බයිබලෙන් අදහසක්!
ඔයාට විශ්වාසයක් තියෙනවාද?
යෙහෝවාව සතුටු කරන්න නම් විශ්වාසය තියෙන්නම ඕනේ. හැබැයි බයිබලේ කියනවා “සියලුදෙනා තුළ විශ්වාසය නැත” කියලා. (2 තෙස. 3:2) පාවුල් එතන කතා කළේ එයාට විරුද්ධවාදිකම් ගෙනාපු “හිංසාකාරී දුෂ්ට” මිනිස්සු ගැන. හැබැයි එයා කියපු දේ තවත් අයට අදාළයි. සමහර මිනිස්සු හැම දෙයක්ම හදපු දෙවි කෙනෙක් ඉන්නවා කියන්න පැහැදිලි සාක්ෂි දැකදැකත් ඒක විශ්වාස කරන්නේ නැහැ. (රෝම 1:20) තවත් අය අපිට වඩා බලවත් කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්නවා. හැබැයි නිකම්ම ඒක පිළිගන්න එකෙන් එයාලට දෙවියන් ගැන විශ්වාසය තියනවා කියන්න බැහැ.
යෙහෝවා ඉන්නවා කියලත් ඔහුගේ මඟ පෙන්වීම් පතන අයට ඔහු ආශීර්වාද කරනවා කියලත් අපි 100%ක් විශ්වාස කරන්න ඕනේ. (හෙබ්‍රෙ. 11:6) විශ්වාසය කියන්නේ දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංගයක්. ඒ නිසා අපි යාච්ඤා කරලා දෙවියන්ගෙන් බලය ඉල්ලන්න ඕනේ. (ලූක් 11:9, 10, 13) යෙහෝවාගේ බලය ලබාගන්න පුළුවන් තව විදිහක් තමයි බයිබලේ අධ්‍යයනය කරන එක. හැබැයි අධ්‍යයනය කරලා විතරක් මදි, අපි ඒ තොරතුරු ගැන ගැඹුරින් හිතලා ඒවා ජීවිතේට අදාළ කරගන්නත් ඕනේ. එහෙම කරද්දී අපිට විශ්වාසයක් තියෙනවා කියලා පැහැදිලි වෙන විදිහට ජීවත් වෙන්න අපිට උදව් කරන්න අපි යෙහෝවාගේ බලයට ඉඩ දෙනවා.