Skip to content

පටුනට යන්න

අධ්‍යයනයට යෝජනාවක්!

අධ්‍යයනයට යෝජනාවක්!

වැදගත් දේට මුල් තැන දෙන්න

කාර්යබහුල වුණත් ප්‍රයෝජනවත් විදිහට බයිබලේ අධ්‍යයනය කරන්නේ කොහොමද? (1) හොඳට කාලේ අරන් අධ්‍යයනය කරන්න. ඔයාට තියෙන්නේ පොඩි වෙලාවක් නම් ගොඩක් තොරතුරු කියවනවාට වඩා හොඳට වෙලාව අරන් පොඩි කොටසක් කියවන්න. එතකොට ලැබෙන ප්‍රයෝජන වැඩියි.

(2) වඩා වැදගත් දේට මුල් තැන දෙන්න. (එෆී. 5:15, 16) ඒකට මේ යෝජනා ඔයාට උදව් වෙයි.

  • හැමදාම බයිබලේ කියවන්න. (ගීතා. 1:2) සති මැද රැස්වීමේ ඒ සතියට අදාළ බයිබල් කියවීමේ කොටසෙන් පටන්ගන්න ඔයාට පුළුවන්.

  • ‘මුරටැඹ’ ලිපියට සහ සති මැද රැස්වීමට හොඳට ලෑස්ති වෙන්න. උත්තර දෙන්න බලාගෙන යන්න.—ගීතා. 22:22.

  • ඔයාට කාලේ තියෙන විදිහට jw.org වෙබ් අඩවියේ පළ වෙන අනිත් සඟරා, පොත්, වීඩියෝ සහ ලිපි බලන්න.

  • විෂයක් තෝරගෙන ඒ ගැන අධ්‍යයනය කරන්න. අභියෝගයක් ගැන, ඔයාගේ හිතට එන ප්‍රශ්නයක් ගැන, අවබෝධය තවත් වැඩි කරගන්න ඕනෙ බයිබල් ඉගැන්වීමක් ගැන අධ්‍යයනය කරන්න ඔයාට පුළුවන්. jw.org වෙබ් අඩවියේ තියෙන “සතුටක් ලැබිය හැකි ක්‍රියාකාරකම්” කියන කොටසෙන් තව යෝජනා හොයාගන්න ඔයාට පුළුවන්.