ දරුවොත් කවදා හරි යෙහෝවාට පූර්ණකාලීනව සේවේ කරනවා දකින්න.”

යෙහෝවා දෙවියන්ට කරන සේවේ තවත් වැඩි කරන්න, දුර්වලකම්වලින් ගොඩ එන්න, කඳු වගේ බාධා සතුටින් ජය ගන්න ඔයාට උදව් කරන්න ඒ ජීවිත කතාවලට පුළුවන්. ඒත් කොහෙද මේ ජීවිත කතා තියෙන්නේ?

  • jw.org වෙබ් අඩවියේ සහ ‘JW ලයිබ්‍රරි’ ඇප් එකේ තියෙන “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජීවිත කතා” කියන කොටසෙන් ඒවා හොයාගන්න පුළුවන්.

  • “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජීවිත කතා” ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එකෙත් තියෙනවා.