සියවසකට පෙර - 1924
1924 ජනවාරි ‘බුලටින්’ පත්‍රිකාවේ තිබුණා “බව්තීස්ම වුණ හැම ක්රිස්තියානියෙක්ටම සේවේ වැඩි කරන්න පුළුවන් විදි හොයාගන්න මේක තමයි කාලේ” කියලා. ඉතිං ඔය අවුරුද්ද ගෙවීගෙන යද්දී බයිබල් ශිෂ්‍යයන් ධෛර්යවන්තව දේශනා කළා. දේශනා කරන අලුත් විදිත් හොයාගත්තා. a
රේඩියෝවෙන් ශුභාරංචිය
නිව් යෝර්ක් ස්ටැටන් අයිලන්ඩ්වල WBBR රේඩියෝ මධ්‍යස්ථානයක් ඉදි කරන්න සහෝදරයෝ අවුරුද්දකට වඩා කාලයක් මහන්සි වුණා. රේඩියෝ මධ්‍යස්ථානයේ වැඩ කරන අයට නවතින්න තැනකුයි, ඒකේ බඩු තියාගන්න තැනකුයි හදන්න වුණා. ඒ නිසා එයාලා ඉඩමක් අරන් ඒකේ ගස් කපලා, එළිපෙහෙළි කරලා තැනක් හදාගත්තා. ඊළඟට එයාලට කරන්න තිබුණේ එයාලාගේ ගුවන්විදුලි විකාශය “ගුවනට එක් කරන” එකයි. හැබැයි ඒක හිතපු තරම් ලේසි වුණේ නෑ. ඒක කරන්න වුණේ බාධා ගොඩක් මැද්දේ.
විකාශනයට ඕන කරන ඇන්ටනාව හයි කරගන්න එක සෑහෙන අමාරු වුණා. මොකද ඒක මීටර් 91ක් උසයි. ඒක රඳවන්න තිබුණේ මීටර් 61ක් දිග පොලු දෙකක් මැද්දේ. පළවෙනි උත්සාහයම අසාර්ථකයි. ඒත් යෙහෝවාගේ උදව් විශ්වාස කරපු නිසා සහෝදරයෝ අන්තිමේට ඒ වැඩේ කරගත්තා. ඒ ව්‍යාපෘතියේ වැඩ කරපු සහෝදර කැල්වින් ප්‍රොසර් මෙහෙම කියනවා. “අපි එක පාරින්ම ඔය වැඩේ කරගත්තා නං අපි අපිවම උඩින් තියාගන්න ඉඩ තිබුණා. මොකද අපි කියයි ‘කොහොමද අපේ වැඩේ නියමයි නේද’ කියලා.” සහෝදරයෝ ඒ හැම දේකම ගෞරවය දුන්නේ යෙහෝවාට. ඒත් ප්‍රශ්න එතනින් නතර වුණේ නෑ.
රේඩියෝ විකාශනයේ මුල් කාලේ නිසා ඒකට ඕන කරන බඩු මුට්ටු ගන්න තැන් හරිම අඩුයි. ඉතිං ඒ කිට්ටුව කෙනෙක් හදපු, පාවිච්චි කරපු වොට් 500 ට්‍රාන්ස්මීටරයක් සහෝදරයෝ හොයාගත්තා. මයික්‍රෆෝන් එකක් වෙනුවට එයාලා ගත්තේ සාමාන්‍ය ටෙලිෆෝන් එකක්. පෙබරවාරිවල දවසක් රෑ එයාලට ඕන වුණා මේ ඔක්කොම කෑලි ටික වැඩ කරනවාද කියලා පොඩ්ඩක් චෙක් කරගන්න. ඒත් ඒකට විකාශනය කරන්න වැඩසටහනක් තියෙන්න එපැයි. ඉතිං සහෝදරයෝ වැඩසටහනක් විදිහට ගීතිකා කියන්න පටන්ගත්තා. ඒ අතර හිටපු එර්නස්ට් ලෝ මෙහෙම කියනවා. “ඕක b කෝල් කළා. එයා හිටියේ කිලෝමීටර් 25ක් විතර එහා බෘක්ලින්වල.”
රේඩියෝ එකෙන් අහන් ඉඳලා සහෝදර රදර්ෆර්ඩ්සහෝදර රදර්ෆර්ඩ් කිව්වා “ඔය ඇඬියාව නවත්තන්න! මේක හරියට පූසෝ රොත්තක් පොරකනවා වගේනේ” කියලා. ඕක අහලා ලැජ්ජ හිතුණ සහෝදරයෝ ටක් ගාලා ට්‍රාන්ස්මීටරේ වහලා දැම්මා. හැබැයි ඒගොල්ලන්ට තේරුණා වැඩේ නං සාර්ථකයි කියලා.
“යේසුස් භාර දුන්න වැඩේ කරන්න මේ රේඩියෝ විකාශනය අපි පාවිච්චි කරන්න යනවා” කියලා සහෝදර රදර්ෆර්ඩ් 1924 පෙබරවාරි 24 නිල වශයෙන් දැනුම් දුන්නා. ඒකේ අරමුණ ගැන එයා මෙහෙම කිව්වා. “හැම කෙනෙක්ටම බයිබලේ තියෙන දේවල් තව හොඳින් තේරුම්ගන්නත් අපි ජීවත් වෙන මේ කාලේ තියෙන වැදගත්කම ගැන දැනුම් දෙන්නත් මේ රේඩියෝ විකාශනය අපිට ලොකු පන්නරයක් වෙයි.”
අපේ පළවෙනි රේඩියෝ විකාශනය අතිසාර්ථකයි! ඊළඟ අවුරුදු 33 පුරාවටම WBBR වැඩසටහන අපේ සේවේ ලොකු වැඩ කොටසක් ඉටු කළා.
බය නොවී පූජකයන්ව හෙළා දැක්කා
ජූලිවල බයිබල් ශිෂ්‍යයන් කොලොම්බස් ඔහයෝවල සමුළුවක් සංවිධානය කළා. ඒකට ලෝකේ හතර වටෙන්ම කට්ටිය ආවා. ඒකේ අරාබි, ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මානු, ග්‍රීක, හංගේරියානු, ඉතාලි, ලිතුවේනියානු, පෝලන්ත, රුසියානු, යුක්රේන සහ ස්කැන්ඩිනේවියානු භාෂාවලින් දේශන තිබුණා. ඒ සමුළුවේ සමහර දේශන අපේ රේඩියෝ වැඩසටහනෙනුත් විකාශය වුණා. ‘ඔහයෝ ස්ටේට් ජර්නල්’ පත්තරේට සමුළුවේ හැම දවසක් ගැනම ලියන්නත් සැලසුම් කළා.
ජූලි 24වෙනිදා සමුළුවට ආපු 5,000කට වඩා වැඩිදෙනෙක් සමුළුව තිබුණ පැත්තේ සේවේ ගියා. එයාලා පොත් 30,000ක් විතර බෙදුවා. පාඩම් දහස් ගාණක් පටන්ගත්තා. ‘මුරටැඹ’ සඟරාවේ කියනවා “එදා තමයි සමුළුවේ සතුටුම දවස” කියලා.
ජූලි 25 සිකුරාදා සමුළුවේදී සහෝදර රදර්ෆර්ඩ් එයාගේ දේශනයකදී පූජකයන්ව හෙළා දැකලා තිබුණ ලියුමක් හරිම නිර්භීතව කියෙව්වා. එයා මෙහෙම කිව්වා. “මිනිස්සුන්ට ආශීර්වාද කරන්න දෙවියන් පිහිටවපු රාජ්‍යය ගැන දැනගන්න එකෙන් දේශපාලනික, ආගමික, ව්‍යාපාරික ලෝකේ බලවත්තු මිනිස්සුන්ව වළක්වලා තියනවා. එයාලා කරන දේ වැරදියි. එයාලා සහය දෙන්නේ ජාතීන්ගේ සංගමයට. එයාලා කියනවා ‘මේ ලෝකේ පාලනය කරන්න දෙවියන් පාවිච්චි කරන්නේ
ඒ සංවිධානයයි’ කියලා.” ඒ පණිවිඩේ මිනිස්සු අතරට ගෙනියන්න බයිබල් ශිෂ්‍යයන්ට ලොකු නිර්භීතකමක් අවශ්‍ය වුණා.පස්සේ කාලෙක ඒ සමුළුව ගැන ‘මුරටැඹ’ සඟරාවේ මෙහෙම තිබුණා. “සමුළුව නිසා සහෝදරයන්ගේ විශ්වාසය, උද්යෝගය තව වැඩි වුණා. මොන විරුද්ධවාදිකම් ආවත් සේවේ කරන්න ඕන ශක්තිය, ධෛර්යය ඒ සමුළුවෙන් එයාලට ලැබුණා.” ඒ සමුළුවට ගිය සහෝදර ලියෝ ක්ලවුස් කියනවා “සමුළුවෙන් පස්සේ ඒ පණිවිඩේ අපේ පැත්තතේ දේශනා කරන්න අපි හිටියේ නොඉවසිල්ලෙන්” කියලා.
ඔක්තෝබර් වෙද්දී බයිබල් ශිෂ්‍යයන් ‘එක්ලිසිඇස්ටික්ස් ඉන්ඩයිටඩ්’ පත්‍රිකා මිලියන ගාණක් බෙදන්න පටන්ගත්තා. ඒකේ තිබුණේ සහෝදර රදර්ෆර්ඩ් සමුළුවේදී පූජකයන්ට විරුද්ධව කියපු පණිවිඩේ. ඔක්ලහෝමාවල පොඩි ටවුන් එකක ෆ්රෑන්ක් ජොන්සන් සේවේ ගියා. සහෝදරයන් එයාව ගන්න එන්න විනාඩි 20කට කලින්ම එයා ඒ පැත්තේ පත්‍රිකා බෙදලා ඉවර කළා. ඒ නිසා මිනිස්සු ඇවිස්සිලා කවුද දේශනා කළේ කියලා හොයහොය හිටියේ. ඉතිං එයා හිතුවා ළඟම තියෙන පල්ලියට ගිහින් හැංගෙන්න. පල්ලියට ගියාමයි දැක්කේ ඒකේ කවුරුත් නෑ කියලා. ඉතිං එයා පල්ලියේ හැම බංකුවකමයි, පූජකයාගේ බයිබලේ අස්සටයි පත්‍රිකා දැම්මා. ඒ කරලා ගියාට වඩා ඉක්මනින් පල්ලියෙන් එළියට ආවා. තවත් වෙලා තිබ්බ නිසා එයා තව පල්ලි දෙකකටම ගිහින් ඔය වැඩේම කළා.
ඊටපස්සේ එයා සහෝදරයෝ එයාව ගන්න එනවා කියලා කියපු තැනට ගියා. ඒ ගිහින් පෙට්‍රල් ෂෙඩ් එකක් ළඟ හැංගිලා එයාව අල්ලගන්න එන මිනිස්සු කොහෙද කියලා බලබල හිටියේ. ඒ මිනිස්සු එතනට ආවත් එයාව දැක්කේ නැතුව පහු කරගෙන ගියා. ඒත් එක්කම එයාව ගන්න එනවා කියපු සහෝදරයෝ ඇවිල්ලා එයාව එක්කං ගියා. ඒගොල්ලොත් ඒ ළඟපාත සේවේ කරලා එන ගමන්.
එදා සේවේ ගිය සහෝදරයෙක් මෙහෙම කිව්වා. “ඒ පැත්තෙන් එද්දී අපි පල්ලි තුනක්ම පහු කළා. ඒ හැම පල්ලියකම අඩුම ගාණේ මිනිස්සු 50වත් එළියේ හිටන් හිටියා. සමහරු පත්‍රිකාව අතට අරන් කියවනවා. තව අය ඒක පූජකයාට පෙන්නනවා. එදා අපි බේරුණේ නූලෙන්! අපිව ආරක්ෂා කරපු එකටයි, අහු වෙන්නේ නැතුව පණිවිඩේ කියන්න දුන්න එකටයි අපි යෙහෝවාට ගොඩක් ස්තුති කළා.”
ධෛර්යය අනිත් රටවලටත් බෝ වුණා
අනිත් රටවල්වල බයිබල් ශිෂ්‍යයන්ටත් ඒ ධෛර්යය බෝ වුණා. ප්‍රංශයේ උතුරු පැත්තේ හිටපු සහෝදර ජෝසෆ් ක්‍රෙට් පෝලන්තයෙන් ආපු පතල්කරුවන්ට දේශනා කළා. එයා “මිය ගිය අයගේ නැවත නැඟිටීම ළඟයි” කියලා දේශනයක් දෙන්න ලෑස්ති කරලයි තිබුණේ. ඒ පැත්තේ අයට දේශනයට එන්න කියලා සහෝදර සහෝදරියන් ආරාධනා කළා. ඒත් පූජකයා පල්ලියේ අයට කියලා තිබුණා යන්න එපා කියලා. හැබැයි වුණේ ඒකේ අනිත් පැත්ත. 5,000කට වඩා වැඩිදෙනෙක් එදා ඒ දේශනයට ආවා. අර පූජකයාත් ආවා. සහෝදර ක්‍රෙට් පූජකයාට කිව්වා “ඔයාගේ විශ්වාසයන් ගැන හැමෝම ඉස්සරහා පැහැදිලි කරන්න” කියලා. හැබැයි පූජකයා ඒකට කැමති වුණේ නෑ. දේශනය ඉවර වුණාම සහෝදර ක්‍රෙට් එයා ගාව තිබුණ පොත් පත් ඔක්කොම හිටපු අයට බෙදලා දුන්නා. මොකද ඒ මිනිස්සු හිටියේ දෙවියන්ගේ පණිවිඩේ දැනගන්න ලොකු පිපාසෙකින්.—ආමොස් 8:11.
ඔය කාලේ අප්‍රිකාවේ ගෝල්ඩ් කෝස්ට්වලට (ඝානාවට) සහෝදර ක්ලෝඩ් බ්‍රවුන් සත්‍යය අරන් ගියා. එයා දීපු දේශන, බෙදලා දීපු පොත් පත් නිසා රට පුරාම හරිම ඉක්මනට සත්‍යය පැතිරුණා. එයාගේ දේශනයකට ගිය කෙනෙක් තමයි ජෝන් බ්ලැංක්සන් කියන්නේ. එයා ෆාමසි කෝස් එකක් කරකර හිටියේ. දේශනය අහපු ගමන් එයාට තේරුම් ගියා මේක තමයි සත්‍යය කියලා. ජෝන් මෙහෙම කියනවා “සත්‍යය දැනගත්තාම මගේ සතුට
ඉහවහා ගියා. මං කෝස් එක කරන තැන හිටපු හැමෝටම සත්‍යය ගැන කිව්වා.”ජෝන් බයිබලය ඉගෙනගද්දී දැනගත්තා දෙවියන් කියන්නේ ත්‍රිත්වයක් නෙවෙයි කියලා. ඉතිං දවසක් එයා එංගලන්ත සභාවේ පූජකයෙක්ව හම්බ වෙන්න ගිහින් ඔය ගැන ඇහුවා. පූජකයාට හොඳටම කේන්ති ගිහිං කෑගහලා බැන්නා “ඔයා ක්‍රිස්තියානියෙක් නෙවෙයි, යක්ෂයාට අයිති එකෙක්. යනවා යන්න මෙතනින්” කියලා.
ජෝන් ගෙදර ගිහින් පූජකයාට ලියුමක් ලිව්වා. ඒකේ එයා ලිව්වා “හැමෝම ඉන්න තැනකට ඇවිල්ලා අපි ත්‍රිත්වය ගැන කතා කරමු” කියලා. පූජකයා එයාට කිව්වා “ඔයා ඉගෙනගන්න තැන ප්‍රධානියාගේ ඔෆිස් එකට එන්න” කියලා. ඔෆිස් එකට ගියාම ප්‍රධානියා ජෝන්ගෙන් ඇහුවා “ඔයා ඇත්තටම පූජකයාට ලියුමක් ලිව්වාද” කියලා.
“ඔව් මං ලිව්වා සර්” කියලා ජෝන් කිව්වා.
ප්‍රධානියා කිව්වා “සමාව ඉල්ලලා පූජකයාට ලියුමක් ලියන්න” කියලා. ජෝන් මෙහෙම ලිව්වා.
“සර්, අපේ ඉස්කෝලේ ප්‍රධානියා මට කිව්වා සමාව ඉල්ලලා ඔයාට ලියුමක් ලියන්න කියලා. ඔයා උගන්නන්නේ බොරු දේවල් කියලා ඔයා පිළිගන්නවා නං මං ඔයාගෙන් සමාව ගන්න ලෑස්තියි.”
ප්‍රධානියා පුදුම වෙලා මෙහෙම ඇහුවා. “බ්ලැංක්සන් ඔයා මෙහෙමද සමාව ඉල්ලන්නේ” කියලා.
“ඔව් සර්. මේක තමයි මට කියන්න තියෙන්නේ.”
“ඔයාව මෙහෙන් අස් කරනවා. ආණ්ඩුවෙන් පිළිගත්ත පල්ලියක ඉන්න පූජකයෙක්ට ඔයා කතා කරන්නේ මෙහෙම නං ඔයාට ආණ්ඩුවේ ඉස්කෝලෙක ඉන්නත් බෑ.”
“ඒත් සර්, ඔයා අපිට පාඩමක් කියලා දෙද්දී අපිට තැනක් තේරුණේ නැත්තං අපි ප්‍රශ්නයක් අහන එක වැරදිද?”
“නෑ, ඒකේ කිසි වරදක් නෑ.”
“ඉතිං ඒකම තමයි සර් මෙතනත් වුණේ. එයා බයිබලේ තියෙන දේවල් ඉගැන්නුවා. මං ඒ ගැන ප්‍රශ්නයක් ඇහුවා. එයාට ඒකට උත්තර දෙන්න බැරි එකට මං ඇයි එයාගෙන් සමාව ඉල්ලන්නේ?”
අන්තිමේදී බ්ලැංක්සන්ව අස් කළෙත් නෑ. සමාව ඉල්ලලා එයා ලියුමක් ලිව්වෙත් නෑ.
අනාගතේට වැඩ ගොන්නක්!
ඒ අවුරුද්දේ සිද්ධ වෙච්ච දේවල් ගැන ‘මුරටැඹ’ සඟරාවේ මෙහෙම කියනවා. “අපිටත් පුළුවන් දාවිත් වගේ ‘ඔබ මාගේ ඉඟටිය, ශක්තිය නමැති පටියෙන් බැඳ මාව සටනට සූදානම් කරන්නේය’ කියලා කියන්න. (ගීතාවලිය 18:39) ඒ අවුරුද්ද අපේ සහෝදර සහෝදරියන්ට ලොකු දිරිගැන්වීමක් වුණා. මොකද එයාලා දැක්කා ස්වාමීන් පවරපු මේ වැඩේ කරන්න ඔහු අපිට අත දීපු විදිහ. ඒ නිසා ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් හරිම සතුටින් ශුභාරංචිය දේශනා කළා.”
අවුරුද්දේ අන්තිම හරියට එද්දී සහෝදරයෝ රේඩියෝ එකෙන් දේශනා කරන වැඩේ තව පුළුල් කළා. එයාලා චිකාගෝවලට කිට්ටුව තව අලුත් ගුවන්විදුලි මධ්‍යස්ථානයක වැඩ පටන්ගත්තා. ඒක හැඳින්නුවේ ‘වර්ඩ්’ කියලා. ඒකට පාවිච්චි කරලා තිබුණේ වොට් 5,000ක ට්‍රාන්ස්මීටරයක්. ඒ නිසා එයාලට පුළුවන් වුණා රාජ්‍ය පණිවිඩේ ගව් ගාණක් ඈතට විහිදුවන්න. කොටින්ම කිව්වොත් ඒකෙන් උතුරු කැනඩාවට පවා ශුභාරංචිය ගියා.
1925 වෙද්දී එළිදරව් 12වෙනි පරිච්ඡේදය ගැන කලින් තිබුණ අවබෝධය තව පැහැදිලි වුණා. ඒ වෙනස නිසා සමහර අය සත්‍යය අත්හැරලා ගියා. ඒත් ස්වර්ගයේ මොනවාද වෙන්නේ, ඒක අපිට බලපාන්නේ කොහොමද කියලා දැනගත්ත නිසා ගොඩදෙනෙක්ගේ හිත් සතුටින් පිරුණා.