අධ්‍යයනයට දෙයක්!
දෙවියන්ව සතුටු කරන්න කැමති අය හොඳ තීරණ ගන්නවා
ඒසව් සහ යාකොබ් හොඳ තීරණ ගත්තාද කියලා දැනගන්න උත්පත්ති 25:29-34 කියවන්න.
ඒ සිද්ධියේ වටපිටාව ගැන හිතන්න. ඒක වෙන්න කලින් වුණේ මොකක්ද? (උත්. 25:20-28) ඊටපස්සේ වුණේ මොකක්ද?—උත්. 27:1-46.
පොඩි පොඩි තොරතුරු හොයන්න. ඒ කාලේ කුලුඳුල් පුතාට තිබුණ වගකීම් සහ අයිතිවාසිකම් මොනවාද?—උත්. 18:18, 19; w10 5/1 13.
-
ගැලවුම්කරුගේ පෙළපතට අයිති වුණේ කුලුඳුලන් විතරද? (w17.12 14-15)
ඉගෙනගන්න පුළුවන් පාඩම් අඳුරගෙන ඒවා අදාළ කරගන්න. කුලුඳුල්කම ගැන ඒසව්ට වඩා වැඩි අගයක් යාකොබ්ට තිබ්බේ ඇයි? (හෙබ්‍රෙ. 12:16, 17; w03 10/15 28-29) මේ අයියා මලෝ දෙන්නා ගැන යෙහෝවාට හැඟුණේ කොහොමද? (මලා. 1:2, 3) හොඳ තීරණ ගන්න නම් ඒසව්ට කරන්න තිබුණේ මොනවාද?
-
මේ ගැන හිතන්න. ‘සතියේ වැඩ සැලසුම් කරද්දී පවුලේ නමස්කාරයයි, යෙහෝවාට කරන අනිත් දේවලුයි වැදගත් කියලා පෙන්නන්න මට පුළුවන් කොහොමද?’