අනිත් අයට පෙන්නන ගෞරවයට වෙච්ච දෙයක්!
අනිත් අයට ගෞරව කරන එක එච්චරම වැදගත්ද?
ගෞරවය පෙන්නනවා නම් ප්‍රශ්න පොරොවෙන් කපන්න වෙන තැනට යන්නේ නැහැ.
-
බයිබලයේ මෙහෙම කියනවා. “කාරුණික උත්තරයකින් කේන්තිය නිවිලා යයි. ඒත් සැරපරුෂ වචනයකින් කේන්තිය ඇවිස්සෙයි.” (හිතෝපදේශ 15:1) ගරුසරුවක් නැතුව කතා කරන එක, වැඩ කරන එක හරියට ගින්නට පිදුරු දානවා වගේ. ඒකෙන් වෙන්නේ ප්‍රශ්න දුර දිග යන එක විතරයි.
-
යේසුස් මෙහෙම කිව්වා. “කෙනෙක්ගේ කටින් පිට වෙන්නේ එයාගේ හිතේ පිරිලා තියෙන දේවල්.” (මතෙව් 12:34) ඇත්තටම කෙනෙක් අගෞරවනීය විදිහට කතා කරද්දී එයාගේ හිතේ තත්වය ඒකෙන් එළියට එනවා. තමන්ට වඩා වෙනස් පසුබිම්වල, ජාතිවල අය ගැන එයාට හැඟෙන දැනෙන විදිහ පැහැදිලි වෙනවා.
රටවල් 28ක ඉන්න 32,000කට වැඩිදෙනෙක් සහභාගි කරගෙන ගෞරවයට හිමි වෙලා තියෙන තැන ගැන සමීක්ෂණයක් කළා. සියයට 65ක්ම කිව්වේ මිනිස් ඉතිහාසයේ වෙන කිසිම දවසක නොවූ විදිහට ගෞරවය පෙන්නන එක අද පහත්ම අඩියට වැටිලා කියලයි.
ඔයාට කරන්න පුළුවන් දේ
ඉස්කෝලේදී, වැඩපොළේදී හම්බ වෙන හැමෝටම එක වගේ ගෞරවය පෙන්නන්න. වෙනස් අදහස් තියෙන අයට වුණත් ගරු කරන්න. අනිත් අය එක්ක එකඟ වෙන්න පුළුවන් දේවල් අඳුරගන්න. ඒක ඔයාට උදව් වෙයි එයාලා දිහා වපර ඇහෙන් බලන්නේ නැතුව ගෞරවය පෙන්නන්න.
අනිත් අය ඔයාට සලකනවාට කැමති කොහොමද? ඒ විදිහටම එයාලටත් සලකන්න. ඔයා ආදරෙන්, ගෞරවෙන් අනිත් අයට සැලකුවොත් එයාලත් ඔයාට ඒ හැන්දෙන්ම බෙදයි.
සමාව දෙන්න ඉක්මන් වෙන්න. කෙනෙක් දෙයක් කිව්වේ එහෙම නැත්නම් කළේ වැරදි අදහසින් කියලා සැක කරන්න ඉක්මන් වෙන්න එපා. ඒ වගේ වෙලාවට සැකයේ වාසිය එයාට දෙන්න.
ගෞරවයට දිරි දෙන සෙනඟක්!
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැමෝටම ගෞරවය පෙන්නන්න මුල් පියවර ගන්නවා.
අපි අය කිරීමක් නැතුව බයිබලය ගැන කියලා දෙනවා. ඒත් අපි කාටවත් අපි විශ්වාස කරන දේවල් පිළිගන්න කියලා බල කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි බයිබලය ගැන කියලා දෙද්දී ‘කාරුණිකව සහ ගෞරවනීය’ විදහටයි ඒක කරන්නේ.—1 පේතෘස් 3:15; 2 තිමෝති 2:24.
අපි හැමෝටම එක වගේ සලකනවා. හැම තරාතිරමකම අයව අපි අපේ රැස්වීම්වලට පිළිගන්නවා. වෙනස්කම් බාධාවක් කරගන්නේ නැතුව “හැම පසුබිමකටම අයිති මිනිස්සුන්ට ගෞරව කරන්න” අපි උත්සාහ කරනවා.—1 පේතෘස් 2:17.
අපි බලධාරීන්ට ගරු කරනවා. (රෝම 13:1) අපි නීතිගරුක, බදු ගෙවන එක පැහැරහරින්නේ නැති සෙනඟක්. අපි දේශපාලන කාරණාවලට සම්බන්ධ වෙන්නෙත් නැහැ. ඒත් අනිත් අයට ඒ සම්බන්ධයෙන් තීරණ ගන්න තියෙන අයිතියට අපි ගරු කරනවා.