Skip to content

පටුනට යන්න

ගවේෂණයට යෝජනාවක්!

ගවේෂණයට යෝජනාවක්!

පොඩ්ඩන්ගේ ක්‍රියාකාරකම්

යෙහෝවා දෙවියන් ගැන දරුවන්ට කියලා දෙන්න දෙමාපියන්ට ලොකු වගකීමක් තියෙනවා. (එෆී. 6:4) ඒකට උදව්වක් විදිහට යෙහෝවා දෙවියන්ගේ සංවිධානයෙන් දෙමාපියන්ට හුඟක් දේවල් දීලා තියෙනවා. ඒත් ඒවා පාවිච්චි කරලා දරුවන්ට උගන්වන්න පුළුවන් කොහොමද?

  • JW.ORG වෙබ් අඩවියට යන්න. ඒකේ යෞවනයන් වෙනුවෙන් සංවිධානයෙන් දීලා තියෙන හැම දෙයක්ම තියෙනවා. ඒවාට වීඩියෝ සහ ක්‍රියාකාරකම් ඇතුළත්. a ඒවා හොයාගන්න “සොයන්න” කියන තැන “දරුවන්” කියලා හරි “යෞවනයන්” කියලා හරි ටයිප් කරන්න.

  • දරුවාට ගැළපෙන දේ තෝරගන්න. “දරුවන්” කියන කොටස යටතේ වීඩියෝ, සිංදු සහ වෙබ් ලිපි තියෙනවා. ඒවායින් දරුවාට වැඩියෙන්ම ගැළපෙන ඒවා තෝරගන්න. උදාහරණෙකට “පවුලේ නමස්කාරය සඳහා” කියන කොටස බලන්න.

  • දරුවාට කාලේ දෙන්න. දරුවාව එක තැන තියාගන්න ඕනෙ නිසා නිකම්ම වීඩියෝ බලන්න, ක්‍රියාකාරකම් කරන්න දෙන්න එපා. ඒ වෙනුවට ඒ දේවල් ගැන දරුවාත් එක්ක කතා කරන්න. එහෙම කරලා යෙහෝවාට ළං වෙන්න එයාට උදව් කරන්න.

a මේ වෙද්දී යෞවනයන් වෙනුවෙන් මුදාහැරිය හැම වීඩියෝ එකක්ම ‘JW ලයිබ්‍රරි’ ඇප් එකේ තියෙනවා. හැබැයි ක්‍රියාකාරකම් හැම එකක්ම ඒකේ නැහැ.